• Ada Derana BIZ Sinhala
  • Softlogic
  • sri lanka
  • Subway

Subway අවන්හල් ජාලය Softlogic යටතට

September, 19, 2022

මෙරට ක්‍රියාක්මක ජාත්‍යන්තර අවහන් ජාලයක් වන Subway හි මෙහෙයුම් නියෝජිත හිමිකාරීත්වය (franchise) සිය පාලිත සමාගමක් වන Softlogic Restaurants Ltd යටතට පවරා ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් නිවේදනය කර සිටී.

ඒ අනුව මීට පෙර Subway Development Ltd විසින් සිදුකරන ලද Subway හි මෙරට මෙහෙයුම් කටයුතු Softlogic Restaurants Ltd යටතට පැවරෙනු ඇත.

Subway යනු ඇමරිකානු අවහන් ජාලයකි. එය ප්‍රධාන වශයෙන් submarine, sandwiches, wraps, salads සහ පාන වර්ග (beverages) නිරත වනු ලබයි.

මේ වන විට ජාත්‍යන්තර ආහාර සන්නාම කිහිපයකම මෙරට නියෝජිතත්වය සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සතුවන අතර Burger King, Basking- Robbins, Popeyes, Delifrance සහ Crystal Jade ඒ අතර වේ.

  • Ada Derana BIZ Sinhala
  • Softlogic
  • Softlogic Holdings PLC
  • sri lanaka
  • Walton

Softlogic විසින් Walton සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

August, 22, 2022

Softlogic Holdings PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවි ජාලයක් වන Softlogic Retail පුද්ගලික සමාගම, Walton රූපවාහිනී මාදිලිය ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වා දීම සඳහා ලොව ප්‍රකට පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමයක් වන Walton සමඟින් පසුගියදා අත්වැල් බැඳගන්නා ලදී.

Walton සන්නාමය, යුරෝපය, ආසියාව, අප්‍රිකාව හා මැදපෙරදිග කලාපය පුරා රටවල් 40 ක් ඉක්මවමින් ව්‍යාප්තව ඇත. මෙය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම, Walton සමාගමෙහි 2030 වසර වන විට ලොව හොඳම ඉලෙක්ට්‍රොනික සන්නාමය බවට පත් වීමේ අරමුණ පෙරදැරි කරගත් “Go Global 2030” දැක්ම සාර්ථක කරගැනීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැක. පළමු අධියරේදී සාමාන්‍ය වෙළඳපොළ අරමුණු කරගෙන අඟල් 32 රූපවාහිනිය හඳුන්වාදීමට Softlogic සමාගම සැලසුම් කර ඇති අතර ඉන් හොඳ ඉල්ලුමක් ලබාගැනීමටද ඔවුන් බලාපොරොත්තු වේ. ඉන් පසුව කෙටි කලක් තුළදී වඩා පුළුල්, විශාල තිර සහිත LED රූපවාහිනී දේශීය වෙළඳපොල කරා ගෙන ඒම ඔවුන්ගේ සැලසුමයි. නරඹන්නන් හට උසස් තත්ත්වයේ රූපමය අත්දැකීමක් ගෙනදෙන High Definition (HD) තාක්ෂණයෙන් සමන්විත Walton අඟල් 32 රූපවාහිනියේ Narrow Bezel design එක එයට අලංකාර පෙනුමක් එක් කරයි. Walton LED රූපවාහිනිය දිවයින පුරා පිහිටි 200 කට අධික Softlogic සහ Softlogic Max ප්‍රදර්ශනාගාර මෙන්ම Softlogic e-commerce වෙබ් අඩවිය වන www.mysoftlogic.lk මඟින් මිලදී ගත හැක. ඉතා පහසු මිලකට අඟල් 32 රූපවාහිනියක් මිලදීගැනීමේ වටිනා අවස්ථාවක් ලබාදෙන අතරම, දිවයිනේ ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා මාස 60 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාව ද Softlogic මඟින් ලබා දේ. එමෙන්ම Softlogic හි ‘පොලී FREE - හිතට FREE’ පහසුකම ඔස්සේ මාස 12 ක් දක්වා ක්‍රෙඩිට් කාඩ් නොමැතිව ගෙවීමේ පදනම (hire purchase payment) මත මිලදී ගැනීමටද පරිභෝගිකයන්ට ඉඩ පහසුකම් ලැබේ.

Softlogic යනු, ජනප්‍රිය මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම වලින් එන නවීනතම රූපවාහිනී, හෝම් තියටර්, ශීතකරණ, රෙදි සේදීමේ යන්ත්‍ර, වායු සමීකරණ, ලැප්ටොප්, ජංගම දුරකථන, ශරිර සුවතා උපකරණ ඇතුළු, Softlogic Furniture සන්නාමය යටතේ පුළුල් පරාසයක වූ ගෘහ භාණ්ඩ මාදිලි රාශියක් දේශීය වෙළඳපොල වෙත ඉදිරිපත් කරන, දේශීය වෙළඳපොළ තුළ සිටිනා ප්‍රමුඛතම සමාගමකි. Walton යනු, ඔවුන්ගේ ලොව ප්‍රකට සන්නාමයන් අතරට එකතු වන නවතම සාමාජිකයා වේ.

Walton Global Business Division හි සභාපති Edward Kim මහතා සිය අදහස් දක්වමින් පැවසූයේ “ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයා වීමේ දැක්මක් ඇතිව අපි ඉදිරියට ගමන් කරමින් සිටින්නෙමු. මෙම දැක්ම කරා ළඟාවීම සඳහා, ගෝලීය වෙළෙඳපොළ තුළ Walton සන්නාමය පුළුල් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී. ඒ අනුව, Walton සිය සන්නාම ලාංඡනය යටතේ , ශ්‍රී ලංකාව වෙත රූපවාහිනී අපනයනය ආරම්භ කිරීමට නියමිතයි.” ලෙසිනි.

Softlogic Retail (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී වන මොහොමඩ් රිස්වි මහතා ඒ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “Walton සන්නාමය ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දීම සම්බන්ධව Softlogic ආයතනයට ඇත්තේ ඉමහත් සතුටකි. පාරිභෝගික වෙළෙඳපොළ තුළ අපගේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලය මඟින්, සිය ජීවන රටාව උසස් සහ වැඩිදියුණු කරමින්, ලෝකයේ හොඳම සන්නාමයන් ඔවුන් වෙත ගෙන ඒමෙහි ලා අප කෙරෙහි විශ්වාසය තැබූ ශක්තිමත් සහ විශ්වාසවන්ත පාරිභෝගික පදනමක් අප විසින් ගොඩනඟාගෙන ඇත. Walton ද එවැනි සන්නාමයක් වනු ඇතැයි මම විශ්වාස කරමි. අපගේ පාරිභෝගික භවතුන් එහි උසස් නිෂ්පාදන ගුණාත්මකභාවය සහ දැරිය හැකි මිල පිළිබඳව සෑහීමකට පත් වනු ඇතැයි මම විශ්වාස කරනවා”.

  • Ada Derana BIZ Sinhala
  • Asia Trusted Life Agents and Advisers
  • Softlogic
  • SoftlogicLifeInsurance
  • sri lanaka

සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 Asia Trusted Life Insurance Agents සම්මාන උළෙලේ ‘වසරේ රක්ෂණ නියෝජිතයා’ සම්මානය කාණ්ඩයේ අවසන් තරගකරුවන් 5ට තරගකරුවෙකු බිහි කරයි

June, 7, 2022

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප‍්‍රාදේශීය රක්ෂණ කළමනාකරුවෙකු වන සජීව පුෂ්පිත මහතා හත්වන Asia Trusted Life Agents and Advisers සම්මාන උළෙලේ ‘වසරේ රක්ෂණ නියෝජිතයා’ සම්මානය සඳහා අවසන් තරගකරුවන් පස්දෙනා අතරට අඛණ්ඩව දෙවන වරටත් නිර්දේශ වී ඇත. එක් එක් රක්ෂණ නියෝජිතයෙකු රක්ෂණ නියෝජිතයකු විසින් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයට දක්වන දායකත්වය සැළකිල්ලට ගනිමින්, ආසියාවේ වෙළෙඳපොළ 12ක් සහ විවිධ සමාගම් 33කින් ඉතා විමසිලිමත්ව තෝරා ගනු ලැබූ සුපිරි අවසන් තරගකරුවන් 65 දෙනකුගෙන් යුත් ලැයිස්තුවකට සජීව අයත් වන අතර මෙම කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම නියෝජනය සජීව වීම විශේෂ කරුණකි.

Asia Trusted Life Agents and Advisers සම්මාන උළෙල යනු ස්වාධීන විගණන විනිශ්චය ක‍්‍රියාවලියක් තුළින් මූල්‍ය උපදේශනයේ විශිෂ්ටතම දේවල් ඇගයීමට ලක් කරන කලාපයේ කීර්තිමත්ම සම්මාන උළෙලයි. මෙම වැඩසටහන Asian Insurance Review සහ Asia Advisors Network සම සංවිධායකයකු ලෙස LIMRA සමග සංවිධානය කරනු ලබන අතර එයට ක්ෂේත‍්‍රයේ සිටින ප‍්‍රමුඛ ජීවිත රක්ෂණ සමාගම්වල හා සංවිධානවල ශක්තිමත් සහයෝගය ලැබේ. මෙම වසරේ විනිසුරු මඩුල්ල නිලධාරීන් 26 දෙනෙකුගෙන් යුතු වන අතර ප‍්‍රධාන විධායක නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ විධායකයින්, රක්ෂණ ක්ෂේත‍්‍රයේ නායකයින් සහ ප‍්‍රවීණයන් ආදී ගෞරවනීය පුද්ගලයින්ගෙන් එය සමන්විත වේ. මෙම සම්මාන ඉතා ඉහළ වටිනාකමක් ඇති ජයග‍්‍රහණ වන අතර එය ඉතාමත්ම තරඟකාරී ආසියානු රක්ෂණ ක්ෂේත‍්‍රයේ තම හැකියාවන්, සුදුසුකම් පෙන්විය හැකි ඉහළ අනන්‍යතාවයන් ලෙස සැළකේ. මෙම සම්මාන උළෙල 2022 ජූලි 26 වන දින online මාධ්‍යයන් ඔස්සේ පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා පැවසුවේ ”මෙම ගෞරවනීය සම්මාන උළෙලේදී සජීව ඇගයීමට ලක් වීම සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම තුළ මුල් බැසගත් සුවිශේෂී සේවා සංස්කෘතිය පිළිබිඹු කරන්නක්. මෙවැනි සුවිශේෂී අභියෝගාත්මක වසරවලදී පවා සජීව ඔහුගේ සේවාදායකයින් වෙනුවෙන් ඔහුගේ වටිනා කාලය හා ශ‍්‍රමය වැය කරමින් ඒ ගැන ඉතා සැලකිලිමත් වෙමින් වසර ගණනාවක් තිස්සේ සිදු කළ දැඩි කැපවීම සහ ධෛර්යය ද එයින් නිසැකව ම පිළිඹිබු කරනවා. අපගේ සාමාජිකයින්ගේ ජයග‍්‍රහණවලට ඔවුන්ව ඇගයීම අතිශයින් වැදගත් වන අතරම ඔවුන්ගේ වෘත්තීයමය සංවර්ධනය සහ පරිපූර්ණ සුබසාධනය සඳහා ආයෝජනය කිරීම ද වැදගත් බව මෙයින් පෙන්නුම් කරනවා. ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත සම්මාන උළෙලේදී වසරේ හොඳම රක්ෂණ නියෝජිතයා ලෙස කිරුළු පලදමින්, සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට මෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවටම කීර්තියක් ගෙන ඒමට සජීවට හැකි වේ යැයි අපට සුවිශාල විශ්වාසයක් තිබෙනවා” යනුවෙනි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිළධාරී ඉන්දු ආටිගල මහතා පැවසුවේ ‘‘මේ සුවිශේෂී සන්ධිස්ථානය කරා පැමිණීම ගැන මා සජීවට සුබ පතනවා. මෙය ඔහුගේ රක්ෂණ සේවාදායකයින්ට අඛණ්ඩ සේවාවක් ලබා දීම සහ වෘත්තීයමය කුසලතා උදෙසා ඉහළම ප‍්‍රමිතීන් අනුගමනය කිරීම සඳහා ඔහුගේ කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම කැපී පෙනෙන ජයග‍්‍රහණය සොෆ්ට්ලොජික් ලයිෆ් හි ගුණාත්මකභාවයෙන් සපිරි සේවා සංස්කෘතිය පිළිබඳව පැහැදිලි සාක්ෂියක් ලබා දෙන අතර සෑම සේවකයෙකුගේම යහපැවැත්ම සහ දියුණුව සහතික කිරීම සඳහා එහි ඇති වැදගත්කම මනාව පෙන්නුම් කරනවා. විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහතික කිරීම සඳහා අපගේ උපදේශකයින් සෑම විටම රාජකාරියෙන් ඔබ්බට තම සේවාදායකයින්ට උපරිම සේවාවක් ලබාදෙන්නේ ඒ නිසයි.’’ යනුවෙනි.

තම වෘත්තියේ වසර 19කට වැඩි කාලයක් අපමණ කැපවීමකින්, දැඩි ආශාවකින් හා උනන්දුවකින් කටයුතු කර ඇති සජීව මහතා මෙම සම්මාන උළෙලේ ප‍්‍රධානතම සම්මානය වන ”වසරේ රක්ෂණ නියෝජිතයා” කාණ්ඩය සඳහා නිර්දේශ වූ එකම ශ‍්‍රී ලාංකිකයා වේ. සජීව මහතා ක‍්‍රියාකාරී MDRT සාමාජිකයෙකු වන අතර අඛණ්ඩව වසර පහක් TOT (Top of The Table) MDRT සාමාජිකත්වය හිමි කරගෙන තිබෙන මෙම සම්මානය සඳහා අවසන් වටයට නිර්දේශ වූ එකම තරඟකරුවා ද ඔහු වෙයි. තවද ගෞරවනීය MDRT COT සාමාජිකත්වය තුන් වරක් සහ IQA ප්ලැටිනම් සම්මාන අටක් සමඟින් MDRT Life සාමාජිකත්වය ද ඔහු ලබා ඇත. සජීවගේ ජයග‍්‍රහණ ගොන්නට සොෆ්ට්ලොජික් ලයිෆ් හි වාර්ෂික සම්මාන උළෙලේදී ලබා ගත් ඉහළම පිළිගැනීම් රාශිය මෙන්ම අඛණ්ඩව වසර අටක් LIMRA වෙතින් International Quality සම්මානය ලබා ගැනීම ද ඇතුළත් වේ.

නවෝත්පාදනය්, සමාන අවස්ථා, කාර්ය සාධනය පදනම් කරගත් අධිෂ්ඨානය හා වඩාත් වැදගත්ම කරුණක් වන පාරිභෝගික අවශ්‍යතාවන්ට මුල් තැන දීම යන සංකල්ප සහ සමාගමක වටිනාම වත්කම කාර්ය මණ්ඩලය වන අතර ඔවුන් සමාගමේ දිගුකාලීන ව්‍යාපාර සාර්ථකත්වයේ කේන්ද්‍රය වේ යන විශ්වාසය ආදී ගුණාංග මත සොෆ්ට්ලොජික් ලයිෆ් හි ශක්තිමත් සමාගම් සංස්කෘතිය නිර්මාණය වී ඇත. කුසලතා කළමනාකරණය, බඳවා ගැනීම, තෝරා ගැනීම, වැටුප් ගෙවීම පුහුණුව හා කුසලතා සංවර්ධනය යන ක්රියාවලීන් සඳහා ශක්තිමත් ප‍්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ ක්ෂේත‍්‍රයේ කුසලතා ආකර්ෂණය කර ගැනීමට, සංවර්ධනය කිරීම සහ රඳවා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරයි.