January, 16, 2023
2023 වසරේ මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 47,353 ක් ශ්රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
අධිකාරිය සඳහන් කරන පරිදි 2023 ජනවාරි 01-07 සතිය තුළ දී සංචාරකයින් 20,875 ක් පැමිණ ඇති අතර ජනවාරි 08-15 සතිය තුළ දී 26,478 ක් පැමිණ ඇත.
මෙම වකවානුව තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගෙන් 25%ක්ම රුසියානුවන් වීම විශේෂත්වයකි. එම ප්රමාණය 12,064 ක් වේ.




January, 3, 2023
පසුගිය 2022 දෙසැම්බර් මාසයේ දී ශ්රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්රමාණය 91,961 ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
අධිකාරියේ නවතම දත්තවලට අනුව 2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්රමාණය 719,978 ක් වේ.
2022 දෙසැම්බර් මාසය තුළ දී රුසියාවෙන් 19,963 ක සංචාරකයින් සංඛ්යාවක් ශ්රී ලංකාවට පැමිණ ඇති අතර එම ප්රමාණය ශ්රී ලංකාවට 2022 වසර තුළ දී හත් ලක්ෂයක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට බෙහෙවින් ඉවහල් වී තිබේ.
මීට අමතරව දෙසැම්බර් මාසය තුල දී වැඩිම සංචාරකයින් ප්රමාණයක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම සංඛ්යාව 17,350 ක් වේ.
2022 සමස්ත වර්ෂය සැලකීමේ දී වැඩිම සංචාරකයින් ප්රමාණයක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙන් වන අතර එය 123,004 ක් වේ. එය වසර තුළ පැමිණ ඇති සමස්ත සංචාරක ප්රමාණයෙන් 17% කි.






December, 5, 2022
2022 නොවැම්බර් මාසයේ දී ශ්රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් උපාය ඇති ආදායම ඩොලර් මිලියන 107.5 ක් බව ශ්රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. කෙසේවෙතත් මෙය 2021 නොවැම්බර් මාසයේ දී වාර්තා වන ඩොලර් මිලියන 115.4 ක සංචාරක ඉපැයීම් හා සැසඳීමේ දී පහළ යාමකි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ 2021 නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 115.4 ක් උපයා ඇත්තේ සංචාරකයින් 44,294 ක් මෙරටට පැමිණ ඇති පසුබිමක වීමයි. 2022 නොවැම්බර් මාසයේ දී 59,759 ක සංචාරකයින් සංඛ්යාවක් හරහා උපයා ඇත්තේ ඩොලර් මිලියන 107.5 ක් පමණි.
මේ අනුව වාර්ෂික පදනම මත 2021 නොවැම්බර් මාසයට වඩා 2022 නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්යාව 35% කින් ඉහළ ගොස් ඇතත් ඒ හරහා උපයා ඇති ආදායම 6.8% කින් පහළ ගොස් තිබේ.
සමස්තයක් ලෙස සැලකීමේ දී 2022 ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්රමාණය 628,017 ක් වන අතර එය 2021 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ අගය වූ 104,989 හා සැසඳීමේ දී 498% ක වර්ධනයකි.
මේ අතර අදාළ කාලපරිච්ඡේදය තුළ ඉපයීම් 2021 වසරේ ඩොලර් මිලියන 273.6 ක් ලෙසින් වාර්තා වන අතර එය 2022 වසරේ දී ඩොලර් මිලියන 1,129.4 ක් දක්වා 312.8% කින් ඉහළ ගොස් ඇත.

December, 2, 2022
පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්යාව 59,759 ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අනුව 2022 මුල් මාස 11 තුළ ශ්රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්රමාණය 628,017 ක් වේ.
නොවැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් ප්රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්යාව 13,820 කි. මීට අමතරව ඉන්දියාවෙන් 10,167 ක සංචාරකයින් ප්රමාණයක් පසුගිය මාසය තුළ දී මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
සමස්තයක් ලෙස ගත් කල, 2022 ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වැඩිම සංචාරකයින් ප්රමාණයක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙනි. එය 105,654 කි.







November, 17, 2022
2022 නොවැම්බර් මාසයේ මුල් දින 15 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්යාව 27,213 ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
මෙම දින 15 තුළ දී වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම ප්රමාණය 6,701 කි. මීට අමතරව ඉන්දියාව (4,404), එක්සත් රාජධානිය (2,257), ජර්මනිය (1,924), ඕස්ට්රේලියාව (1,371) හා කැනඩාව (1,008) යන රටවලින් වැඩි සංචාරකයින් පිරිසක් මෙම දෙසතිය තුළ පැමිණ තිබේ.
මේ අනුව 2022 වසරේ නොවැම්බර් 15 දින දක්වා ශ්රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්රමාණය 595,471 ක් වේ.







November, 4, 2022
පසුගිය ඔක්තෝබර් මාසය තුළ දී ශ්රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්යාව 42,026 ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්යාලේඛන පෙන්වා දේ.
මේ අනුව 2022 වසරේ මුල් මාස 10 තුළ දී පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්රමාණය 568,258 ක් වේ.
ඔක්තෝබර් මාසය තුළ වැඩිම සංචාරකයින් සංඛ්යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම ප්රමාණය 8,862 කි. මීට අමතරව රුසියාවෙන් 6,189 ක් හා එක්සත් රාජධානියෙන් 4,275 ක් ලෙසින් පසුගිය මාසය තුළ ශ්රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණි රටවල් අතර පෙරමුණේ වේ.







Video Story