• Ada Derana BIZ Sinhala
  • Lanka IOC
  • SERVO ecoPLUS
  • Spectrum Trading Company
  • sri lanka

Spectrum Trading Company සහ Lanka IOC වෙතින් පරිසර හිතකාමී SERVO ecoPLUS වෙළඳපොලට

December, 12, 2022

කීර්තිමත් Stafford සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන Spectrum Trading Company (Pvt) Ltd විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති සමාගමක් වන Lanka IOC සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම සම සන්නාමගත, දේශීයව නිෂ්පාදිත ලිහිසි තෙල් සන්නාමය වන SERVO ecoPLUS පසුගියදා  එළිදක්වන ලදී. SERVO ecoPLUS යනු උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකින් යුත් ලිහිසි තෙල් වෙනුවෙන් දේශීය වෙළඳපොලෙහි පවතින අවශ්‍යතාවය සපුරාලීම උදෙසා නිෂ්පාදනය කරන ලද ලිහිසි තෙල් වර්ගයකි.

Spectrum Trading Co. (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. "අප විසින් ලංකා IOC සමඟ ඇති කරගත් මේ හවුල්කාරිත්වය ඉදිරි වසර ගණනක් පුරාවට අපට යහපත් ප්‍රතිථල ලබාදෙන බව මට විශ්වාසයි. මෙම SERVO ecoPLUS  මඟින් වර්තමානයේ වෙළඳපොල තුල උසස් තත්ත්වයේ, දැරිය හැකි මිලක ලිහිසි තෙල් සඳහා පවතින අඩුව පුරවනවා. SERVO දේශීයව නිෂ්පාදනය කරන අතරම පෙට්‍රල් සහ ඩීසල් වාහනවලට එකසේ යොදා ගත හැකි වීම,  වෙළඳපොලේ ඇති අනෙකුත් බොහෝ ලිහිසි තෙල් වලින් එය වෙනස් කොට දක්වන්න පුළුවන්. මෙම හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කරමින් ඉදිරියේදී තවත් මෙවැනි නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා.”

Lanka IOC, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බලශක්ති සමාගමක් වන අතර රට තුළ ග්‍රීස් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවන ලද එකම සමාගම වේ. ඔවුන්ගේ ත්‍රිකුණාමලයේ ඇති නවීනතම නිෂ්පාදන කර්මාන්තශාලාව තුල මෝටර් රථ, කාර්මික සහ සමුද්‍ර යන අංශයන් යටතේ SERVO ලිහිසි තෙල් නිෂ්පාදනය කරයි. ecoPLUS දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර එමඟින් රටට විශාල විදේශ විනිමයක් ඉතිරි කරනු ලබයි. Lanka IOC  සෑම විටම ඉතා තරඟකාරී මිල ගණන් යටතේ හොඳම තත්ත්වයේ ලිහිසි තෙල් පිරිනැමීමේ ප්‍රමුඛස්ථානය ගෙන සිටී.