• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bill

රු. බිලියන 85ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

December, 20, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (21) දිනයේ දී රු. මිලියන 85,000 (රු. බිලියන 85) ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 40,000ක්, රු. මිලියන 25,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

  • Ada Derana BIZ Sinhala
  • interest
  • sri lanka
  • treasury bill

පොලී ටික ටික අඩුවෙයි

December, 15, 2022

ඊයේ (14) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වී තිබේ.

ඒ අනුව දින 91 බිල්පත් පොලිය 32.91% සිට 32.80% ක් දක්වා කැපී පනෙන පහළ යාමක් වාර්තා කර ඇත.

මීට අමතරව දින 182 බිල්පත් පොලිය 32.27% සිට 32.26% ක් දක්වාත්, දින 364 බිල්පත් පොලිය 29.33% සිට 29.32% දක්වාත් සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 98,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා රු. මිලියන 220,708 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි. එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයටම සමපාත වන අයුරින් රු. මිලියන 98,000 ක ලංසු පිළිගැනීමට කටයුතු කර තිබුණි.

මීට මාසයකට පෙර එනම් 2022 නොවැම්බර් 09 වැනිදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 ක බිල්පත් පොලිය 33.14% ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර ඉන් පසු එම කාණ්ඩය සඳහා වාර්තා වූ අඩුම පොලී අනුපාතිකය මෙම වෙන්දේසියේ දී තීරණය වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bill

රු. මිලියන 98,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

December, 14, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (14) දිනයේ දී රු. මිලියන 98,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

ඒ අනුව මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 50,000ක්, රු. මිලියන 28,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

  • Ada Derana BIZ Sinhala
  • interest rates
  • sri lanka
  • treasury bill

භාණ්ඩාගාර බිල්පත් පොලිය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

October, 12, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (12) කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 බිල්පත් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය වාර්තා වී තිබේ.

මේ අනුව කල්පිරීමේ කාලය අනුව දින 91 බිල්පත් පොලිය 32.34% සිට 33.05% දක්වා ද, දින 182 බිල්පත් පොලිය 30.61% සිට 32.53% දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේවෙතත් දින 364 බිල්පත් පොලිය 29.75% සිට 29.60% ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබුණි.

දින 91 ක හා 182 බිල්පත් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම ඵලදා අනුපාතිකයන් අද දින වාර්තා වී තිබීම විශේෂත්වයකි.

 

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • treasury bill

රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් හෙට

October, 4, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (05) දිනයේ දී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

රු. මිලියන 85,000 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්‍රමාණයක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.