• Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • sri lanka

සම්පත් බැංකුව, ‘මිනිසත්කමේ පොහොසත්කම’ ලොවට විවර කරමින් ආදිවාසී ගොවි ජනතාව වෙනුවෙන් දඹාන දැලිකැදලි වැවෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹයි

October, 31, 2022

දශක ගණනාවක් පුරාවට දැයක් පෝෂණය කරමින් කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් තිබෙන මව්බිමෙහි අතීත උරුමය දැයේ හෙට දවස වෙනුවෙන් යළි යළිත් ජීවයෙන් පුරවාලන සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් පියවරක් පසුගියදා අරඹනු ලැබීය. ඒ මෙරට අභිමානවත් ආදිවාසී ජනතාවගේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් දියවර සපයා ගැනීමේ ප‍්‍රධාන මාර්ගය වන දඹාන, දැලිකැදලි වැවෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමිනි.

බුලතා යෝධයා ඉදිකළ ලොවක් මවිත කරන සොර බොර වැවේ ප්‍රෞඩත්වය මතින් පාරම්පරික ආදිවාසී ජනතාවගේ ජීවනෝපායෙහි කොටසක් වී ඇති දඹාන දැලිකැදලි වැව ප‍්‍රදේශයේ කූඹුරු අක්කර 104ක් අස්වද්දන්නට අවැසි දියවර වසර ගණනාවක් මුළුල්ලේ නොඅඩුව සපයමින් ගොවි පවුල් 90කට වැඩි ප‍්‍රමාණයකගේ කුසගිනි නිවන්නට දිරි දුන් මහ`ගු සම්පතක් විය. මෙම දැලිකැදලි වැවට, තවත් සිය මෙහෙවර නිසි පරිදි ඉටු කරන්නට තරම් ශක්තියක් නොමැත්තේ නිසි නඩත්තුවක් නොවූ හෙයිනි.

වැවෙහි පිටවාන සම්පූර්ණයෙන් කැඞී ගොස්ය. කූඹුරු අස්වද්දන්නට දියවර නිකුත් කරන සොරොව් දොර මෙන්ම දියවර ගෙන යන ඇල මාර්ගයද ඉතාමත් අබලන් තත්වයේය. නිසි නඩත්තුවක් නොවූ මේ සියල්ල හමුවේ අන්ත අසරණ භාවයට පත් වූයේ සිය ජීවිතයේ බොහෝ දේ වැවත් සම`ග බෙදා හදාගත් ආදිවාසී ගොවි ජනතාවයි. තව දුරටත් කුඹුරු වගා කරන්නට තරම් හැකියාවක් ඔවුන්ට නොවූයේ ඊට අවශ්‍ය තරම් ජලය නොමැති වූ හෙයිනි. අබලන් වූ ඇල මාර්ග හරස් කරමින් සුළු පිරිසක් සිය කූඹුරු වගා කළද එයද එක් කන්නයකට පමණක් සීමා විය. වැවෙහි ජල මට්ටම අඩු වන විට ප‍්‍රදේශයේ ළිං සි`දීයාමද සිදු වන්නේ නිතැතිනි. එතැන් පටන් බීමට දිය පොදක් සොයා සැතපුම් ගණනක් දුර යන්නට ඔවුන්ට සිදුව ඇත. රටට බත සපයමින් රටක කුසගිනි නිවූ මේ ගොවි ජනතාවට පත්ව ඇති ඉරණම හමුවේ ඔවුන්ට සරණක් විය හැක්කේ මිනිසත් කමෙන් පොහොසත් මිනිසුන්ට පමණකි. සම්පත් බැංකුව මෙරට අභාවයට යමින් පවතින වැව් යළි ප‍්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවට යහපත් හෙට දවසක් උදා කර දීම වෙනුවෙන් ආරම්භ කළ ‘වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහන’ හරහා දඹාන දැලිකැදලි වැව ප‍්‍රතිසංස්කරණයේ වගකීම භාර ගත්තේ ඒ මිනිසත්කමෙහි පොහොසත් බව මනාව ප‍්‍රදර්ශනය කරමිනි.

ඒ අනුව පසුගියදා සුභ මොහොතින් සෙත් පිරිත් ආශිර්වාද සහ ආදිවාසී පුද පූජා මධ්‍යයේ දඹාන දැලිකදැලි වැව ප‍්‍රතිසංස්කරණයේ මංගල පියවර තැබුණේ දඹාන ගොවීන්ගේ මුව`ගට සිනහවක් ගෙන එමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මූල්‍ය නිලධාරී අජන්ත ඩි. වාස් ගුණසේකර මහතා ස`දහන් කර සිටියේ ‘‘අද වන විට මුළු රටටම බත සපයන ගොවි ජනතාවගේ අගය අන් කවරදාටත් වඩා අප සියලූ දෙනාට දැනෙමින් තිබෙන බව රහසක් නෙවෙයි. එහෙත් කෙමෙන් අභාවයට යමින් පවතින වැව් පද්ධතිය නිසා ඔවුන්ගේ ගොවිතැන් හරි ආකාරයෙන් සිදු කරගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිනවා. සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ අභාවයට යමින් පවතින වැව් ප‍්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවට යහපත් හෙට දවසක් උරුම කර දීම වෙනුවෙනුයි. විශේෂයෙන් සම්පත් බැංකුවේ ‘පොහොසත් මිනිස්සු’ සංකල්පය යළි යලිත් තහවුරු කරන සුවිශේෂී අවස්ථාවක් ලෙසද ස`දහන් කළ හැකි මෙම සමාජ සත්කාරය තුළින් ආදිවාසී ජනතාවට යහපත් හෙට දවසක් උදා කර දීමට හැකි වනු ඇතැයි මා තරයේ විශ්වාස කරනවා’’ යනුවෙනි.

‘දඹාන දැලිකැදලි වැව ගොවි සංවිධානය’ ම`ගින් පාලනය වන දැලිකැදලි වැව ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් එම ගොවි සංවිධානයේ මෙන්ම ප‍්‍රදේශවාසීන්ගේ සහායද නොඅඩුව ලැබෙන අතර බදුල්ල දිස්ත‍්‍රික් ගොවිජන සේවා දෙපාර්මේන්තුව විසින් අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබා දෙනු ලබයි.

දැලිකැදලි වැව ප‍්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දැලිකැදලි වැව ගොවි සංවිධානයේ සභාපති අජිත් අමරසිරි මහතා ‘‘ මේ ප‍්‍රදේශයේ සියලූම දෙනා පාහේ ජීවත් වෙන්නේ කූඹුරු ගොවිතැනින්. කාලයක් තිස්සේ අපි ඉතාමත් හො`දින් කුඹුරු ගොවි තැන් කළා. ඒ ස`දහා අපට මේ දැලිකදැලි වැවෙන් අවශ්‍ය තරම් වතුර ලැබුණා. ඒත් දැන් මේ වැව අභාවයට ගිහින් නිසා අපට එක කන්නයක්වත් හරිහැටි වගා කරගන්න ලැබෙන්නේ නෑ. පිටවාන සම්පූර්ණයෙන් කැඞී ගිහින් තිබෙන නිසා වතුර ර`දවා ගැනීමේ හැකියාවක් නෑ. සොරොව් දොරත් අබලන් තත්වයේ තියෙන්නේ. කුඹුරු යායට වතුර ගෙනියන ඇල මාර්ගත් ඉතාම අබලන් වෙලා. මේ වැව ප‍්‍රතිසංස්කරණය කළ යුතු බව අපේ ගොවි සංවිධානය වටහාගෙන බොහෝ කාලයක්. ඒත් ඒක අපට කරන්න පුලූවන් දෙයක් නෙවෙයි. අපේ දුක දැකපු සම්පත් බැංකුව වැව ප‍්‍රතිසංස්කරණය කරන වගකීම භාර ගැනීම ගැන ඉතාමත් සතුටුයි. සම්පත් බැංකුව මේ භාර ගත්තේ වැව හදන එක විතරක් නෙවෙයි අපිව ජීවත් කරවන එක. ඉතින් ඒ වෙනුවෙන් සම්පත් බැංකුවට මගේ හදපිරි ස්තුතිය මේ මොහොතේ පුද කිරීමට කැමතියි’’ යනුවෙන් පවසා සිටින ලදී.

මීට විසි වසරකට පෙර ආරම්භ කළ සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ මේ වන විට ප‍්‍රතිසංස්කරණය කොට ගොවි ජනතාව වෙත භාර දී ඇති වැව් ප‍්‍රමාණය 12 කි. තවත් වැව් කිහිපයක් ප‍්‍රතිසංස්කරණය වෙමින් පවතින්නේ නුදුරේදීම කූඹුරු අස්වැද්දීම වෙනුවෙන් අවශ්‍ය දියවර නිකුත් කිරීමේ අභිලාෂයෙනි.

මෙම ‘වැවට ජීවයක්’ ව්‍යාපෘතියට සමගාමීව සම්පත් බැංකුවේ ‘ගසයි මමයි - පුබුදු පොතයි’ වැඩසටහනේ තවත් අදියරක් දඹාන කනිෂ්ඨ විද්‍යාලයේදී සිදු කෙරිණ. පාසල් දරුවන් වෙත පළතුරු පැළ බෙදා දෙමින් එම පැළ පාසල් භූමියේ රෝපණය කර රැකබලා ගැනීමේ වගකීමද ඔවුන් වෙත පවරා දෙනු ලැබුවේ ඔවුන්ගේ ජීවිතයට වටිනා අරුතක් එක් කරමිනි. දීප ව්‍යාප්ත ජාතික ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ පාසල් සිසුන්ගේ පරිසරයට ඇති ලැදියාව හා කෘෂිකාර්මික හුුරුව ඔප් නැංවීමත් පාසල් සංවර්ධනය උදෙසා ඵලදායී අතිරේක ආදායම් මාර්ගයක් බිහි කිරීමත්ය.

නව්‍ය තාක්ෂණයෙන්, පාරිභෝගික කේන්ද්‍රීය බැංකු සේවාවෙන් මෙන්ම ආර්ථික ස්ථාවරත්වයෙන් පමණක් නොව මිනිසත්කමෙන්ද පොහොසත් සම්පත් බැංකුව ශ‍්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙ`දපොල ප‍්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, ිකසච-කැිි බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයෙන් මුදල් ආපසු ගැනීම (ඔදමජය-කැිි ක්‍්ිය අසඑයාර්අ්ක* ආදී මෙරට බැංකු ක්ෂේත‍්‍රයට නවතම හ`දුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප‍්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටින්නේ නිරන්තරයෙන් මිනිසත් කමෙන් පොහොසත් අසමසම බැංකු සේවාවක් සියලූ දෙනා වෙත ගෙන එමිනි.

ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ විසින් රැස්ව සිටි පිරිස අමතමින්

ඡායාරූප හා විස්තර - ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ, සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂක/ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී අජන්ත ඩි වාස් ගුණසේකර මහතා, ප‍්‍රධාන නිලධාරී මානව සම්පත් ආචාර්ය ලලිත් වේරගොඩ මහතා සහ ගොවිජන සේවා සහකාර කොමසාරිස් නිරෝෂා හෙන්නායක මහත්මිය විසින් සුභ මොහොතින් මංගල පස් පිඩැල්ල කපා ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අවස්ථාව