January, 11, 2023
ශ්රී ලංකාවේ ප්රමුඛතම සංවර්ධන මූල්ය සමාගම වන සර්වෝදය සංවර්ධන මූල්ය සමාගම (Sarvodaya Development Finance PLC- SDF), මෙරට ප්රමුඛතම කෘෂිකාර්මික යන්ත්රෝපකරණ සපයන සමාගමක් වන හේලීස් ඇග්රිකල්චර් හෝල්ඩින්ග්ස් (Hayleys Agriculture Holdings Limited - HAHL) සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. කුබෝටා සහ ඊ-කුබෝටා ට්රැක්ටර්, කුබෝටා කම්බයින්ඩ් ගොයම් කපන යන්ත්ර සහ ඇග්රොටෙක් කම්බයින්ඩ් ගොයම් කපන යන්ත්ර සඳහා මූල්ය පහසුකම් සැපයීම මෙම ගිවිසුමෙහි ප්රධාන අරමුණ වේ. මෙය, ග්රාමීය ප්රජාවන් සවිබල ගැන්වීම සඳහා SDF දරන උත්සාහය සහ රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා හේලීස් ලබා දෙන දායකත්වය එක්තැන් කරන පියවරක් වනු ඇත.
මෙම හවුල්කාරීත්වය මගින් කෘෂිකර්මාන්තය නඟා සිටුවීමෙන්, ග්රාමීය ප්රදේශ ඇතුළුව සමස්ත ශ්රී ලංකාවේම ජනතාවට ආර්ථික සංවර්ධනය උදෙසා අවස්ථා රාශියක් උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ යටතේ ගැනුම්කරුවන්ට සිය යන්ත්රෝපකරණ සඳහා අදාළ මූලික ගෙවීම් වෙනුවෙන් විශේෂ වට්ටම් සමඟ ආකර්ෂණීය පොළී අනුපාත යටතේ මූල්ය පහසුකම් හිමිවන අතර, එය සමාජයේ සියලුම තලවල ජනතාවට ප්රතිලාභ සලසන පියවරක් වනු ඇත. මීට අමතරව, අදාළ යන්ත්රෝපකරණවල ප්රථම වර්ෂයේ රක්ෂණය නොමිලේ ලබාදීමටද SDF පියවර ගෙන තිබේ.
රටේ කෘෂිකර්මාන්තය මේ මොහොතේ අභියෝග රාශියකට මුහුණ දෙමින් පැවතියද, SDF හි කෘෂිකර්මාන්තය සඳහා ලබා දී ඇති මූල්ය සේවාවන් පසුගිය මාස කිහිපය තුල පැහැදිලි ප්රගතියක් වාර්තා කර ඇත. මෙමගින් රටෙහි පවතින ආර්ථික අර්බුදයටද විසඳුමක් සැපයෙනු ඇත. මූල්ය සමාගම්හි ඒකාකාරී සීමාවන්ගෙන් ඔබ්බට යමින්, SDF අනුගමනය කරමින් සිටින විකල්ප ආර්ථික මාදිලිය තුලින් ගනුදෙනුකරුවන්ට, මූල්ය සහයෝගය පමණක් නොව තාක්ෂණික සහයන් ඇතුළුව තවත් ප්රතිලාභ රාශියක් හිමි වේ. SDF හි ශක්තීන් යොදා ගනිමින් මෙම මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට SDF සමත් වී ඇති අතර, එමඟින් රට පුරා සිටින ග්රාමීය ප්රජාවන්ට විශාල වශයෙන් ප්රතිලාභ හිමි වී ඇත.
“මෙම හවුල්කාරීත්වය ශ්රී ලාංකීය ග්රාමීය ප්රජාවගේ දියුණුවට උපකාරී වනු ඇතැයි කියා අප සිතනවා. මෙය රටේ කෘෂිකර්මාන්තයේ පුනර්ජීවනයට මෙන්ම එහි පරිවර්තනයක් සිදුකිරීමට ද දායක වේවි. රටේ දියුණුව උදෙසා ඉදිරියටත් මෙවැනි හවුල්කාරීත්වයන් හා ව්යාපෘති ක්රියාවට නැංවීමට අප බලාපොරොත්තු වෙනවා.” සර්වෝදය සංවර්ධන මූල්ය සමාගමේ ප්රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා තවදුරටත් අදහස් දැක්වී ය.
“රටේ ප්රමුඛතම කෘෂි යන්ත්රෝපකරණ සැපයුම්කරු වශයෙන් මේ ආකාරයට සර්වෝදය සංවර්ධන මූල්ය සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹෙමින්, පාරිභෝගිකයන්ට විශිෂ්ට මට්ටමේ මූල්ය විසඳුම් පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්. ලොව විශිෂ්ටතම කෘෂි යන්ත්රෝපකරණ මෙරටට හඳුන්වා දීම සම්බන්ධයෙන් අප විශාල කීර්තියක් දිනා සිටිනවා. වසර ගණනක් පුරාවට කෘෂිකර්මාන්තය වඩාත් කාර්යක්ෂම කිරීමටත් එහි ඵලදායිතාව ඉහළ නැංවීමටත් නව තාක්ෂණයන් හඳුන්වා දීමට අප ආයතනය කටයුතු කළා. ජපානයේ ‘Kubota Corporation’ සහ චීනයේ ‘Zoomlion Agri Machinery’ වැනි ලොව ප්රමුඛ පෙළේ සමාගම් සමග අප පවත්වාගෙන යන හවුල්කාරීත්වයන් තුළින්, දශකයක් පුරා නවතම කෘෂි තාක්ෂණයන් හඳුන්වා දෙමින් මෙරට කෘෂිකර්මාන්තය පරිවර්තනයකට ලක්කිරීමට දායක වී තිබෙනවා.” හේලීස් ඇග්රිකල්චර් හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂිකා ජයන්ති ධර්මසේන මහත්මිය පැවසුවා ය.
ඡායාරූප (වමේ සිට)
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම වෙනුවෙන් -
හේලීස් ඇග්රිකල්චර් හෝල්ඩින්ග්ස් සමාගම වෙනුවෙන් -
September, 16, 2022
ශ්රී ලංකාවේ වී ගොවීන් අතරින් ප්රතිලාභීන් තෝරා ගැනීම සහ පොහොර බෙදා දීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට ශ්රී ලංකාව සහ මාලදිවයින නියෝජිත, විම්ලේන්ද්ර ෂාරන් මහතා සහ කෘෂිකර්ම අමාත්යාංශ ලේකම්, රෝහණ පුෂ්පකුමාර මහතා විසින් අද දින ගරු කෘෂිකර්ම අමාත්ය, මහින්ද අමරවීම මැතිතුමා ඉදිරිපිට දී අත්සන් තබන ලදී.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහභාගීත්වයෙන් ශ්රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරනු වස්, යූරියා සහ ටිපල් සුපර් පොස්පේට් (TSP) පොහොර වී ගොවීන් සඳහා ලබා දීමට කටයුතු කරමින් පවතී. මේ සඳහා අදාල ගොවීන් තෝරාගැනීම හා පොහොර බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්යාංශය සමග අද දින අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.

June, 30, 2022
ශ්රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්රයේ ප්රමුඛයා වන JAT Holdings PLC, පසුගියදා නිවාස සංවර්ධන මූල්ය සංස්ථා බැංකුව (Housing Development Finance Corporation Bank of Sri Lanka - HDFC) සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙය දිවයින පුරා දැව කාර්මිකයන් හා පින්තාරු ශිල්පීන් පුහුණු කිරීම ඉලක්ක කරගත් ‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ වැඩසටහනේ තවත් ඉදිරි පියවරකි. 2022 ජුනි 6 වන දා JAT ශ්රවණාගාරයේදී පැවති මෙම ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයට JAT Holdings PLC සහ HDFC බැංකුව යන පාර්ශ්ව නියෝජනය කරන නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
ශ්රී ලංකාවේ දැව පින්තාරු ශිල්පීන්ගේ හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම සමස්තයක් ලෙස අදාළ ක්ෂේත්ර වල ප්රමිතිය ඉහළ නැංවීම ඉලක්ක කරගත් ‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ වැඩසටහන, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සමග එක්ව ක්රියාවට නංවනු ලැබේ. මෙමගින් දැව කාර්මිකයන්ට හා පින්තාරු ශිල්පීන්ට, තීන්ත ආලේප කිරීමේ නිවැරදි හා වෘත්තීය ක්රමවේදයන් සම්බන්ධයෙන් නිසි පුහුණුවක් ලබමින්, NVQ Level 3 මට්ටමේ සුදුසුකම් සපුරාලීම සඳහා අවස්ථාව ලබා දෙයි. මේ සම්බන්ධ සියලු පිරිවැය දරනුයේ JAT Holdings PLC විසිනි.
JAT Holdings PLC සහ HDFC බැංකුව අතර ඇතිකරගත් හවුල්කාරීත්වය මගින්, මෙම වැඩසටහනට සහභාගී වන පුද්ගලයන්ට තම වෘත්තියට අදාළ කටයුතු සඳහා ණය පහසුකම් ලබාගැනීමටත්, බැංකුවේ නියෝජිතයන් වෙතින් මූල්ය සේවාවන් සම්බන්ධයෙන් දැනුම ලබාගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇත. මෙය ඔවුන්ගේ ව්යාපාර කටයුතු වල දියුණුවට මහඟු පිටිවහලක් වනු නො-අනුමාන ය. සාමාන්යයෙන් මෙබඳු වෘත්තිකයන්ට ණය පහසුකම් ලබාගැනීම දුෂ්කර වන අතර, ක්ෂේත්රයේ පුරෝගාමී වැඩසටහනක් වන මෙම වැඩසටහන ඔවුන්ට වඩාත් පහසුවෙන් මූල්ය සේවාවන් ලබාගනිමින් දියුණුව කරා යාමට සුවිශේෂී අත්වැලක් සපයනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් JAT Holdings PLC හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා කියා සිටියේ, ශ්රී ලංකාවේ පින්තාරු ශිල්පීන් මූල්යමය වශයෙන් සවිබල ගැන්වීම සඳහා HDFC බැංකුව සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. “මීට වසර 30 කට පෙර මා JAT ආරම්භ කළේ, පින්තාරුකරුවන්ට වෘත්තිකයන් බවට පත්වීමට අවශ්ය පසුබිම සකස් කිරීමේ ඉලක්කය මූලික කරගෙනයි. වගකීම් සහගත සමාගමක් වශයෙන්, තරුණ පරපුරේ හැකියාවන් වැඩිදියුණු කරමින්, රට පෙරට රැගෙන යාම සඳහා අවශ්ය ශක්තිය ඔවුන් වෙත ලබාදීමට අප කටයුතු කළ යුතුයි. වෘත්තිකයන්ට ණය පහසුකම් ලබාගැනීමට හැකි වූ විට, ඔවුන්ට බාධාවකින් තොරව තම වෘත්තීය හා ව්යාපාර කටයුතු දියුණු කරගැනීමට අවස්ථාව ලැබෙනවා. මෙය සමස්ත ක්ෂේත්රයේම දියුණුවට බලපාන සාධකයක්.” ඊලියන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.
“HDFC බැංකුවේ එක් අරමුණක් වන්නේ ග්රාමීය ප්රදේශ වල සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයින් සහ ස්වයං රැකියාලාභීන් ඇතුළුව අවම මූල්ය පහසුකම් හිමි ශ්රී ලාංකිකයින් සවිබල ගැන්වීමයි. සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයින් සහ ක්ෂුද්ර ග්රාමීය ව්යවසායකයින් දහස් ගණනක් මූල්යමය වශයෙන් සවිබල ගන්වමින්, ඔවුන්ගේ ව්යාපාරික අරමුණු ඉටුකර ගැනීමට සහ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අවශ්ය අත්වැල ලබාදීමට අප කටයුතු කරමින් සිටිනවා. JAT Holdings PLC සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වයත්, එම උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. දැව කාර්මිකයන් සහ පින්තාරු ශිල්පීන් මෙම අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ගනිමින් තම ව්යාපාර කටයුතු දියුණු කර ගනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” HDFC බැංකුවේ සභාපති වසන්ති මංචනායක මහත්මිය පැවසුවා ය.
“දෛනික වැටුප් උපයන්නන් වශයෙන් දැව පින්තාරු ශිල්පීන් බොහෝ දෙනෙකුට විධිමත් ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට අගනා ව්යාපාරික අවස්ථා රාශියක් මගහැරී යනවා. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, සුදුසුකම් ලත් වෘත්තිකයන් බවට පත්වීම සඳහා අවශ්ය සහයෝගය සහ ආර්ථික ශක්තිය මෙම පුද්ගලයන් වෙත ලබාදීමයි. මෙමගින් නව ව්යවසායකත්ව සම්ප්රදායක් නිර්මාණය වනු ඇති අතර, ඒ ඔස්සේ ඉදිකිරීම් ක්ෂේත්රයේ අනාගත අවස්ථා වලින් උපරිම ප්රයෝජන ලැබීමට මෙම වෘත්තිකයන්ට අවස්ථාව උදා වේවි.” JAT Holdings PLC හි අධ්යක්ෂ (විකිණුම් හා තාක්ෂණ) වසන්ත ගුණරත්න මහතා පැවසී ය.
මෙම වැඩසටහන යටතේ, JAT හි නිර්දේශය ලබන පින්තාරු ශිල්පීන්ට ණය පහසුකම් ලබා ගැනීමටත්, ණය නිකුත්කිරීමේ ක්රමවේදයක් සහ ණය අයකර ගැනීමේ ක්රමවේදයක් සැලසුම් කිරීමටත් අවස්ථාව ලැබේ. තීන්ත ආලේපන කටයුතු සඳහා අවශ්ය උපකරණ මිලදී ගැනීමටත්, කාරක ප්රාග්ධන අවශ්යතා සපුරා ගැනීමටත් ඔවුන්ට මෙම ණය මුදල් භාවිතා කළ හැක. ගිවිසුමේ කොටසක් ලෙස, වැඩසටහනට සහභාගිවන්නන්ට විවිධාකාර අධ්යාපන හා පුහුණු වැඩසටහන් සහභාගී වෙමින් තම ව්යාපාරික හා මූල්ය දැනුම වැඩිදියුණු කරගැනීමටද අවස්ථාව හිමි වේ.
1993 වසරේදී ආරම්භ වූ JAT Holdings PLC එදා පටන්ම වේගයෙන් වර්ධනය වන සමාගමක් ලෙස මෙන්ම, දැව ආලේපන සඳහා මෙරට වෙළඳපොළ ප්රමුඛයා ලෙස කීර්තියක් දිනාගැනීමට සමත් විය. LMD මගින් අඛණ්ඩව වසර 4 ක් පුරා ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම 100 අතරට නම්කර ඇති JAT Holdings PLC, Brand Finance හි විශිෂ්ටතම සමූහ ව්යාපාර 20 ලැයිස්තුවටද ඇතුළත් වී තිබේ. තවද පසුගිය වසරේ සිදුකරන ලද මූලික මහජන කොටස් නිකුතුව දක්වාම අඛණ්ඩව වසර 5 ක් පුරා, මෙරට පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ පැවති සමාගම් අතරින් Moody වෙතින් ICRA “A+ Stable” ශ්රේණිය හිමිකර ගත් එකම සමාගම බවට පත්වීමටද JAT Holdings PLC සමත් විය. මීට අමතරව, LMD මගින් ප්රකාශයට පත්කරනු ලබන ‘Brands Annual 2022’ ලැයිස්තුවේ වටිනාම පාරිභෝගික සන්නාම 100 අතරට එක්වීමටද ‘Sayerlack’ සමත් වී තිබේ.
Video Story