• Ada Derana BIZ Sinhala
  • interest rates
  • sri lanka
  • treasury bill

භාණ්ඩාගාර බිල්පත් පොලිය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

October, 12, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (12) කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 බිල්පත් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය වාර්තා වී තිබේ.

මේ අනුව කල්පිරීමේ කාලය අනුව දින 91 බිල්පත් පොලිය 32.34% සිට 33.05% දක්වා ද, දින 182 බිල්පත් පොලිය 30.61% සිට 32.53% දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේවෙතත් දින 364 බිල්පත් පොලිය 29.75% සිට 29.60% ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබුණි.

දින 91 ක හා 182 බිල්පත් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම ඵලදා අනුපාතිකයන් අද දින වාර්තා වී තිබීම විශේෂත්වයකි.