• Ada Derana BIZ Sinhala
  • Oldest Shipwreck
  • South Asia
  • sri lanka
  • U.S.

ශ්‍රී ලංකාවේ කෞතුක වස්තුවක් සංරක්ෂණයට ඇමරිකාවෙන් අරමුදල්

December, 14, 2022

ගොඩවාය දියබත් නෞකාව සහ එහි කෞතුක වස්තු ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ඩොලර් 82,900 ක් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාව පසුගිය දා පැවැත්වුණි. ශ්‍රී ලකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදලට මෙම ප්‍රදානය ලැබෙන්නේ සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමුදලෙනි.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග්, ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ සහ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී රසික මුතුකුමාරණ යන මහත්ම මහත්මීන් එක්වූහ.

ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් දෙදෙනෙකු විසින් මුලින් සොයා ගන්නා ලද ගොඩවාය, ආසියා ශාන්තිකර කලාපයේ දැනට හඳුනාගෙන ඇති පැරණිතම දියබත් නැව වන අතර, ලොව සොයාගත් පැරණිතම ගිලී ගිය යාත්‍රාවලින් එකකි. හම්බන්තොට වරාය ආසන්නයේ පිහිටා ඇති එයට විඛාදනයට ලක් වූ ලෝහ පොලු රැසක් සහ වීදුරු කුට්ටි සහ මැටි භාණ්ඩ ඇතුළු අනෙකුත් විසිරී ගිය පැරණි භාණ්ඩ ඇතුළත්ය.

  • Ada Derana BIZ Sinhala
  • Disneyland
  • Hambantota
  • South Asia
  • sri lanka

ඩිස්නිලන්තයක් ශ්‍රී ලංකාවට

October, 24, 2022

ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව අනාවරණය කර සිටියාය.

"ඉදිරියට මගේ බලාපොරොත්තු තියෙනවා. ඩොලර් සෑහෙන්න ප්‍රමාණයක ආයෝජකයෝ මාත් එක්ක දැනට කතා කරලා තියෙනවා ලංකාවට එන්න. මේ රටේ විශාල වැඩ කොටසක් කරන්න. ඇත්ත වශයෙන්ම මම මේ වෙලාවේ කියන්න ඔ්නේ, මාත් එක්ක කතා කරලා තියෙනවා, ලංකාවට ඩිස්නිලෑන්ඩ් එක ගේන්න. ඩිස්නිලෑන්ඩ් එක කරපු ඒ කරන කට්ටිය මාත් එක්ක කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ ලංකාවට ඩිස්නි ලෑන්ඩ් එක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අපිට විශාල සංචාරකයෝ කොටසක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්."

මේ අතර මාධ්‍ය වාර්තා කිහිපයක්ම සඳහන් කර සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ මෙ ඩිස්නිලන්තය ඉදිකෙරෙනු ඇති බවයි.

එසේ වුවහොත් එය දකුණු ආසියාවේ පළමු වැනි ඩිස්නිලන්තය බවට පත්වනු ඇත.