December, 14, 2022
ගොඩවාය දියබත් නෞකාව සහ එහි කෞතුක වස්තු ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ඩොලර් 82,900 ක් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාව පසුගිය දා පැවැත්වුණි. ශ්‍රී ලකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදලට මෙම ප්‍රදානය ලැබෙන්නේ සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ එක්සත් ජනපද තානාපති අරමුදලෙනි.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග්, ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ සහ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී රසික මුතුකුමාරණ යන මහත්ම මහත්මීන් එක්වූහ.
ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් දෙදෙනෙකු විසින් මුලින් සොයා ගන්නා ලද ගොඩවාය, ආසියා ශාන්තිකර කලාපයේ දැනට හඳුනාගෙන ඇති පැරණිතම දියබත් නැව වන අතර, ලොව සොයාගත් පැරණිතම ගිලී ගිය යාත්‍රාවලින් එකකි. හම්බන්තොට වරාය ආසන්නයේ පිහිටා ඇති එයට විඛාදනයට ලක් වූ ලෝහ පොලු රැසක් සහ වීදුරු කුට්ටි සහ මැටි භාණ්ඩ ඇතුළු අනෙකුත් විසිරී ගිය පැරණි භාණ්ඩ ඇතුළත්ය.
Video Story