• Ada Derana BIZ Sinhala
  • Disneyland
  • Hambantota
  • South Asia
  • sri lanka

ඩිස්නිලන්තයක් ශ්‍රී ලංකාවට

October, 24, 2022

ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව අනාවරණය කර සිටියාය.

"ඉදිරියට මගේ බලාපොරොත්තු තියෙනවා. ඩොලර් සෑහෙන්න ප්‍රමාණයක ආයෝජකයෝ මාත් එක්ක දැනට කතා කරලා තියෙනවා ලංකාවට එන්න. මේ රටේ විශාල වැඩ කොටසක් කරන්න. ඇත්ත වශයෙන්ම මම මේ වෙලාවේ කියන්න ඔ්නේ, මාත් එක්ක කතා කරලා තියෙනවා, ලංකාවට ඩිස්නිලෑන්ඩ් එක ගේන්න. ඩිස්නිලෑන්ඩ් එක කරපු ඒ කරන කට්ටිය මාත් එක්ක කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ ලංකාවට ඩිස්නි ලෑන්ඩ් එක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අපිට විශාල සංචාරකයෝ කොටසක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්."

මේ අතර මාධ්‍ය වාර්තා කිහිපයක්ම සඳහන් කර සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ මෙ ඩිස්නිලන්තය ඉදිකෙරෙනු ඇති බවයි.

එසේ වුවහොත් එය දකුණු ආසියාවේ පළමු වැනි ඩිස්නිලන්තය බවට පත්වනු ඇත.

 

 

Video Story

Stock Market

Exchange Rates