• Ada Derana BIZ Sinhala
  • badminton Champion
  • Sampath Bank
  • sri lanka

සම්පත් බැංකු බැඩ්මින්ටන් කණ්ඩායම 2022 වෙළෙඳසේවා අන්තර් සමාගම් බැඩ්මින්ටන් ශූරතාවලියේ 5 වැනි ස්ථානය හිමි කර ගනී

January, 24, 2023

2022 වෙළෙඳසේවා අන්තර් සමාගම් කණ්ඩායම් බැඩ්මින්ටන් තරඟාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට සම්පත් බැංකුවේ බැඩ්මින්ටන් කණ්ඩායම සමත් විය. පසුගිය දෙසැම්බර් 3 වැනිදා සිට 18 වැනි දින දක්වා කොළඹ 07 රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී පැවති මෙම තරඟාවලිය සඳහා ආයතන 50කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් කණ්ඩායම් 175ක් පමණ එක්ව සිටි අතර ඒ සියලු කණ්ඩායම් අතුරින් ශූරතාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට සම්පත් බැංකු බැඩ්මින්ටන් කණ්ඩායම සමත් වූයේ තමන් සහභාගී වූ කාණ්ඩ 4කින් පමණක් වීම මෙහි විශේෂත්වයකි.

එහිදී B කාණ්ඩය යටතේ පැවති පිරිමි විවෘත බැඩ්මින්ටන් ශූරතාවය හා මිශ්‍ර කණ්ඩායම් ශූරතාවය තමන් සතු කර ගැනීමට සමත් වූ සම්පත් බැංකු බැඩ්මින්ටන් කණ්ඩායම C කාණ්ඩය යටතේ කාන්තා අනුශූරතාව මෙන්ම ප්‍රවීණයින්ගේ අනුශූරතාවයද සම්පත් බැංකුව වෙත දිනා දීමට සමත් වූයේ සම්පත් බැංකු ක්‍රීඩා ඉතිහාසයේ තවත් ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරමිනි.

තවද B කාණ්ඩය යටතේ ශූරතාවය දිනාගත් තරඟාවලි දෙකෙහිම හොඳම ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සම්පත් බැංකු බැඩ්මින්ටන් කණ්ඩායම නියෝජනය කළ හසිත චානක සමත්වීම විශේෂත්වයකි.

වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළෙඳසේවා ක්‍රීඩා තරඟාවලියේදී මෙන්ම තවත් බොහෝ තරඟාවලීන් හිදී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කරමින් විශිෂ්ට ඇගයීම් හිමිකර ගැනීමට සම්පත් බැංකු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව ඇත' විශේෂයෙන් සිය සේවක ප්‍රජාවගේ උනන්තිය වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසෙන සම්පත් බැංකුව ක්‍රීඩාව තුළින් ඔවුන්ගේ හැකියාවන් තව දුරටත් ඉහළ නැංවීමට මෙන්ම ජාතික වශයෙන් ක්‍රීඩාවේ දියුණුවට දායක වීම සඳහා ද කැපවී කටයුතු කරයි.

2022 වෙළෙඳසේවා බැඩ්මින්ටන් තරඟාවලියේ 5 වන ස්ථානයට හිමි සහතික පත්‍රය ක්‍රීඩා නායක හා ලේකම් විසින් ලබා ගනිමින්

 

ඡායාරූප - බැට්මින්ටන් තරඟාවලිය සඳහා සහභාගී වූ සම්පත් බැංකුවේ සමස්ත බැඩ්මින්ටන් කණ්ඩායම

  • Ada Derana BIZ Sinhala
  • finance result Q 3
  • Sampath Bank
  • sri lanka

අභියෝගාත්මක ආර්ථික තත්වයන්ට මුහුණ දීමට ඇති හැකියාව තවදුරටත් සනාථ කරමින් සම්පත් බැංකුව ස්ථාවරව ඉදිරියට ගමන් කරයි

December, 12, 2022

2022 වසර පුරාවට පැවති අස්ථාවර ආර්ථික තත්වයන් මධ්‍යයේ වුවද සම්පත් බැංකුව තම ශක්තිමත් ප්‍රාග්ධන පසුබිම හා අඛණ්ඩ ද්‍රවශීලතා පැතිකඩයන් පවත්වා ගැනීමට සමත් විය. ක්‍රියාශීලීව අභියෝග හඳුනා ගැනීම හා ඒ සඳහා සුදුසු ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම බැංකුවේ ශක්තිමත් බව හා තිරසාර බව තව දුරටත් වැඩිදියුණු කිරීමට උපකාරී විය. තවද වත්මන් ආර්ථික අර්බුධය කළමනාකරණය කිරීම සඳහා සියලුම තම පාර්ශ්වකරුවන්ට සහාය වන අතරම, අභ්‍යන්තර ප්‍රේෂණ ප්‍රවර්ධනය කිරීම සහ අපනයන ආදායම රටට ගලා ඒමට දිරිමත් කිරීම මඟින් ජාතික ආර්ථිකය නගා සිටුවීම බැංකුව සක්‍රීයව කටයුතු කරන ලදී. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා බැංකුවේ ප්‍රමුඛතම වැඩසටහනක් වන “වැවට ජීවයක්” වැඩසටහන යටතේ බහුවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් බැංකුව තම ආයතනික සමාජීය වගකීම් (CSR) ක්‍රියාකාරකම් ද වේගවත් කරන ලදී.

බැංකුව 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාල සීමාව ස`දහා බදු පසු ලාභය රුපියල් බිලියන 7.2 ක් හා බදු පෙර ලාභය රුපියල් බිලියන 9.3 ක් වාර්තා කරන ලද අතර එය 2021 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැස`දීමේදී පිළිවෙලින් 19.8% ක හා 24,4%ක පහළ යාමක් වන අතර එම`ගින් රට තුළ පවතින අස්ථාවර ආර්ථිකය තත්වය මැනවින් පිළිබිඹු වේ. එසේම 2022 සැප්තැම්බර් 30 දින වන විට සමූහය බදු පසු ලාභය හා බදු පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 7.7ක් හා රුපියල් බිලියන 10.2ක් වාර්තා කරන ලද අතර එය 2021 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැස`දීමේදී 21.6%ක හා 24.3%ක පහත වැටීමකි.

බැංකුව 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාල සීමාව සඳහා බදු පසු ලාභය රුපියල් බිලියන 7.2 ක් හා බදු පෙර ලාභය රුපියල් බිලියන 9.3 ක් වාර්තා කරන ලද අතර එය 2021 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී පිළිවෙලින් 19.8% ක හා 24.4% ක පහළ යාමක් වන අතර එමඟින් රට තුළ පවතින අස්ථාවර ආර්ථිකය තත්වය මැනවින් පිළිබිඹු වේ. එසේම 2022 සැප්තැම්බර් 30 දින වන විට සමූහය බදු පසු ලාභය හා බදු පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 7.7ක් හා රුපියල් බිලියන 10.2ක් වාර්තා කරන ලද අතර එය 2021 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 21.6% ක හා 24.3% ක පහත වැටීමකි.

2022 සැප්තැම්බර් 30න් අවසන් කාලඡේදය සඳහා සම්පත් බැංකුව ප්‍රකාශයට පත් කරන ලද මූල්‍ය ප්‍රතිඵල

= ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 82% කින් එනම් රුපියල් 164.75කින් තියුණු ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ විනිමය ආදායම 276% ක ඉහළ වර්ධනයක් වාර්තා කිරීම.

= කාඩ්පත් හා වෙළෙඳාම් ආශ්‍රිත මෙහෙයුම් මූලික කරගෙන ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 69.5% කින් සැලකිය යුතු ලෙස ඉහළ යාම

= ඇති විය හැකි ආර්ථික අවිනිශ්චිතතාවයන් ආවරණය වන අයුරින් ණය අත්තිකාරම් හා ආයෝජනයන් සඳහා රුපියල් බිලියන 48.8ක ඉහළ අපහායන අයකිරීමක් හඳුනා ගැනීම

අරමුදල් මත පදනම් වූ ආදායම

2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මුල් මාස 9 තුළදී මුළු පොලී ආදායම 67.7% කින් වැඩි වූ අතර එය පෙර වර්ෂයේ අනුරූප කාල පරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 63 සිට රුපියල් බිලියන 106 දක්වා වැඩි වීමකි. මෙයට මූලික වශයෙන් හේතු වූයේ 2022 වසරේදී වාර්තා වූ පොලී අනුපාත ඉහළ යාමයි. 2022 සැප්තැම්බර් 30 දින වන විට සාමාන්‍යය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) 25.95% ක් දක්වා ඉහළ ගිය අතර එය 2021 සැප්තැම්බර් 30 දින සිට පදනම් ලකුණු 1,953ක් හා 2021 වසර අවසානයට සාපේක්ෂව පදනම් ලකුණු 1,734 ක ඉහල යාමකි. එසේම වසරක භාණ්ඩාගාර බිල්පත් කූපන් අනුපාතය 2022 සැප්තැම්බර් 30 වන විට 29.85% ක් දක්වා ඉහල ගිය අතර එය 2021 සැප්තැම්බර් 30 දිනට සාපේක්ෂව පදනම ලකුණු 2,284 ක ඉහළ යාමකි.

වෙළෙඳපොල පොළී අනුපාත ඉහළ යාම හේතුවෙන් බැංකුවේ පොළී වියදම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 57.3% කින් ඉහල ගොස් එනම් රුපියල් බිලියන 52.8ක් ලෙස වාර්තා කරන ලදී. බැංකුවේ විචක්ෂණශීලී වත්කම හා වගකීම් කළමනාකරණය හේතුවෙන් ශුද්ධ පොලී  ආදායම 79.4% කින් ඉහල යන ලදී.

අරමුදල් මත පදනම් නොවූ ආදායම

වාර්තා කරන කාලපරිච්ඡේදය තුළදී බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම (NFCI) පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 69.5% කින් සැලකිය යුතු ලෙස හා සැසඳීමේදී ඉහළ යන ලදී. මෙම ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ණය හා අත්තිකාරම්, ණය කාඩ්පත්, වෙළෙඳ හා විද්‍යුත් නාලිකා වැනි අංගයන්ගෙන් ලද ආදායමෙන් සමන්විත වන අතර එය කාඩ්පත් හා වෙළෙඳාම් ආශ්‍රිත මෙහෙයුම් ගාස්තු හා කොමිස් ආදායමෙහි සිදු වූ වර්ධනය හේතුවෙන් සැලකිය යුතු ලෙස ඉහල යන ලදී.

2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන මුල් මාස 9 සඳහා ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 18 ක් විය. මෙය 320% ක වාර්ෂික වර්ධනයක් වන අතර ඒ කෙරෙහි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 164.75කින් අවප්‍රමාණය වීම හේතු විය. 2022 වසර තුලදී, පෙර වර්ෂයේ වාර්තා වූ රුපියල් මිලියන 98ක අලාභයට සාපේක්ෂව බැංකුව රුපියල් බිලියන 3ක ශුද්ධ වෙළෙඳ අලාභයක් වාර්තා කළේය. මුළු විදේශ විනිමය ආදායම පසුගිය වසරේ සලකා බලනු ලබන කාලපරිච්ඡේය තුළදී වාර්තා කළ රුපියල් බිලියන 3.8ට සාපේක්ෂව මෙම වසරේදී රුපියල් බිලියන 14.5ක් විය.

අපහායන අයකිරීම්

2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා බැංකුව රුපියල් බිලියන 48.8ක මුළු අපහායන අයකිරීමක් හඳුනාගන්නා ලදී. මෙය පසුගිය වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 9.8ට සාපේක්ෂව 396% ක ඉහල යාමකි. මෙය ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 37.7කින්ද අනෙකුත් මූල්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 10.3කින්ද සමන්විත විය. මීට අමතරව අනෙකුත් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් මිලියන 839ක් වෙන් කරන ලදී.

ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම්

පිරිහෙමින් පවතින සාර්ව ආර්ථික තත්වයන් නිරූපණය වන අයුරින් බැංකුව විසින් සාර්ව ආර්ථිකය තව දුරටත් පහල යාමට ඇති සම්භාවිතාව සඳහා ගැලපෙන බර තැබීම් වැඩි කරන ලද අතරම ආර්ථික සාධක ගැලපුම් (EFA) ආකෘතියද නැවත සමාලෝචනය කිරීම හේතුවෙන් සලකා බලනු ලබන කාල පරිච්ඡේදය සඳහා ඉහළ සැලකිය යුතු ඉහල අපහායන ප්‍රතිපාදනයක් හඳුනා ගන්නා ලදී. තවද ආර්ථිකය තුළ ණය අවධානම ඉහල ගිය ක්ෂේත්‍රයන් නැවත සමාලෝචනය කළ අතර නව කර්මාන්තය (ක්ෂේත්‍ර) කිහිපයක් ණය අවදානම ඉහල ගිය ක්ෂේත්‍ර වශයෙන් හඳුනාගන්නා ලදී. මීට අමතරව උද්ධමනය ඉහල යාම, ඉහල පොලී අනුපාත හා බදු වැඩි කිරීම තුළින් ඇතිවන බලපෑම ද අපහායන ප්‍රතිපාදන හඳුනාගැනීමේදී සලකා බැලූ අනෙකුත් සාධක වේ.

සංචාරක ව්‍යාපාරයේ සහ ඒ හා සමානව බලපෑමකට ලක් වූ අනෙකුත් කර්මාන්තවල ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් අපහායන ප්‍රතිපාදනවල ප්‍රමාණවත් භාවය බැංකුව විසින් සමාලෝචනය කරන ලද අතර එමඟින් තනි තනිව සැලකිය හැකි ගනුදෙනුකරුවන් සඳහාද ප්‍රමාණවත් අපහායන ප්‍රතිපාදනයන් හඳුනාගන්නා ලදී. 2021 දෙසැම්බර් හා 2022 ජූනි අවසානයේදී සහනදායී ණය යෝජනා ක්‍රමයන්ගෙන් බැහැර වූ ඇතැම් ගනුදෙනුකරුවන් වත්මන් ආර්ථික තත්වයන් හේතුවෙන් තවදුරටත් ණය සහන අයදුම් කිරීම හේතුවෙන් බැංකුව එම ගනුදෙනුකරුවන් සඳහා අතිරේක අපහායන ප්‍රතිපාදන (Overlay) හඳුනා ගැනීමද අඛණ්ඩව සිදු කරන ලදී. මීට අමතරව පවතින ආර්ථික පසුබෑම් හමුවේ ඇති විය හැකි අහිතකර බලපෑම් දරා ගැනීමේ හැකියාව මත ගනුදෙනුකරුවන් අදියර 1 සිට 2 දක්වා මාරු කිරීමට බැංකුව අඛණ්ඩව පියවර ගන්නා ලදී.

ඉහත ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් ලෙස පවතින ආර්ථික තත්වයන් හේතුවෙන් ඇති විය හැකි අලාභයන් අවශෝෂණය කර ගැනීම සඳහා 2022 සැප්තැම්බර් 30 දින වන විට 9.8% ක ඉහළ සමස්ත අපහායන ප්‍රතිපාදන ආවරණයක් බැංකුව විසින් හඳුනාගන්නා ලදී.

අනෙකුත් මූල්‍ය උපකරණ මත වූ අපහායන අයකිරීම්

සම්පත් බැංකුව විසින් 2022 සැප්තැම්බර් 30 වන දිනට ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා රුපියල් මිලියන 9,040 ක් හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා රුපියල් මිලියන 935ක්ද වෙන් කරන ලදී. 2022 මැයි මස දී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම ‘C’ සිට ‘RD ’ දක්වා පහත වැටීමත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගත් මේ සඳහා බලපාන ලද ප්‍රධාන කරුණු 2ක් විය. සමාලෝචිත කාල පරිච්ඡේදය අවසානයේදී, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හා ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා බැංකුව විසින් වෙන් කරන ලද මුළු ප්‍රතිපාදන රුපියල් 21.6ක් විය. මේ අතර වාර්තා කරනු ලබන කාල සීමාව තුළදී කල් පිරුණු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ශ්‍රී ලංකා රුපියල් බවට පත් කිරීම හේතුවෙන් විදේශ ව්‍යවහාර මුදලින් නම් කරන ලද උපකරණවල සංයුතිය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට බැංකුව සමත් විය.

ශුද්ධ මෙහෙයුම් ආදායම

සලකා බලනු ලබන කාලය තුළදී මුළු මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 40කින් වර්ධනය විය. කෙසේ වුවද අපහායන අයකිරීම්ද රුපියල් බිලියන 39කින් ඉහළ යාම හේතුවෙන් ශුද්ධ මෙහෙයුම් ආදායමේ වර්ධනය 3.7කට සීමා විය.

මෙහෙයුම් වියදම්

වාර්තා කරනු ලබන කාල පරිච්ඡේදය සඳහා මෙහෙයුම් වියදම රුපියල් බිලියන 20.5ක් වූ අතර එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා කරන ලද රුපියල් බිලියන 16.6ට සාපේක්ෂව 23.6% ක ඉහළ යාමකි. ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම හා ඉහළ යන උද්ධමනය මේ සඳහා ප්‍රධාන හේතූන් විය. මෙහෙයුම් වියදම්වල වර්ධනයක් තිබියදීත් 2021 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ වාර්තා කළ 39.6% ට සාපේක්ෂ්ව බැංකුවේ ආදායම් පිරිවැය  අනුපාතය පදනම් ලකුණු 1,460කින් එනම් 25% ක් දක්වා සැලකිය යුතු ලෙස පහත වැටිණි. ආදායම් පිරිවැය අනුපාතයෙහි මෙම පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සමස්ත මෙහෙයුම් පිරිවැයේ ඉහළ යාම ඉක්මවා සමස්ත මෙහෙයුම් ආදායම ඉහල යාමයි.

බදු වියදම්

එකතු කළ අගය මත බද්දට පෙර ලාභය 17.6% ක පහත වැටීමක් තිබුණද 2022 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු අනුපාතය 15% සිට 18% දක්වා ඉහළ දැමීම හේතුවෙන් මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බදු වියදම 9.3% කින් ඉහල යන ලදී.

2022 ඔක්තෝබර් මස 11 වැනි දින නිකුත් කරන ලද දේශීය ආදායම් පනතේ (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් බලාත්මක කර නොමැති බැවින් වාර්තා කරනු ලබන කාලසීමාව සඳහා පනත් කෙටුම්පතේ යෝජිත වෙනස්කම් බැංකුව විසින් සලකා බලා නොමැත.

ප්‍රධාන අනුපාතයන්

සාමාන්‍යය කොටස් හිමියන්ගේ කොටස්වල ප්‍රතිලාභය (බදු පසු) 2021 වසර අවසානයේ වාර්තා කළ 11.05% ට සාපේක්ෂව 2022 සැප්තැම්බර් 31 දින වන විට 8.08% ක් දක්වා පහත වැටී ඇත. සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර) 2021 වර්ෂයේ වාර්තා කරන ලද 1.44% ට සාපේක්ෂව 2022 සැප්තැම්බර් මස 30 දින වන විට 0.96% ක් විය.

ප්‍රාග්ධන අනුපාතයන්

2022 සැප්තැම්බර් 30 දින වන විට තම සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමට බැංකුව සමත් විය. පළමු පෙළ සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය සාමාන්‍යය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතය 2021 වර්ෂයේ අවසානයේ වාර්තා කළ 13.95%, 13.95% හා 17.02% ට සාපේක්ෂව 2022 සැප්තැම්බර් 30 දින වන විට පිළිවෙලින් 11.31%, 11.31% හා 13.72% ක්  ලෙස වාර්තා කරන ලදී. ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් බර තබන ලද වත්කම් ප්‍රමාණය ඉහල යාම, මුදල් ලාභාංශ හා අධිභාර බදු ගෙවීම යන කරුණුවල සාමූහික ප්‍රතිඵලයක් ලෙස වාර්තාකරණ කාලපරිච්ඡේදය තුළදී ප්‍රාග්ධන අනුපාතයන් පහත වැටුණි.

වත්කම් හා වගකීම්

2022 සැප්තැම්බර් මස අවසානයේදී සම්පත් බැංකුව සතු මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 1.3ක් වූ අතර එය 2021 දෙසැම්බර් 31 දිනට වාර්තා වූ රුපියල් ටි්‍රලියන 1.2ට සාපේක්ෂව රුපියල් බිලියන 113ක (12.6% ක වර්ධනය) වර්ධනයකි. මේ සඳහා ශූද්ධ ණය හා අත්තිකාරම්, මුදල් හා මුදලට සමාන දෑ වල ඉහළ යාම හේතු විය. වර්ෂය තුළදී දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය වීම ශේෂ පත්‍රයේ වර්ධනය වීම සඳහා මූලිකව හේතු විය.

මුළු අත්තිකාරම් ප්‍රමාණය 2021 දෙසැම්බර් මස අවසානයට වාර්තා කරන ලද රුපියල් බිලියන 813ට සාපේක්ෂව වාර්තා කරනු ලබන කාල සීමාව තුළදී 22.6% (වාර්ෂික) වර්ධනයක් සහිතව 2022 සැප්තැම්බර් මස 30 වන විට රුපියල් බිලියන 951ක් ලෙස වාර්තා කරන ලදී. ශ්‍රී ලංකා මුදලින් අගය කරන ලද ණය ප්‍රමාණයෙහි වර්ධනය 12.1% කි (වාර්ෂික). සලකා බලනු ලබන කාල පරිච්ඡේදයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 164.75කින් අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ ව්‍යවහාර මුදලින් අගය කරන ලද ණයවල වටිනාකම ඉහළ යන ලදී. විනිමය අනුපාතයන් වෙනස්වීමේ බලපෑම ඉවත් කළේ නම බැංකුවේ මුළු ණය හා අත්තිකාරකම් ප්‍රමාණයේ වර්ධනය 8.8% ක් වේ. (වාර්ෂිකව)

2022 වසරේ තුන්වන කාර්තුවේදී බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද තැන්පතු ප්‍රවර්ධනය කිරීමේ කටයුතු හේතුවෙන් දේශීය තැන්පතු පදනම රුපියල් බිලියන 44.4 කින් වර්ධනය විය. කෙසේ වෙතත් 2021 වසර අවසානය හා සැසඳීමේදී මෙම වර්ධනය 0.8% කට සීමා විය.

 

ඡායාරූප විස්තරය - සම්පත් බැංකුවේ සභාපති හර්ෂ අමරසේකර මහතා (වම් පස) , සම්පත් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා (දකුණු පස)

 

  • Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • sri lanka

සම්පත් බැංකුව, ‘මිනිසත්කමේ පොහොසත්කම’ ලොවට විවර කරමින් ආදිවාසී ගොවි ජනතාව වෙනුවෙන් දඹාන දැලිකැදලි වැවෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹයි

October, 31, 2022

දශක ගණනාවක් පුරාවට දැයක් පෝෂණය කරමින් කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් තිබෙන මව්බිමෙහි අතීත උරුමය දැයේ හෙට දවස වෙනුවෙන් යළි යළිත් ජීවයෙන් පුරවාලන සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් පියවරක් පසුගියදා අරඹනු ලැබීය. ඒ මෙරට අභිමානවත් ආදිවාසී ජනතාවගේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් දියවර සපයා ගැනීමේ ප‍්‍රධාන මාර්ගය වන දඹාන, දැලිකැදලි වැවෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමිනි.

බුලතා යෝධයා ඉදිකළ ලොවක් මවිත කරන සොර බොර වැවේ ප්‍රෞඩත්වය මතින් පාරම්පරික ආදිවාසී ජනතාවගේ ජීවනෝපායෙහි කොටසක් වී ඇති දඹාන දැලිකැදලි වැව ප‍්‍රදේශයේ කූඹුරු අක්කර 104ක් අස්වද්දන්නට අවැසි දියවර වසර ගණනාවක් මුළුල්ලේ නොඅඩුව සපයමින් ගොවි පවුල් 90කට වැඩි ප‍්‍රමාණයකගේ කුසගිනි නිවන්නට දිරි දුන් මහ`ගු සම්පතක් විය. මෙම දැලිකැදලි වැවට, තවත් සිය මෙහෙවර නිසි පරිදි ඉටු කරන්නට තරම් ශක්තියක් නොමැත්තේ නිසි නඩත්තුවක් නොවූ හෙයිනි.

වැවෙහි පිටවාන සම්පූර්ණයෙන් කැඞී ගොස්ය. කූඹුරු අස්වද්දන්නට දියවර නිකුත් කරන සොරොව් දොර මෙන්ම දියවර ගෙන යන ඇල මාර්ගයද ඉතාමත් අබලන් තත්වයේය. නිසි නඩත්තුවක් නොවූ මේ සියල්ල හමුවේ අන්ත අසරණ භාවයට පත් වූයේ සිය ජීවිතයේ බොහෝ දේ වැවත් සම`ග බෙදා හදාගත් ආදිවාසී ගොවි ජනතාවයි. තව දුරටත් කුඹුරු වගා කරන්නට තරම් හැකියාවක් ඔවුන්ට නොවූයේ ඊට අවශ්‍ය තරම් ජලය නොමැති වූ හෙයිනි. අබලන් වූ ඇල මාර්ග හරස් කරමින් සුළු පිරිසක් සිය කූඹුරු වගා කළද එයද එක් කන්නයකට පමණක් සීමා විය. වැවෙහි ජල මට්ටම අඩු වන විට ප‍්‍රදේශයේ ළිං සි`දීයාමද සිදු වන්නේ නිතැතිනි. එතැන් පටන් බීමට දිය පොදක් සොයා සැතපුම් ගණනක් දුර යන්නට ඔවුන්ට සිදුව ඇත. රටට බත සපයමින් රටක කුසගිනි නිවූ මේ ගොවි ජනතාවට පත්ව ඇති ඉරණම හමුවේ ඔවුන්ට සරණක් විය හැක්කේ මිනිසත් කමෙන් පොහොසත් මිනිසුන්ට පමණකි. සම්පත් බැංකුව මෙරට අභාවයට යමින් පවතින වැව් යළි ප‍්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවට යහපත් හෙට දවසක් උදා කර දීම වෙනුවෙන් ආරම්භ කළ ‘වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහන’ හරහා දඹාන දැලිකැදලි වැව ප‍්‍රතිසංස්කරණයේ වගකීම භාර ගත්තේ ඒ මිනිසත්කමෙහි පොහොසත් බව මනාව ප‍්‍රදර්ශනය කරමිනි.

ඒ අනුව පසුගියදා සුභ මොහොතින් සෙත් පිරිත් ආශිර්වාද සහ ආදිවාසී පුද පූජා මධ්‍යයේ දඹාන දැලිකදැලි වැව ප‍්‍රතිසංස්කරණයේ මංගල පියවර තැබුණේ දඹාන ගොවීන්ගේ මුව`ගට සිනහවක් ගෙන එමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මූල්‍ය නිලධාරී අජන්ත ඩි. වාස් ගුණසේකර මහතා ස`දහන් කර සිටියේ ‘‘අද වන විට මුළු රටටම බත සපයන ගොවි ජනතාවගේ අගය අන් කවරදාටත් වඩා අප සියලූ දෙනාට දැනෙමින් තිබෙන බව රහසක් නෙවෙයි. එහෙත් කෙමෙන් අභාවයට යමින් පවතින වැව් පද්ධතිය නිසා ඔවුන්ගේ ගොවිතැන් හරි ආකාරයෙන් සිදු කරගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිනවා. සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ අභාවයට යමින් පවතින වැව් ප‍්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවට යහපත් හෙට දවසක් උරුම කර දීම වෙනුවෙනුයි. විශේෂයෙන් සම්පත් බැංකුවේ ‘පොහොසත් මිනිස්සු’ සංකල්පය යළි යලිත් තහවුරු කරන සුවිශේෂී අවස්ථාවක් ලෙසද ස`දහන් කළ හැකි මෙම සමාජ සත්කාරය තුළින් ආදිවාසී ජනතාවට යහපත් හෙට දවසක් උදා කර දීමට හැකි වනු ඇතැයි මා තරයේ විශ්වාස කරනවා’’ යනුවෙනි.

‘දඹාන දැලිකැදලි වැව ගොවි සංවිධානය’ ම`ගින් පාලනය වන දැලිකැදලි වැව ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් එම ගොවි සංවිධානයේ මෙන්ම ප‍්‍රදේශවාසීන්ගේ සහායද නොඅඩුව ලැබෙන අතර බදුල්ල දිස්ත‍්‍රික් ගොවිජන සේවා දෙපාර්මේන්තුව විසින් අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබා දෙනු ලබයි.

දැලිකැදලි වැව ප‍්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දැලිකැදලි වැව ගොවි සංවිධානයේ සභාපති අජිත් අමරසිරි මහතා ‘‘ මේ ප‍්‍රදේශයේ සියලූම දෙනා පාහේ ජීවත් වෙන්නේ කූඹුරු ගොවිතැනින්. කාලයක් තිස්සේ අපි ඉතාමත් හො`දින් කුඹුරු ගොවි තැන් කළා. ඒ ස`දහා අපට මේ දැලිකදැලි වැවෙන් අවශ්‍ය තරම් වතුර ලැබුණා. ඒත් දැන් මේ වැව අභාවයට ගිහින් නිසා අපට එක කන්නයක්වත් හරිහැටි වගා කරගන්න ලැබෙන්නේ නෑ. පිටවාන සම්පූර්ණයෙන් කැඞී ගිහින් තිබෙන නිසා වතුර ර`දවා ගැනීමේ හැකියාවක් නෑ. සොරොව් දොරත් අබලන් තත්වයේ තියෙන්නේ. කුඹුරු යායට වතුර ගෙනියන ඇල මාර්ගත් ඉතාම අබලන් වෙලා. මේ වැව ප‍්‍රතිසංස්කරණය කළ යුතු බව අපේ ගොවි සංවිධානය වටහාගෙන බොහෝ කාලයක්. ඒත් ඒක අපට කරන්න පුලූවන් දෙයක් නෙවෙයි. අපේ දුක දැකපු සම්පත් බැංකුව වැව ප‍්‍රතිසංස්කරණය කරන වගකීම භාර ගැනීම ගැන ඉතාමත් සතුටුයි. සම්පත් බැංකුව මේ භාර ගත්තේ වැව හදන එක විතරක් නෙවෙයි අපිව ජීවත් කරවන එක. ඉතින් ඒ වෙනුවෙන් සම්පත් බැංකුවට මගේ හදපිරි ස්තුතිය මේ මොහොතේ පුද කිරීමට කැමතියි’’ යනුවෙන් පවසා සිටින ලදී.

මීට විසි වසරකට පෙර ආරම්භ කළ සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ මේ වන විට ප‍්‍රතිසංස්කරණය කොට ගොවි ජනතාව වෙත භාර දී ඇති වැව් ප‍්‍රමාණය 12 කි. තවත් වැව් කිහිපයක් ප‍්‍රතිසංස්කරණය වෙමින් පවතින්නේ නුදුරේදීම කූඹුරු අස්වැද්දීම වෙනුවෙන් අවශ්‍ය දියවර නිකුත් කිරීමේ අභිලාෂයෙනි.

මෙම ‘වැවට ජීවයක්’ ව්‍යාපෘතියට සමගාමීව සම්පත් බැංකුවේ ‘ගසයි මමයි - පුබුදු පොතයි’ වැඩසටහනේ තවත් අදියරක් දඹාන කනිෂ්ඨ විද්‍යාලයේදී සිදු කෙරිණ. පාසල් දරුවන් වෙත පළතුරු පැළ බෙදා දෙමින් එම පැළ පාසල් භූමියේ රෝපණය කර රැකබලා ගැනීමේ වගකීමද ඔවුන් වෙත පවරා දෙනු ලැබුවේ ඔවුන්ගේ ජීවිතයට වටිනා අරුතක් එක් කරමිනි. දීප ව්‍යාප්ත ජාතික ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ පාසල් සිසුන්ගේ පරිසරයට ඇති ලැදියාව හා කෘෂිකාර්මික හුුරුව ඔප් නැංවීමත් පාසල් සංවර්ධනය උදෙසා ඵලදායී අතිරේක ආදායම් මාර්ගයක් බිහි කිරීමත්ය.

නව්‍ය තාක්ෂණයෙන්, පාරිභෝගික කේන්ද්‍රීය බැංකු සේවාවෙන් මෙන්ම ආර්ථික ස්ථාවරත්වයෙන් පමණක් නොව මිනිසත්කමෙන්ද පොහොසත් සම්පත් බැංකුව ශ‍්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙ`දපොල ප‍්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, ිකසච-කැිි බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයෙන් මුදල් ආපසු ගැනීම (ඔදමජය-කැිි ක්‍්ිය අසඑයාර්අ්ක* ආදී මෙරට බැංකු ක්ෂේත‍්‍රයට නවතම හ`දුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප‍්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටින්නේ නිරන්තරයෙන් මිනිසත් කමෙන් පොහොසත් අසමසම බැංකු සේවාවක් සියලූ දෙනා වෙත ගෙන එමිනි.

ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ විසින් රැස්ව සිටි පිරිස අමතමින්

ඡායාරූප හා විස්තර - ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ, සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂක/ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී අජන්ත ඩි වාස් ගුණසේකර මහතා, ප‍්‍රධාන නිලධාරී මානව සම්පත් ආචාර්ය ලලිත් වේරගොඩ මහතා සහ ගොවිජන සේවා සහකාර කොමසාරිස් නිරෝෂා හෙන්නායක මහත්මිය විසින් සුභ මොහොතින් මංගල පස් පිඩැල්ල කපා ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අවස්ථාව

  • Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • Sampath Sanhinda
  • sri lanka

‘සම්පත් සංහිඳ සේවර්’, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත රුපියල් මිලියන 200ක සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි කර දෙයි

October, 5, 2022

ජාතියේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සුරක්ෂිත කිරීමේ සම්පත් බැංකුවේ නිරන්තර කැපවීම තව තවත් අරුත් ගන්වමින් දිවයින පුරා විසිරුණු ‘සම්පත් සංහිඳ සේවර්’ ගිණුම් හිමියන් වෙත මෙම වසරේදී රුපියල් මිලියන 200ක අසමසම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව 2021 වසරේ ජූලි 1 වන දින සිට 2022 වසරේ ජූනි 30 වන දින දක්වා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් තම ගිණුම්වල පවත්වාගෙන යනු ලැබූ ශේෂය මත පදනම්ව මෙම ප්‍රතිලාභ ඔවුන් වෙත හිමිකර දීමට සම්පත් බැංකුව කටයුතු කරයි. ඒ සඳහා හිමි වන මුදල් අදාළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංහිඳ වෛද්‍ය ප්‍රතිලාභ කාඩ් වෙත බැර වන අතර ඒ තුළින් තෝරාගත් රෝහල්, රසායනාගාර හා ඔසුසල් වෙත මුදල් ගෙවීමේ පහසුවද ඔවුන්ට හිමි වේ. ‘සම්පත් සංහිඳ සේවර්’ 2009 වසරේ ආරම්භයේ සිටම සම්පත් බැංකුව විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ලබා දෙන ඉහළම ඇගයීම ලෙසද සඳහන් කිරීම නිවැරදිය.

ඒ යටතේ වන හවුල්කාර ආයතන ලෙස ආසිරි රෝහල් සමූහය, CDEM රෝහල, දෙරණ වෛද්‍ය රසායනාගාරය, හේමාස් රෝහල්, ලංකා රෝහල්, මෙඩි හෙල්ප් රෝහල්, නවලෝක රෝහල්, නාවින්න මෙඩි කෙයාර් රෝහල්, නොදර්න් සෙන්ට්‍රල් රෝහල, පන්නිපිටිය පෞද්ගලික රෝහල, සෙත්මා රෝහල්, කිංග්ස් රෝහල, මෙල්ස්ටා ලැබ්, මෙල්ස්ටා ෆාමසි, සිංහ රෝහල්, සදර්න් ලංකා රෝහල්, වින්සෙත රෝහල සහ තෝරාගත් රාජ්‍ය ඔසුසල් (රාජ්‍ය ඖෂධ සංස්ථාව) හා විෂන් කෙයාර් දෘෂ්ඨි විශේෂඥ මධ්‍යස්ථානය සඳහන් කළ හැකිය.

තවද සම්පත් සංහිඳ සේවර් ගිණුම් හිමියන් හට 0112 30 30 80 අංකයට මිස්ඩ් කෝල් එකක් ලබා දීමෙන්, ළඟම ඇති සම්පත් බැංකු ශාඛාවට පැමිණීමෙන් හෝ 112 30 30 50 අංකයෙන් බැංකුවේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඇමතීමෙන් තමන්ගේ සෞඛ්‍ය ප්‍රතිලාභ කාඩ්පතෙහි ඇති ශේෂය දැන ගැනීමේ අවස්ථාව උදා කර ගත හැකිය.

සම්පත් බැංකුව විසින් ලබාදෙන මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ වඩා වැදගත් වන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය, දේශපාලන ව්‍යාකූලත්වය, ඉන්ධන අර්බුදය, දරුණු ආර්ථික පසුබෑම මෙන්ම ඖෂධ හා අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් පවතින තත්වයක් තුළ දුෂ්කරතාවයන්ට මුහුණ නොදී  තමන්ගේ සෞඛ්‍ය ගැටළු විසඳා ගැනීමට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවස්ථාව උදා වීමයි. මින් පිළිබිඹු වන්නේ රටටත්, ව්‍යාපාරික ප්‍රජාවටත් යළි නැගී සිටින්නට දිරි දෙන අතරම තම ගනුදෙනුකරුවන් වෙනුවෙන්ද නිරන්තරයෙන් පෙනී සිටීමේ සම්පත් බැංකුවේ අසමසම කැපවීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ඩිජිටල්කරණ, තැන්පතු ප්‍රවර්ධන හා අලෙවිකරණ - තාරක රන්වල මහතා සඳහන් කර සිටියේ “අපගේ වැඩිහිටි ජනතාවගේ යහපැවත්ම පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම ජාති, ආගම් භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් පොදුවේ බෙදා ගනු ලබන කරුණක් බව මතක් කළ යුතුයි. විශේෂයෙන් අපගේ ජාතික සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගත් එවන් ලක්ෂණයක් සමඟ සමීපව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අප වඩාත් සතුටට පත්වන්නේ සම්පත් බැංකුව ද එවන් වටිනාකම් රැසකින් පිරි ඇති හෙයිනි.  ‘සම්පත් සංහිඳ සේවර්’ සෞඛ්‍ය ප්‍රතිලාභ පැකේජය රුපියල් මිලියන 200ක් දක්වා ඉහළ නැංවීම තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන් දහස් ගණනකට මේ වසරේ මුහුණ දෙන දුෂ්කරතා සමඟ ඔවුන්ට අත්විඳීමට සිදුවන වියදම් පියවා ගැනීමට උපකාරී වනු ඇතැයි අපගේ විශ්වාසයයි” යනුවෙනි.

‘සම්පත් සංහිඳ සේවර්’ ගිණුම මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත ලබාදෙන සුවිශේෂී ප්‍රතිලාභ පිළිබඳ අදහස් දක්වමින් සම්පත් බැංකුවේ ප්‍රධාන කළමනාකාර තැන්පතු ප්‍රවර්ධන/ විකුණුම් ප්‍රධානී අමිල තෙවරප්පෙරුම මහතා “ ‘සම්පත් සංහිඳ සේවර් ගිණුම’ තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් වෙනුවෙන් විශාල ප්‍රතිලාභ ලබා දෙන අතරම ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා වන වියදම් වැනි තවත් අමතර ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා. වැඩිම පොලියක් ලබා දෙන ‘සම්පත් සංහිඳ සේවර් ගිණුම’ සඳහා බැංකුව විසින් මසකට දෙවරක් පොලියක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. නිරන්තරයෙන් නව්‍ය ඉතුරුම් ක්‍රමයන් හරහා සියලු ශ්‍රී ලාංකිකයින් වෙත වැඩි වටිනාකමක් ලබා දීම තුළින් සම්පත් බැංකුව ජනතාවගේ වෙනස්වන අවශ්‍යතා හඳුනා ගනිමින් ඒවා සපුරාලීම සඳහා ඉතා වැදගත් මූල්‍ය සැලසුම් ඉදිරිපත් කරන බවට මෙය ඉතා හොඳ නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි. ” යනුවෙන් පවසා සිටින ලදී.

ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝගයන් මධ්‍යයේ වුවද 2022 වසරේ පළමු කාර්තුව තුළ නියාමන අවශ්‍යතාවන් ඉක්මවූ ප්‍රාග්ධන අනුපාතයක් පවත්වා ගැනීමට සමත් විය. සිය ගනුදෙනුකරුවන් වෙත සුවිසල් අස්වැසිල්ලක් වෙමින් වසංගතය හේතුවෙන් පීඩාවට ලක් වූ සුදුසුකම්ලත් සියලු ගනුදෙනුකරුවන් වෙත රජය විසින් පිළිගන්වන ලද සියලු සහන ඒ ආකාරයෙන්ම  ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කරන ලදී. විශේෂයෙන් වසංගත කාලය තුලදී සිය ඩිජිටල්කරණ උපාය මාර්ගයන් තුළින් ගනුදෙනුකරුවන්ට පහසු හා ආරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට කැපවූ සම්පත් බැංකුව ඒ තුළින් යළි යළිත් තහවුරු කරනු ලැබුවේ සිය බැංකු සේවාවෙහි විශිෂ්ටත්වයයි.

සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීම (Touch-less Cash withdrawal) ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.

  • Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • sri lanka
  • Swarna pusthaka award

සම්පත් බැංකුව අඛණ්ඩව 12 වන වරටත් ස්වර්ණ පුස්තක සම්මානයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස එක් වෙයි

September, 19, 2022

ශ‍්‍රී ලාංකේය හැකියාවන් නිරන්තරයෙන් අගයමින් මෙරට සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවන සම්පත් බැංකුව මෙවරද 2022 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස එක් විය. කියවීමෙන් පිරිපුන් පරපුරක් මෙරට බිහි කිරීමේ ජාතික වගකීමද පෙරදැරි කරගනිමින් සම්පත් බැංකුව ස්වර්ණ පුස්තක සම්මානය සඳහා මෙවර ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දක්වන්නේ 12 වසරක අඛණ්ඩ ස්වර්ණමය දායකත්වය සනිටුහන් කරමිනි. පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රශාලා පරිශ‍්‍රයේදී පැවති 2022 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා (යෝජිත) අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සහභාගී වූහ.

ශ‍්‍රී ලාංකේය සාහිත්‍ය සම්මාන උළෙලක ලබා දෙන ඉහළම ත්‍යාග මුදල හිමි කර දෙන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී ජයග‍්‍රාහී නවකතාව වෙනුවෙන් රුපියල් 750,000ක මුදලක් ත්‍යාග ලෙස හිමි කර දෙන අතර අවසන් වටයට තේරුණු නවකතා පහක් වෙනුවෙන් රුපියල් 100,000 බැගින් මුදල් ත්‍යාග හිමි කර දීම විශේෂත්වයකි. ඒ සඳහා පූර්ණ දායකත්වය සළසනු ලබන්නේ සම්පත් බැංකුවයි. ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් 2007 වසරේ සිට සංවිධානය කරනු ලබන මෙම ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සෑම වසරකම කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන අතර මෙවර සමරනු ලැබුවේ එහි 16 වන පියවරයි.

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් 2021 වසරේදී ප‍්‍රකාශයට පත් කළ නවකතා අතුරින් නවකතා 12ක් විනිශ්ය මණ්ඩලය විසින් දීර්ඝ වටය සඳහා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය වෙත තෝරා දෙන ලදී. එම නවකතා 12 අතුරින් නවකතා 05 ක් අවසන් වටය සඳහා තෝරා ගනු ලැබූ අතර ඊට 5 දෙනෙකුන් සමන්විත විද්වත් විනිශ්චය මණ්ඩලයක් සහභාගී වූහ. ඒ අනුව අවසන් වටය සඳහා එරික් ඉලයප්පආරච්චි විසින් රචිත නකුල මුනි, කීර්ති වැලිසරගේ විසින් රචිත සන්ධ්‍යානන්දය, සේපාලී මායාදුන්නේ විසින් රචිත හින් දොස් මාලේ, චන්ද්‍රරත්න බණ්ඩාරගේ පේ‍්‍රමානිශංස, සහ ශමෙල් ජයකොඩි විසින් රචිත මගේ චිකාගෝ හදවත යන නවකතා තෝරා ගැනිණ. ඒ අතුරින් සිංහල නවකතා කලාවට පිදෙන ප‍්‍රකාශක උත්තමාචාරය වන ස්වර්ණ පුස්තක සම්මානය මෙවර හිමි කර ගැනීමට සමත් වූයේ චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචිත ප්‍රේමානිශංස නවකතාවයි.

එච්. ඞී. ප්‍රේමසිරි (අධ්‍යක්ෂ - සරසවි ප‍්‍රකාශකයෝ), චන්ද්‍රරත්න බණ්ඩාර (2022 ස්වර්ණ පුස්තක ජයග‍්‍රාහක), ආචාර්ය නන්දලාල් වීරසිංහ (මහබැංකුවේ අධිපති), සමන්ත ඉන්දීවර (සභාපති - ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය), අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා (කළමනාකාර අධ්‍යක්ෂිකා (යෝජිත) - සම්පත් බැංකුව), අතුල ජයකොඩි (භාණ්ඩාගාරික - ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය) යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.

ශ‍්‍රීපාලි පෙරේරා (කළමනාකාර -සරසවි ප‍්‍රකාශකයෝ), චන්ද්‍රරත්න බණ්ඩාර (2022 ස්වර්ණ පුස්තක ජයග‍්‍රාහක), තාරක රන්වල (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ඩිජිටල්කරණ, තැන්පතු ප‍්‍රවර්ධන හා අලෙවිකරණ - සම්පත් බැංකව), සුනිල් දිසානායක (ප‍්‍රධාන විධායක නිලධාරී - BMICH), චාමින් විජේරත්න (කළමනාකාර - ආශිර්වාද ප‍්‍රකාශන) යන මහත්වරුන් චායාරූපයේ වේ.

  • Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • sri lanka

ශක්තිමත් ප්‍රාග්ධන හා ද්‍රවශීලතා පදනම හේතු කොටගෙන සම්පත් බැංකුව විශ්වාසයෙන් යුතුව වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කටයුතු කරනු ලබයි

September, 7, 2022

සම්පත් බැංකුව 2022 වර්ෂයේ පළමු අර්ධය තුළදී විවිධ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද අඛණ්ඩව සිය ශක්තිමත් ප්‍රාග්ධන පසුබිම හා ස්ථාවර ද්‍රවශීලතාවය පවත්වා ගැනීමට සමත් විය. බැංකුව සිය ශක්තිමත් බව හා තිරසාර බව මැනවින් විදහා දක්වමින් සුපරීක්ෂාකාරී ලෙස හා නිරන්තර අවධානයෙන් යුතුව වර්තමාන ආර්ථික ගැටළු හඳුනා ගැනීමට සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අඛණ්ඩව කටයුතු කරනු ලබයි. ඒ අනුව තව දුරටත් විදේශ මුදල් ද්‍රවශීලතාවය ඉහල නංවා ගැනීම සඳහා අභ්‍යන්තර ප්‍රේෂණ හා අපනයන ආදායම් ගලා ඒම දිරිමත් කිරීම ප්‍රවර්ධනය කිරීමට බැංකුව කටයුතු කරන ලදී. පවතින ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක් වූ සියලුම පාර්ශ්වකරුවන්ට එම තත්වයෙන් මිදීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට අඛණ්ඩව සහයෝගය ලබා දීමට බැංකුව කටයුතු කරන ලදී.

පවතින දැඩි ආර්ථික ව්‍යාකූලත්වය මධ්‍යයේ වුවද 2022 ජූනි මස 30 න් අවසන් වන කාලඡේදය සඳහා සම්පත් බැංකුව රුපියල් බිලියන 7.1ක බදු පසු ලාභයක්ද, රුපියල් බිලියන 9ක බදු පෙර ලාභයක්ද වාර්තා කිරීමට සමත් වූ අතර 2021 වසරේ පළමු අර්ධය හා සැසඳීමේදී එය පිළිවෙලින් 0.3%ක සුළු ඉහල යාමක් හා 5.5%ක පහළ යාමක් විය. සමූහය සඳහා මෙය රුපියල් බිලියන 7.4ක බදු පසු ලාභයක්ද රුපියල් බිලියන 9.6ක බදු පෙර ලාභයක්ද ලෙස වාර්තා කළ අතර මෙය 2021 වර්ෂයේ පළමු අර්ධය හා සැසඳීමේදී පිළිවෙලින් 2%ක හා 5.5%ක පහළ යාමකි.

සම්පත් බැංකුව 2022 වසරේ පළමු අර්ධය සඳහා වාර්තා කරන ලද මූල්‍ය ප්‍රතිඵල 

  • සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) වර්ධනය වීමත් සමඟ 4.85%ක ශක්තිමත් ශුද්ධ පොලී ආන්තිකයක් වාර්තා කිරීම
  • ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 80%කින් එනම් රුපියල් 160.25කින් තියුණු ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ විනිමය ආදායම 323%ක ඉහල වර්ධනයක් වාර්තා කිරීම.
  • කාඩ්පත් හා වෙළෙඳාම් ආශ්‍රිත මෙහෙයුම් මූලික කරගෙන ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 69.9%ක සැලකිය යුතු වර්ධනයක් කරා ළඟා වීම.
  • ඇතිවිය හැකි ආර්ථික අවිනිශ්චිතතාවයන් ආවරණය වන අයුරින් ණය අත්තිකාරම් හා ආයෝජනයන් සඳහා ඉහල අපහායන ප්‍රතිපාදනයක් වෙන් කිරීම.
  • බැංකුවේ ආරම්භක රඳවාගත් ඉපයීම් ශේෂයට එරෙහිව රුපියල් බිලියන 2.67ක අධිභාර බද්දක් හඳුනා ගැනීම

අරමුදල් මත පදනම් වූ ආදායම

බැංකුවේ මුළු පොලී ආදායම 2022 වර්ෂයේ පළමු අර්ධය තුළදී රුපියල් බිලියන 59.2ක් වූ අතර එය පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා වාර්තා කළ රුපියල් බිලියන 41.9 සමග සැසඳීමේදී 41.1%ක වර්ධනයකි. 2022 වසරේ පළමු අර්ධය තුළදී වෙළෙඳපොල පොලී අනුපාතයන් ඉහල යාම මෙලෙස මෙම පොලී ආදායම සැලකිය යුතු ලෙස ඉහල යාම කෙරෙහි බලපාන ලදී. වාර්තා කරනු ලබන කාලපරිච්ඡේදය අවසානයේ වාර්තා වූ සාමාන්‍යය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) 22.62%ක් වූ අතර එය 2021 ජූනි මස 30 වන දිනට වාර්තා කරන ලද අගය හා සැසඳීමේදී පදනම් ලකුණු 1,711ක ඉහල යාමකි. තවද දැනට පවතින සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය 2021 වර්ෂය අවසානයේ පැවති අගයට වඩා පදනම් ලකුණු 1,401කින් වැඩිවී ඇත. මීට අමතරව භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 2021 ජූනි මස 30 වන දිනට සාපේක්ෂව 2022 ජූනි 30 වන විට පදනම් ලකුණු 1,861කින් ඉහල ගොස් 23.84%ක් ලෙස වාර්තා කරන ලදී.

පොලී අනුපාතයන් ඉහල යාමේ ප්‍රවණතාවයන් හෙතුවෙන් පොලී වියදමද පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 22.6%කින් ඉහල ගොස් ඇත. වාර්තා කරනු ලබන කාලපරිච්ඡේදය සඳහා බැංකුවේ මුළු පොලී වියදම රුපියල් බිලියන 27.8ක් වූ අතර එය 2021 වර්ෂයේ පළමු අර්ධයේදී රුපියල් බිලියන 22.7ක් විය. කෙසේ වෙතත් බැංකුවේ විචක්ෂණශීලී වත්කම් හා වගකීම් කළමනාකරණය හේතුවෙන් 2022 වර්ෂයේ පළමු අර්ධය සඳහා ශුද්ධ පොලී ආදායම 63%ක වර්ධනයක් ළඟා කර ගැනීමට සමත් විය. මෙම ප්‍රවණතාවය ශුද්ධ පොලී ආන්තිකය පදනම් ලකුණු 124කින් ඉහල යාම තුලින් පිළිබිඹු විය.

අරමුදල් මත පදනම් නොවූ ආදායම්

2022 වර්ෂයේ පළමු අර්ධය තුළදී සම්පත් බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 69.9%ක වර්ධනයක් අත්පත් කර ගන්නා ලදී. මෙම ආදායම ණය හා අත්තිකාරම්, ණය කාඩ්පත්, වෙළෙඳාම් හා විද්‍යුත් නාලිකා යන අංශවලින් සමන්විත වේ. සලකා බලනු ලබන කාලපරිච්ඡේදය තුළදී කාඩ්පත් ආශ්‍රිත ව්‍යාපාර පරිමාව ඉහල යාමත් වෙළෙඳාම් ආශ්‍රිත මෙහෙයුම් ගාස්තු හා කොමිස් ආදායම් ඉහල යාමත් මෙම ආදායමේ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය.

2022 පළමු අර්ධය තුළ ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 16ක් දක්වා ඉහල ගොස් ඇති අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 3.4ට සාපේක්ෂව 378%ක වර්ධනයකි. මේ සඳහා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 80%කින් අවප්‍රමාණය වීම ප්‍රධාන වශයෙන් හේතු විය. මීට අමතරව බැංකුව පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා කළ වෙළෙඳ ලාභය වූ රුපියල් මිලියන 46ට සාපේක්ෂව මෙම වර්ෂයේ සලකා බලනු ලබන කාලපරිච්ඡේදය සඳහා  රුපියල් බිලියන 2.5ක වෙළෙඳ අලාභයක් වාර්තා කරන ලදී. මුළු විදේශ විනිමය ආදායම 2021 වර්ෂයේ පළමු අර්ධය තුළදී වාර්තා කළ රුපියල් බිලියන 3ට සාපේක්ෂව 2022 වසරේ පළමු අර්ධයේදී රුපියල් බිලියන 13ක් ලෙස වාර්තා කරන ලදී.

අපහායන අයකිරීම්

බැංකුව තවදුරටත් දූරදර්ශී ලෙස ක්‍රියා කරමින් 2022 වසරේ පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 28.2ක අපහායන අයකිරීමක් හඳුනා ගන්නා ලද අතර එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා හඳුනා ගන්නා ලද රුපියල් බිලියන 5ට සාපේක්ෂව 464%ක ඉහල වර්ධනයකි. මෙය ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 19.3කින් ද මූල්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 7.8කින් ද සමන්විත වන අතර තවත් රුපියල් බිලියන 1.1ක් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව වෙන් කරන ලදී.

ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම් 

බැංකුව විසින් පිරිහෙමින් පවතින සාර්ව ආර්ථික තත්වයන් නිරූපණය වන ආකාරයට අපහායන ගණනය කිරීම් සඳහා භාවිතා කරනු ලබන සම්භාවිතාමය බර තැබීම් ඉහල දැමීම අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා ලද අතර ඒ අනුව වාර්තා කරනු ලබන කාලපරිච්ඡේදය සඳහා ආර්ථිකමය සාධක ගැලපීම යටතේ සැලකිය යුතු ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී. 2022 වසරේ දෙවන කාර්තුව තුළ සාර්ව ආර්ථිකය තවදුරටත් පහළ යාමට ඇති සම්භාවිතාවය සඳහා බර තැබීම් තව දුරටත් ඉහල දමන ලදී.

බැංකුව ඉහල යන ආර්ථික අවදානම් තත්වයන්ට යෝග්‍ය වන පරිදි හා සියලුම ප්‍රධාන ආර්ථික විචල්‍යයන් සම්බන්ධයෙන් නවතම දත්ත භාවිතා කරමින් ආර්ථික සාධක ගැලපුම් ක්‍රමවේදය තවදුරටත් යාවත්කාලීන කරන ලදී. ඉහත ක්‍රියාවලීන් මගින් වත්මන් ආර්ථික අභියෝග හමුවේ ඇති විය හැකි ණය අවදානම් ආවරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් අපහායන ප්‍රතිපාදනයන් වෙන් කිරීමට කටයුතු කරන ලදී.

ඉදිරියේදී ඇති විය හැකි අලාභයන් අවශෝෂණය කර ගැනීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ගනුදෙනුකරුවන් සඳහා වෙන් කරන ලද අතිරේක ප්‍රතිපාදනයන් ඉහල දැමීමට බැංකුව විසින් තීරණය කරන ලදී. තවද 2021 වසර අවසානයේ සහනදායී ණය යෝජනා ක්‍රමයෙන් බැහැරවූ ගනුදෙනුකරුවන් සඳහා ද තවදුරටත් අපහායන වෙන්කිරීම් පවත්වාගෙන යන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2021 දෙසැම්බර් 31ට සාපේක්ෂව අදියර 1 හා අදියර 2 ණය සඳහා සමුච්චිත අපහායන වෙන්කිරීම් පිළිවෙලින් 27.3%ක හා 63.5%ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

තවද බැංකුව විසින් අවදානම් සහගත කර්මාන්ත ලෙස හඳුනාගන්නා ලද කර්මාන්තවල නියුතු ගනුදෙනුකරුවන් අදියර 2 දක්වා මාරු කිරීම අඛණ්ඩව සිදු කරන ලදී. මීට අමතරව බැංකුව සිය ගනුදෙනුකරුවන් සමීපව නිරීක්ෂණය කරමින් ආර්ථික අභියෝග හමුවේ ඇති විය හැකි අහිතකර බලපෑම දරාගැනීමේ හැකියාවන් අනුව ඔවුන්ව අදියර 1 සිට අදියර 2 දක්වා මාරු කරන ලදී.

2022 වසරේ පළමු අර්ධය තුළදී අදියර 3 ණය සඳහා වෙන් කරන ලද සමුච්චිත අපහායන ප්‍රතිපාදනයන්ද 40.52%කින් ඉහල දමන ලදී. මීට මූලික වශයෙන් හේතු වූයේ 2021 වසර අවසානයට සාපේක්ෂව අදියර 3 ණය ප්‍රමාණය ඉහල යාම හා අදියර 3 යටතේ සිටින ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකු  සඳහා ප්‍රතිපාදනයන් නැවත ගණනය කිරීමයි.

අනෙකුත් මූල්‍ය උපකරණ මත වූ අපහායන අය කිරීම් 

සම්පත් බැංකුව විසින් 2022 ජූනි 30 වන විට ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා රුපියල් බිලියන 7ක් හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා රුපියල් බිලියන 11.8ක ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී. ෆිච් ශ්‍රේණිගත කිරීම් මඟින් 2022 මැයි මාසය තුළදී ශ්‍රී ලංකා ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම C සිට RD දක්වා පහත හෙලීම සහ රජය විසින් ගනු ලැබූ අනෙකුත් වත්මන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාමාර්ග මෙම තීරණයට ප්‍රධාන වශයෙන් බලපාන ලදී.

මෙහෙයුම් වියදම්

2022 වසරේ පළමු අර්ධය සඳහා මෙහෙයුම් වියදම රුපියල් බිලියන 13.7ක් වූ අතර එය 2021 වසරේ පළමු අර්ධයේ වාර්තා කළ රුපියල් බිලියන 11ට සාපේක්ෂව 24.3%ක වර්ධනයකි. මේ සඳහා මූලිකව හේතු වූයේ 2022 වසරේ මුල් මාස 6 තුළදී සැලකිය යුතු ලෙස ඉහල යන ලද උද්ධමන අනුපාතයයි. මෙහෙයුම් වියදම්වල වාර්තාගත වර්ධනයක් තිබියදීත් 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා කළ 39.51%ට සාපේක්ෂව 2022 වසරේ පළමු අර්ධය අවසානයේදී ආදායම් පිරිවැය අනුපාතය 25.45%ක් දක්වා එනම් පදනම් ලකුණු 1,406කින් පහත වැටිණි. මුළු මෙහෙයුම් වියදමේ ඉහල යාමට සාපේක්ෂව මුළු මෙහෙයුම් ආදායම සීග්‍රයෙන් ඉහල යාම ආදායම් පිරිවැය අනුපාතයේ සීග්‍ර පහල යාමට මූලික වශයෙන් හේතු විය.

ප්‍රධාන අනුපාතයන්

සාමාන්‍ය කොටස් හිමියන්ගේ කොටස්වල ප්‍රතිලාභය (බදු පසු) 2021 වසර අවසානයේ වාර්තා කළ 11.05%ට සාපේක්ෂව 2022 ජූනි 30 වන විට 12.06%ක් දක්වා ඉහල ගොස් ඇත. සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර) 2021 වසරේ වාර්තා කළ 1.44%ට සාපේක්ෂව 2022 ජූනි 30 වන විට 1.43%ක් ලෙස වාර්තා කරන ලදී.

ප්‍රාග්ධන අනුපාතයන්

2022 වසරේ පළමු අර්ධය පුරාවට තම සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහල මට්ටමක පවත්වාගෙන යාමට බැංකුව සමත් විය. පළමු පෙල සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය,  සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතයන් 2021 වර්ෂය අවසානයේ වාර්තා කළ 13.95%, 13.95% හා 17.02%ට සාපේක්ෂව 2022 වසරේ ජූනි 30 දින වන විට පිළිවෙලින් 11.3%, 11.3%, හා 13.82%ක් ලෙස වාර්තා විය. අදාල කාලපරිච්ඡේදය තුළ මුළු ප්‍රාග්ධන අනුපාතය පහත වැටීම කෙරෙහි ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් අවදානම මත බර තබන ලද වත්කම්වල ඉහල යාම, මුදල් ලාභාංශ හා අධිභාර බදු ගෙවීම හේතු විය.

ආර්ථික අවිනිශ්චිතතාවයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සහගත තත්වයන් අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් ස්වාරක්ෂක සහිතව සිය ප්‍රාග්ධන අනුපාතයන් විචක්ෂණ මට්ටමින් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මනා ස්ථාවරත්වයක් බැංකුව සතුව ඇත.

වත්කම් හා වගකීම්

2021 දෙසැම්බර් 31 දිනට රුපියල් ටි්‍රලියන 1.2ක්ව පැවති සම්පත් බැංකුව සතු මුළු වත්කම් රුපියල් බිලියන 122ක වර්ධනයක් (වාර්ෂික වර්ධනය 20.2%) සහිතව 2022 ජූනි 30 වන විට රුපියල් ටි්‍රලියන 1.3ක් දක්වා ළඟා වීමට සමත් විය. මේ සඳහා මුළු ණය හා අත්තිකාරම් හා මුදල් හා මුදලට සමාන දෑ වල ඉහල යාම හේතු විය. 2022 වසරේ පළමු අර්ධය තුළදී දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ ව්‍යවහාර මුදලින් අගය කරන ලද වත්කම්වල දේශීය මුදලට පරිවර්තනය කරන ලද අගය ඉහල යාම ශේෂ පත්‍රයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපාන ලදී. විනිමය අනුපාතයන් වෙනස් වීමේ බලපෑම ඉවත් කළේ නම් බැංකුවේ මුළු වත්කම්වල වාර්ෂික වර්ධනය දළ වශයෙන් 5%ක් ලෙස වාර්තා විය.

මුළු අත්තිකාරම් ප්‍රමාණය 2021 දෙසැම්බර් 31 දිනට වාර්තා කරන ලද රුපියල් බිලියන 813ට සාපේක්ෂව වාර්තා කරනු ලබන කාල සීමාව තුළදී 29.7%ක (වාර්ෂික) වර්ධනයක් සහිතව 2022 ජූනි 30 වන විට රුපියල් බිලියන 933ක් දක්වා වර්ධනය විය. ශ්‍රී ලංකා මුදලින් අගය කරන ලද ණය හා අත්තිකාරම් වල වර්ධනය (වාර්ෂික)13.6%කි. සලකනු ලබන කාලපරිච්ඡේදයේදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 160.25කින් අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ ව්‍යවහාර මුදලින් අගය කරන ලද ණයවල වටිනාකම  ඉහල යන ලදී. විනිමය අනුපාතය වෙනස්වීමේ බලපෑම ඉවත් කළේ නම් බැංකුවේ මුළු ණය හා අත්තිකාරම් ප්‍රමාණයේ වර්ධනය 9.8%ක් (වාර්ෂිකව) වේ.

තවද ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද ණය කළඹ නැවත වර්ගීකරණය පිළිබඳ විකල්ප ක්‍රමවේද ප්‍රකාශනය (SOAT) මඟින් අවසර දී ඇති පරිදි වාර්තා කරන කාලපරිච්ඡේදය තුළදී බැංකුව විසින් අනෙකුත් විස්තරාත්මක ආදායම තුලින් සාධාරණ අගයට අගය කරන ලද රුපියල් බිලියන 33ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ක්‍රමක්ෂය පිරිවැය වෙත මාරු කරන ලදී.

2021 වසර අවසානයේ වාර්තා කරන ලද දේශීය මුදල් තැන්පතු කළඹ 9.24%කින් පහල යන ලදී. මෙයට හේතු වූයේ  අදාල කාලපරිච්ඡේදය තුළ බැංකුවට ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පැවතීමත් එම නිසා තැන්පතු වර්ධනය කර ගැනීමේ ක්‍රියාමාර්ග 2022 වසරේ පළමු අර්ධය තුලදී ක්‍රියාත්මක නොකිරීමත්ය. 2022 වසරේ පළමු අර්ධය අවසානයේදී බැංකුව සතු ජංගම හා ඉතුරුම් තැන්පතු අනුපාතය 40.6%ක් ලෙස වාර්තා විය. කෙසේ වෙතත් තරඟකාරී වෙළෙඳපොල පොලී අනුපාත හා නව කාල සීමාවන් යටතේ තැන්පතු හඳුන්වාදීම තුලින් බැංකුව 2022 වසරේ ජූලි මස තුළදී තැන්පතු වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග නැවත ආරම්භ කරන ලදී.

අධිභාර බදු

2022 අප්‍රේල් 08 වන දින සහතික කරන ලද 2022 අංක 14 දරණ අධිභාර බදු පනතට අනුව 2020/21 තක්සේරු වර්ෂය සඳහා බදු අයකළ හැකි ආදායම වූ රුපියල් මිලියන 10,682 මත පදනම්ව රුපියල් මිලියන 2,671ක අධිභාර බදු වගකීමකට බැංකුව යටත් වේ. තවද සම්පත් සමූහය සඳහා අධිභාර බදු වගකීම රුපියල් මිලියන 3,233කි. එකී පනතට අනුකූලව 2020 ජනවාරි 01 දිනෙන් ආරම්භ වන මූල්‍ය වර්ෂයේ එම බදු මුදල වියදමක් ලෙස සැලකිය යුතුය. එම පනත ශ්‍රී ලංකා ගිණුම්කරණ නියමයන් ඉක්මවා යාම හේතුවෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද අධිභාර බදු සඳහා ගිණුම්කරණය පිළිබඳ විකල්ප ක්‍රමවේද ප්‍රකාශනයේ සඳහන් නිර්දේශයන්ට අනුකූලව අධිභාර බදු වියදම් ගිණුම්ගත කරන ලදී. ඒ අනුව 2022 ජූනි 30 දිනෙන් අවසන් වූ කාර්තුව තුළදී 2022 ජනවාරි 01 දිනට පැවති ආරම්භක රඳවාගත් ඉපයීම්වලට ගැලපීමක් ලෙස අධිභාර බදු සම්පූර්ණ වගකීම හඳුනා ගන්නා ලදී.

  • Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • sri lanaka

පොසොන් පොහොය නිමිති කරගනිමින් සම්පත් බැංකුවෙන් පිංකම් රැසක්

July, 4, 2022

පසුගියදා නිමාව දුටු පොසොන් පුන් පොහොය දිනය නිමිති කරගනිමින් රටටත්, ජනතාවටත් සෙත් පැතීම අරමුණු කරගත් ශීල ව්‍යාපාරයක් ඇතුළු පින්කම් රැසක් සංවිධානය කිරීමට සම්පත් බැංකුවේ බෞද්ධ සංගමය කටයුතු කරනු ලැබීය. එහිදී සම්පත් බැංකු සාමාජිකයින්ගේ හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ගේ මෙන්ම විශ්‍රාමික සම්පත් බැංකු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පොසොන් පොහොය දින දවස පුරා සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේදී ශීල ව්‍යාපාරයක් පැවැත්වුණ අතර ඒ වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටීමද විශේෂත්වයකි. ඊට අමතරව දිවයින පුරා සම්පත් බැංකු ශාඛාවන් 21ක් මඟින් සංවිධානය කළ දානමය පිංකම් 21ක්ද සංවිධානය කර තිබූ අතර දිවයිනේ විහාරස්ථාන 21ක සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙනුවෙන් එම දානය පිළිගන්වනු ලැබීය.

මීට අමතරව සම්පත් බැංකුව දිවයින පුරා ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ විවිධ පිංකම් වෙනුවෙන් සිය දායකත්වය දැක්වීමට කටයුතු කර තිබිණ.

  • Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • sri lanaka

සම්පත් බැංකුව සිය ශක්තිමත් ප්‍රාග්ධන පදනම හා දූරදර්ශී අවදානම් කළමනාකරණය තුලින් අභියෝගාත්මක ආර්ථික පරිසරය සාර්ථකව ජය ගනී

June, 7, 2022

පවතින පීඩාකාරී ආර්ථික තත්වයන් හේතුවෙන් ඇති විය හැකි අලාභයන් අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් මට්ටමේ ප්‍රාග්ධන ස්වාරක්ෂකයන් තිබීමත්, සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණ ක්‍රමෝපායන් සහ විවිධාංගීකරණය වූ ආයෝජන කලඹක් තිබීමත් තුලින් ඍණාත්මක ආර්ථික පසුබිමක් තුල වුවද සිය සම්බන්ධිත පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා වලට ප්‍රමුඛතාව දීමට සම්පත් බැංකුවට හැකි විය.

තියුණු අභියෝගකාරී ආර්ථික වාතාවරණයක් මධ්‍යයේ වුවද 2022 මාර්තු 31න් අවසන් වූ පළමු කාර්තුව සඳහා සම්පත් බැංකුව බදු පෙර ලාභය රුපියල් බිලියන 6.5 ක් හා බදු පසු ලාභය රුපියල් බිලියන 4.7ක් වාර්තා කිරීමට සමත් වූ අතර එය ණය අත්තිකාරම් සහ ආයෝජන සඳහා ප්‍රමාණවත් අපහායන ප්‍රතිපාදනයන් වෙන් කිරීමෙන් ද පසුව 2021 පළමු කාර්තුවට සාපේක්ෂව පිළිවෙලින් 5.3%ක හා 2.9%ක වර්ධනයකි.

සම්පත් බැංකුව හා සමූහය විසින් 2022 පළමු කාර්තුව සඳහා වාර්තා කරන ලද මූල්‍ය ප්‍රතිඵල

■      සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) වර්ධනය වීමත් සමගම ශක්තිමත් ශුද්ධ පොලී ආන්තිකයක් වාර්තා කිරීමට සම්පත් බැංකුව සමත් විය.

■      ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 47%කින් අවප්‍රමාණය වීම නිසා විදේශ විනිමය ආදායම 248%කින් වර්ධනය විය.

■      කාඩ්පත් හා වෙළෙඳ ආශ්‍රිත මෙහෙයුම් මූලික කරගත් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමේ 74.6% ක සැලකිය යුතු වර්ධනයක් කාර්තුව තුල දී ළඟා කරගත හැකි විය.

■      ඇති විය හැකි ආර්ථික අවිනිශ්චිතතාවයන් අවම කර ගැනීමට ණය අත්තිකාරම් හා ආයෝජනයන් සඳහා ඉහල අපහායන ප්‍රතිපාදනයක් වෙන් කරන ලදී.

■      සමූහයේ බදු පසු ලාභය 4.9%ක ආන්තික පහල බැසීමක් වාර්තා කළ අතර බදු පෙර ලාභය 1.6%ක සුළු වර්ධනයක් වාර්තා කරන ලදී. සමූහයේ බදු පෙර ලාභය හා බදු පසු ලාභය 2022 පළමු කාර්තුව සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 6.8ක් හා රුපියල් බිලියන 4.9 ක් විය.

අරමුදල් මත පදනම් වූ ආදායම 

සම්පත් බැංකුව 2022 පළමු කාර්තුව සඳහා  රුපියල් බිලියන 24.9 ක පොලී ආදායමක් උපයාගත් අතර මෙය සංසන්දනාත්මක කාලච්ජේදයේ රුපියල් බිලියන 20.7 හා සැසඳීමේදී 20%ක වර්ධනයකි. මේ සඳහා ප්‍රධාන වශයෙන් ණය අත්තිකාරම් හා ආයෝජනයන්හි පොලී අනුපාතිකයන් ඉහළ යාම හේතු විය. සාමාන්‍යය බර තැබූ ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) 2021 මාර්තු 31 දිනට පැවති 5.75% ට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව අවසානය වන විට 9.71% දක්වා පදනම් ලකුණු 396 කින් ඉහළ ගොස් ඇත. තවද වසරකින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා වන පොලී අනුපාතය සංසන්දනාත්මක කාලච්ජේදයේ වාර්තා කල 5.11% සිට පදනම් ලකුණු 717 කින් ඉහළ යන ලදී.

මෑත කාලීනව සිදු වූ පොලී අනුපාත ඉහල යාම් මධ්‍යයේ වුවද තැන්පතු කලඹෙහි ජංගම හා ඉතුරුම් ගිණුම් සංයුතිය තුල ඇති වූ ඉහල වර්ධනය හේතුවෙන් පොලී වියදමේ පහල යාමක් වාර්තා කිරීමට සම්පත් බැංකුවට හැකි විය. ඒ අනුව 2021 පළමු කාර්තුවට සාපේක්ෂව පොලී වියදමෙහි 1.6%ක ආන්තික පහල යාමක් 2022 පළමු කාර්තුවේදී වාර්තා කරන ලදී. 2022 පළමු මාස තුන සඳහා  බැංකුවේ පොලී වියදම රුපියල් බිලියන 11.3 ක් වූ අතර සංසන්දනාත්මක කාලච්ඡේදය සඳහා එය රුපියල් බිලියන 11.5 ක් විය. ඉහත කරුණු හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 2022 පළමු කාර්තුවේ 47%කින් ඉහළ ගිය අතර ශුද්ධ පොලී ආන්තිකය 4.54%ක් ලෙස වාර්තා විය. එය 2021 වසර අවසානයට වාර්තා කළ අගයට සාපේක්ෂව පදනම් ලකුණු 93ක වර්ධනයකි.

අරමුදල් මත පදනම් නොවූ ආදායම 

සම්පත් බැංකුවේ 2022 පළමු කාර්තුවේදී ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම (NFCI) පෙර වසරේ සංසන්දනාත්මක  කාලපරිච්ඡේදයේ වාර්තා කළ අගයට සාපේක්ෂව ඉතා ඉහල වර්ධනයක් පෙන්නුම් කරන ලදී. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ප්‍රධාන වශයෙන් ණය හා අත්තිකාරම්, ණය කාඩ්පත්, වෙළෙඳ හා විද්‍යුත් නාලිකා යන අංශවලින් උපයා ගන්නා ලදී. මෙම සැළකිය යුතු වර්ධනයට කාඩ්පත් ආශ්‍රිත මෙහෙයුම් පරිමාව ඉහළ යාමත්, වෙළෙඳ ආශ්‍රිත මෙහෙයුම්වලින් උපයාගත් කොමිස් ආදායම ඉහළ යාමත් ප්‍රධාන හේතූන් විය.

ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායමද පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 223%ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ලදී. මෙය ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 47%කින් තියුණු ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් ජනනය වූ ඉහළ විනිමය ආදායමේ ප්‍රතිඵලයකි. 2022 පළමු මාස තුන සඳහා බැංකුව රුපියල් බිලියන 8.7 ක ශුද්ධ  අනෙකූත් මෙහෙයුම් ආදායමක් වාර්තා කරන ලද අතර ඵයට සාපේක්ෂව 2021 පළමු කාර්තුව සඳහා ආදායම රුපියල් බිලියන 2.7 ක් විය. මීට අමතරව පෙර මූල්‍ය වර්ෂයේ සංසන්දනාත්මක කාලපරිච්ඡේදය තුළ වාර්තා කරන ලද රුපියල් මිලියන 398 හා සැසඳීමේදී මෙම වසරේ සමාලෝචිත කාල සීමාව තුළ බැංකුව රුපියල් මිලියන 381 ක ශුද්ධ වෙළෙඳ අලාභයක් වාර්තා කර ඇත. මෙම පදනම මත වර්තමාන කාලපරිච්ඡේදය සඳහා විදේශ විනිමය ගනුදෙනුවලින් බැංකුවේ ශුද්ධ විනිමය ආදායම රුපියල් බිලියන 8 ක් විය.

අපහායන අයකිරීම් 

අපහායන අයකිරීම් 897%ක ඉහළ යාමක් පෙන්නුම් කරමින් පසුගිය වසරේ පළමු කාර්තුවේදී අය කළ රුපියල් බිලියන 1.2 ට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 11.8ක් විය. මෙම අපහායන අයකිරීම් තුළ රුපියල් බිලියන 4.9 ක් ණය හා අත්තිකාරම් සඳහාද රුපියල් බිලියන 6.7 ක් අනෙකුත් මූල්‍ය උපකරණ සඳහාද වෙන් කරන ලද අතර තවත් රුපියල් මිලියන 209 ක් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව වෙන් කර ඇත.

ණය අත්තිකාරම් මත අපහායන අය කිරීම්

නැගී එන ගෝලීය හා දේශීය ආර්ථික අභියෝග හමුවේ ඇතිවන බලපෑම් ආවරණය කර ගැනීම සඳහා බැංකුව විසින් ණය හා අත්තිකාරම් සඳහා වන අපහායන අය කිරීම් ඉහළ දමන ලදී. 2021 වසරේදී භාවිත කරන ලද අපහායන  ආකෘති සමඟ අඛණ්ඩව අනුගත වෙමින් බැංකූව විස‘න් පවත‘න ආර්ථික තත්වයන් ද සැලකිල්ලට ගනිමින් අවශ්‍ය ගැලපුම් සිදු කරන ලදී. ප්‍රමාණවත් ණය අලාභ ප්‍රතිපාදන තීරණය කිරීම සඳහා ප්‍රධාන දේශීය හා ගෝලීය ආර්ථික තත්වයන් සලකා බැලීමට මෙම අපහායන ආකෘතීන් තුළ සම්භාවිතාමය බරතැබීම් භාවිතා කරනු ලැබේ. මේ අනුව මෑත කාලීනව ආර්ථිකයේ ඇති වූ ඉහළ අස්ථාවරභාවය සැලකිල්ලට ගනිමින් අහිතකර ආර්ථික තත්වයන් සඳහා ඉහළ බර තැබීමක් සිදු කරමින් හා නවතම ආර්ථික දත්ත භාවිත කරමින් 2022 පළමු කාර්තුවේ අපහායන අය කිරීම් ගණනය කිරීම සිදු කරන ලදි. ඉහත සඳහන් කරන ලද කරුණු හේතුවෙන් 2022 පළමු කාර්තුවේ අපහායන අයකිරීම් සාපේක්ෂව ඉහළ අගයක් පෙන්නුම් කරයි. පසුගිය වසරේ සංසන්දනාත්මක කාර්තුවේ අපහායන අයකිරීම් අගය සාපේක්ෂව පහළ අගයක් ගන්නා අතර මෙයට හේතු වන්නේ අදාල කාල සීමාව තුළ පැවති ව්‍යාපාරික විශ්වාසය හා ධනාත්මක ආර්ථික දැක්මයි.

තවද දැනට පවතින ආර්ථික තත්වයන් යටතේ ගණුදෙනුකරුවන්ගේ ණය අවදානම් නැවත වරක් තක්සේරු කරන ලද අතර ඊට අනුකූලව අපහායන ප්‍රතිපාදනයන් තව දුරටත් ඉහළ දමන ලදී. මෙයට අමතරව ඉහල අවදානම් සහිත කර්මාන්තවල නියැලෙන ගණුදෙනුකරුවන් ඇතුළුව වර්තමාන ආර්ථික අවිනිශ්චිතතාවයන්ට මුහුණ දීමට ඇති හැකියාව පදනම් කරගෙන බැංකුව විසින් ගණුදෙනුකරුවන් අදියර 1 සිට අදියර 2 වෙත මාරු කරන ලදී. මෙයට අමතරව 2021 දෙසැම්බර් මාසයේදී අවසන් වන ලද කොවිඩ් 19 සහනදායී ණය යෝජනා ක්‍රමයේ 4 වන අදියර යටතේ සිටි ගණුදෙනුකරුවන් වෙනුවෙන් කළමනාකරණ ආවරණයන් ලෙස හඳුනාගන්නා ලද අපහායන වෙන් කිරීම්  තව දුරටත්  පවත්වාගෙන යන ලදී.

ඉහත සඳහන් කරන ලද කරුණු හේතුවෙන්  2022 පළමු කාර්තුවේදී 2021 පළමු කාර්තුවට සාපේක්ෂව ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම් 404%ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ලද අතර එය පිළිවෙලින් 2022 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 4.9ක් හා 2021 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 1ක් විය.

අනෙකුත් මූල්‍ය උපකරණ මත වූ අපහායන අයකිරීම් 

2022 පළමු කාර්තුව සඳහා විදේශ ව්‍යවහාර මුදලින් අගය කරනු ලබන රජයේ සුරැකුම්පත්  සඳහා අපහායන වෙන් කිරීම් වශයෙන් රුපියල් බිලියන 6.3 ක් හඳුනා ගන්නා ලදී. මේ සඳහා ප්‍රධාන වශයෙන් 2022 අප්‍රේල් මස තුළ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇත‘ව ආර්ථික ගැලපුම් වැඩසටහනක්  හරහා රටේ විදේශ ණය සම්මුතිමය ප්‍රතිව්‍යුහගත කිරීමක් පිළිබඳව සළකා බලන බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනය කිරීම යන කරුණු ද්විත්වය හේතු විය.

මෙහෙයුම් වියදම් 

2022 පළමු කාර්තුව සඳහා මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 6.5 ක් වූ අතර එය 2021 පළමු කාර්තුව සඳහා වූ රුපියල් බිලියන 5.5ට සාපේක්ෂව 17.5%ක වර්ධනයකින් යුක්තවේ. අදාල කාල සීමාවේදී පැවති ඉහළ උද්ධමනය මේ සඳහා මූලික විය. තවද බැංකූවේ මුළු මෙහෙයුම් ආදායම 86.3% ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. මෙහ‘ ප්‍රථිඵලයක් ලෙස බැංකූවේ ආදායම් පිරිවැය අනුපාතය කැපී පෙනෙන ලෙස පහත වැටෙන ලදි. එය 2021 පළමු කාර්තුවේ 38.9% හා සසඳන විට 2022 පළමු කාර්තුව සඳහා 24.5% ක් විය. කෙසේ වෙතත් විනිමය ආදායමෙහි ඇති වූ වර්ධනය සැලකීමට නොගත්තේ නම් 2022 පළමු කාර්තුව සඳහා ආදායම් පිරිවැය අනුපාතය 31.3%ක් වේ.

ප්‍රධාන අනුපාතයන් 

සාමාන්‍ය ස්කන්ධය මත වූ ප්‍රතිලාභ අනුපාතය (බදු පසු) 2021 වසර අවසානයේ වාර්තා වූ 11.05%ට සාපේක්ෂව 2022 මාර්තු 31 දින වන විට 15.95%ක් දක්වා ඉහළ ගියේය. සාමාන්‍ය වත්කම් මත ඉපයුම් අනුපාතය (බදු පෙර) 2021 වාර්තා වූ 1.44%ට සාපේක්ෂව 2022 මාර්තු 31 වන දින විට 2.13%ක් විය.

ප්‍රාග්ධන අනුපාතයන්

සම්පත් බැංකුව 2022 පළමු වන කාර්තුව තුල සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියමිත නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළ මට්ටමක පවත්වාගෙන යන ලදී. බැංකුවේ පළමු පෙළ සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙල ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතය පිළිවෙලින් 2021 වර්ෂයේ අවසානයේ වාර්තා කළ 13.95%, 13.95% හා 17.02%ට සාපේක්ෂව 2022 මාර්තු 31 වන දිනය වන විට පිළිවෙලින් 11.44%, 11.44% හා 14.20% විය. අදාල කාලපරිච්ඡේදය තුළ මුළු ප්‍රාග්ධන අනුපාත වෙනස්වීම කෙරෙහි අවදානම මත බර තබන ලද වත්කම්වල වැඩිවීම හා රුපියල් මිලියන 4,864ක වටිනාකමින් යුක්ත මුදල් ලාභාංශ ගෙවීම සඳහා රඳවා ගත් ඉපයීම් බෙදා හැරීම හේතු විය.

ආර්ථික අවිනිශ්චිතතාවයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සහගත තත්වයන් අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් ස්වාරක්ෂක සහිතව සිය ප්‍රාග්ධන අනුපාතයන් විචක්ෂණ මට්ටමින් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මනා ස්ථාවරත්වයක් සම්පත් බැංකුව සතු වේ.

වත්කම් හා වගකීම්

2021 දෙසැම්බර් 31 දිනට රුපියල් ටි්‍රලියන 1.2ක්ව පැවති සම්පත් බැංකුවේ මුළු වත්කම් රුපියල් බිලියන 93.5ක වර්ධනයක් (වාර්ෂික වර්ධනය 31.6%) සහිතව 2022 මාර්තු 31 වන විට රුපියල් ටි්‍රලියන 1.29 දක්වා ළඟා වීමට සමත් විය.

මුළු අත්තිකාරම් ප්‍රමාණය 2021 දෙසැම්බර් මස අවසානයට වාර්තා වූ රුපියල් බිලියන 813ට සාපේක්ෂව වාර්තා කරනු ලබන කාල සීමාව තුළදී 34.6%ක (වාර්ෂික) වර්ධනයක් සහිතව රුපියල් බිලියන 883ක් දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රදානය කරන ලද ණය කලඹේ වර්ධනය (වාර්ෂික) 15.5% කි.

කෙසේ වුවද, විදේශ ව්‍යවහාර මුදලින් දෙන ලද ණයවල දේශීය මුදලට පරිවර්තනය කරන ලද අගය, ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මාර්තු මස තුල අවප්‍රමාණය වීම හේතුවෙන් කැපී පෙනෙන ලෙස වර්ධනය විය. විනිමය අනුපාත වෙනස්වීමේ බලපෑම ඉවත් කළේ නම් බැංකුවේ මුළු ණය හා අත්තිකාරම්වල වර්ධනය (වාර්ෂික) 12.3%ක් වේ.

බැංකුවේ මුළු තැන්පතු කළඹ 2021 දෙසැම්බර් 31 දිනට  වාර්තා වූ  රුපියල් බිලියන 978ට සාපේක්ෂව 2022 මාර්තු 31 දින වන විට 32%ක වාර්ෂික වර්ධනයක් සහිතව රුපියල් බිලියන 78 කින් වර්ධනය විය. කෙසේ වුවද කාල සීමාව තුළදී දේශීය මුදල් තැන්පතු කළඹෙහි වර්ධනය (වාර්ෂික) 6.9%ක් පමණී . මුළු ජංගම හා ඉතුරුම් තැන්පතු අනුපාතය 2021 අවසානයේ පැවති 45.7%ට සාපේක්ෂව 2022 පළමු කාර්තුව අවසානයේ 45.8% ක් ලෙස වාර්තා විය.

අධිභාර බදු

2022 අප්‍රේල් 08 වන දින සහතික කරන ලද 2022 අංක 14 දරණ අධිභාර බදු පනතට අනුකූලව 2020/21 තක්සේරු වර්ෂය සඳහා බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන 10,682 මත පදනම්ව රුපියල් මිලියන 2,671ක් වූ අධිභාර බදු වගකීමකට බැංකුව යටත් වේ. තවද සම්පත් සමූහය සඳහා අධිභාර බදු වගකීම රුපියල් මිලියන 3,233 කි. එකී පනතට අනුකූලව 2020 ජනවාරි 01 දිනෙන් ආරම්භ වන මූල්‍ය වර්ෂයේ එම බදු මුදල වියදමක් ලෙස සැලකිය යුතුය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මඟින් නිකුත් කළ අධිභාර ගිණුම්කරණය පිළිබඳ විකල්ප ක්‍රමවේද ප්‍රකාශයේ  (SOAT) නියමයන්ට අනුකූලව 2022 දෙවන කාර්තුවෙහි අන්තර්කාලීන මූල්‍ය ප්‍රකාශනයන්හි, 2021 ජනවාරි 01 දිනට ආරම්භක රඳවාගත් ඉපයීම් ශේෂයට ඵරෙහිව අධිභාර බද්ද ගලපනු ලැබේ.

ලාභාංශ

2022 මාර්තු 30 වැනි දින පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී බැංකුවේ කොටස් හිමියන් විසින් 2021 මූල්‍ය වර්ෂය සඳහා කොටසකට රුපියල් 4.25ක පළමු හා අවසාන මුදල් ලාභාංශයක් අනුමත කරන ලදී. බැංකුව විසින් 2022 මාර්තු 31 දිනට එහි මූල්‍ය ප්‍රකාශනවල අනුමත වූ අවසන් ලාභාංශ සඳහා රුපියල් මිලියන 4,864ක ප්‍රතිපාදනයක් වෙන් කරන ලද අතර එම ලාභාංශ මුදල් 2022 අප්‍රේල් මාසයේදී ගෙවන ලදී.

ඡායාරූප - සම්පත් බැංකු පීඑල්සී හි සභාපති හර්ෂ අමරසේකර මහතා (වම), සම්පත් බැංකු පීඑල්සීහි කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා (දකුණ)