December, 12, 2022
ශ්‍රී ලංකාවේ ‘වඩාත් කැපී පෙනෙන කාන්තා හිතකාමී සේවා ස්ථානයක්’ ලෙසද පිළිගැනීමට පාත්‍ර වෙයි
2022 නොවැම්බර් 21, කොළඹ- AICPA, CIMA සහ SATYN සඟරාව විසින් සංවිධානය කළ 2022 කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකේය සේවා ස්ථානයන් අතර ‘කාන්තාවන්ට වඩාත් ගැලපෙන සමාගම් ප්‍රතිපත්ති සහිත ආයතනය’ ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය පසුගියදා කිරුළු පළඳින ලදී. එසේම කාන්තාවන්ගේ සහභාගීත්වය, සංවර්ධනය හා නියෝජනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් වන කැපවීම යළි යළිත් සනාථ කරමින් ශ්‍රී ලංකාවේිවඩාත් කැපී පෙනෙන කාන්තා හිතකාමී සේවා ස්ථානයක් ලෙසද යුනිලිවර් සමාගම මෙහිදී පිළිගැනීමට ලක්විය.
කාන්තාවන් සවිබල ගැන්වීමට කටයුතු කරන සමාගම් ඇගයීමට ලක් කරන කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙල, කාන්තාවන් වෙනුවෙන් වඩාත් ආරක්ෂිත හා ශක්තිමත් සේවා ස්ථානයක් සහතික කිරීම වෙනුවෙන් රට තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙන්ම එක්සත් ජාතීන්ගේ පස් වැදෑරුම් තිරසර සංවර්ධන ඉලක්කයන් අනුව කටයුතු කිරීමට එම සමාගම් හා ආයතන දිරිගන්වනු ලබයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂිකා අනන්‍යා සභාර්වල් මහත්මිය මෙසේ සඳහන් කර සිටියාය. “මේ පිළිගැනීම අප වෙත ලබා දීම සම්බන්ධයෙන් අප ඉතාමත් සතුටට පත් වන අතර ඒ පිළිබඳව AICPA, CIMA සහ SATYN යන ආයතනයන් වෙත මගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමතියි. කාන්තාවන්ට මෙන්ම විවිධ කණ්ඩායම් වෙත අර්ථවත් ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් දශක ගණනාවක් තිස්සේ සමානාත්මතාවය හා සියලු දෙනාට ගැළපෙන සේවා සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි කැපවී කටයුතු කරනවා.
අප විසින් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන හිංසන විරෝධී ප්‍රතිපත්තිය (Anti-harassment Policy)ට අමතරව පසුගිය වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී සාඵල්‍යතා සහාය ප්‍රතිපත්තියක් (Fertility Support Policy) වගේම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේදී උපකාර (Domestic Violence Support Policy) කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ද කටයුතු කළා. මේ වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී අපගේ වෛද්‍ය නිවාඩු අතරට ඔසප් නිවාඩුව (Menstrual Leave) ද එක් කරමින් සමාගමේ වියදමෙන් කාර්යාලයේ හා කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කාන්තා සාමාජිකාවන් හට සනීපාරක්ෂක තුවා ඩිස්පෙන්සර (Sanitary Napkin Dispensers) ලබා දීමට කටයුතු කළ අප ඒ තුළින් ඔසප් සෞඛ්‍යය පිළිබඳ ආයතනික සේවකයන් තුළ පැවති දුර්මතයන් ඉවත් කිරීමටත් කටයුතු කළා. එසේම අපගේ සාමාජිකයින් හට ඔවුන්ගේ රැකියා ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතයද සමබරව පවත්වාගෙන යාමට අවශ්‍ය වෘත්තීය විවේකය (Career Break) වැනි ප්‍රතිපත්තීන් තුළින් කාන්තා සහ පිරිමි දෙපක්ෂයටම ගැළපෙන ආකාරයේ වැඩසටහන් හඳුන්වාදීමටත් අපි කටයුතු කර තිබෙනවා”.
කාන්තාවන්ගේ දියුණුව පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට අවස්ථාව සලසා දී ඇත. යුනිලිවර් සමාගම මනාව සකස් කරන ලද වෘත්තීය සංවර්ධන ක්‍රියාවලියක් හරහා ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු සඳහා කාන්තා සාමාජිකාවන් පෙළ ගැස්වීමට හා දිරිමත් කිරීමට කටයුතු කර ඇති අතර සිය කාන්තා කළමනාකරුවන්ගෙන් 80%ක ප්‍රමාණයක් විදේශයන්හි සංවර්ධන සංචාරයන් වෙතද යොමු කොට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් පළකල යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනි හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය “සෑම විටම සියලු දෙනාට සමානාත්මතාවයෙන් හා ගෞරවයෙන් සලකන, ඔවුන්නොවුන්ගේ සුවිශේෂීත්වයට ගරු කරන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම අපගේ නායකත්ව භූමිකාවන් තුළ ස්ත්‍රී පුරුෂ විවිධත්වය හා නියෝජනය කිරීම කඩිනම් කිරීමට පැහැදිලි ඉලක්ක දක්වා ඇති අතර ඉන් බොහොමයක් සාර්ථක කර ගැනීමටද අපට හැකි වී තිබෙනවා. යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් 55%ක් පමණ කාන්තාවන් වන අතර පසුගිය වසරේදී අපගේ කළමනාකරණ සාමාජිකයින් අතර ප්‍රථම වරට ස්ත්‍රී පුරුෂ සමතුලිතතාවයේ 40% සීමාව ඉක්මවා යාමට සමත් වුණා. 2025 වන විට එය 50-50 දක්වා ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන අප සියලු වෙනස්කම් අභිබවා සහයෝගයෙන් කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී කටයුතු කරනවා” යනුවෙන් පවසා සිටියාය.
2021 වසරේදී සිය හොරණ කර්මාන්තශාලාවේ නිෂ්පාදන බිම වෙත සේවිකාවන් 27 දෙනෙකු බඳවා ගනිමින් සිය ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කල යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම පසුගිය වසර කිහිපය තුළ සිය පළමු කර්මාන්තශාලා කළමනාකාරිණිය සහ පළමු කාන්තා ප්‍රාදේශීය විකුණුම් කළමනාකාරිණිය පත් කිරීමටද කටයුතු කරන ලදී. මෙම සංධිස්ථානයන් තුළින් සාම්ප්‍රදායිකව පිරිමි පාර්ශ්වය මූලික කරගත් ක්ෂේත්‍ර සඳහා කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීමට කටයුතු කරන යුනිලිවර් සමාගමට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සාම්ප්‍රදායික මතයන් බිඳ දැමීමටද හැකිව තිබීම විශේෂත්වයකි.
තවද මාස 6ක් දක්වා දීර්ඝ මාතෘ නිවාඩු මෙන්ම සති 3ක් දක්වා පීතෘ නිවාඩු ලබා දීම තුළින් නව දෙමාපියන් වෙත සිය සහයෝගය ලබා දී ඇති යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම නව මව්වරුන් යළි සේවයට පැමිණි පසු ඔවුන්ට උපකාරක පද්ධතියක් ඇති කිරීම සඳහා ‘සහකාර ක්‍රමයක්’ (Buddy system) ද නිර්මාණය කොට ඇත.
එසේම මෑතකදී සිය ආයතනයේ සාමාජිකයින්ගේ දරුවන්ට රැකවරණය සැලසීම වෙනුවෙන් සැලසුම් සහගත පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් සහිත දිවා සුරැකුම් පහසුකම් සැලසීමට ද යුනිලිවර් සමාගම කටයුතු කර ඇත. මෙම සහනය ආබාධිත දරුවන් සඳහාද ලබා දීමට එම සමාගම කටයුතු කර තිබීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.
සිය සේවක ප්‍රජාවෙන් ඔබ්බට යමින් සිය ප්‍රමුඛතම කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහනක් වන සෞභාග්‍යා වැඩසටහන මඟින් තම ප්‍රජාව තුළ යුනිලිවර් නිෂ්පාදන අලෙවි කිරීම හරහා කාන්තාවන් 5000කට පමණ ජීවනෝපාය සැපයීමට සමත්ව ඇත. මෙම වැඩසටහන සඳහා ‘2020 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී’ ‘හොඳම තිරසාර ව්‍යාපෘති’ කාණ්ඩයේ කුසලතා සම්මානයද හිමි විය.
ඡායාරූප විස්තරය - වමේ සිට දකුණට - යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේි සේවක සම්බන්ධතා ප්‍රධානී හා සැපයුම් දාම හා පර්යේෂණ හා සංවර්ධන පිළිබඳ ජ්‍යෙෂ්ඨ මානව සම්පත් ව්‍යාපාර හවුල්කාරිනී - නයනි පීරිස්, ආයතනික කටයුතු සහ හැකියා හා සංවිධාන සහ සේවක සන්නාම පිළිබඳ ජ්‍යෙෂ්ඨ මානව සම්පත් ව්‍යාපාර හවුල්කාරිනී - කේශවී පුස්වෑවල, පාරිතෝෂික කළමනාකාරිණී - හිරුණි පෙරේරා, මානව සම්පත් උපාය මාර්ග, ඉගෙනුම් හා සම්බන්ධතා මෙහෙයුම් සහ මානව සම්පත් සඳහා සහකාර මානව සම්පත් ව්‍යාපාර හවුල්කාරිනී - අන්ජලී ජයතුංග, මානව සම්පත් ව්‍යාපාර හවුල්කාරිනී - සැපයුම් දාම හා විවිධත්ව හා සහභාගීත්ව ප්‍රධානී - රුවිනි පෙරේරා, වෙළෙඳපොල සම්බන්ධ මානව සම්පත් ව්‍යාපාර හවුල්කාරිනී - ජෙන්සි පෝල් සහ හැකියා හා සේවක සන්නාමකරණ සහකාර කළමනාකාරිණී - ටහනි හැරිස්
November, 17, 2022
දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා සහාය වීමට තරුණ තරුණියන් 30,000කට අධික ප්‍රමාණයක් සවිබල ගන්වයි
සිංගප්පූරුවේ පසුගියදා පැවති 17 වැනි ආසියානු සේවා යෝජක සන්නාම සම්මාන උළෙලේදී 2022 වසරේ ආසියාවේ හොඳම සේවා යෝජක සන්නාමයක් (Asia's Best Employer Brands) ලෙස තවදුරටත් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සමත් විය. FMCG ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් දැක්වූ දායකත්වය හේතුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම මෙහිදී ආසියාවේ හොඳම සමාගම් 50 අතරට ශ්‍රේණිගත කරනු ලැබීය- ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනය (World Human Resources Development Congress) හා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සත්කාරකත්වය සපයන සේවා යෝජක සන්නාම සම්මාන උළෙල ආසියානු ව්‍යාපාර සම්මේලනය විසින් පිළිගත් සම්මාන උළෙලකි. සේවා යෝජක සන්නාමකරණයේ විශිෂ්ට භාවිතයන් බෙදාහදා ගැනීම වෙනුවෙන් ලොව පුරා ජ්‍යෙෂ්ඨ මානව සම්පත් නායකයින් එක් කරනු ලබන සංවිධානයක් වන Employer Branding Institute ආයතනය විසින් මෙම සම්මාන ඇගයීමට ලක් කරන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂිකා අනන්‍යා සභාර්වාල් මහත්මිය මෙසේ සඳහන් කර සිටියාය.“අනාගත නායකයින් බිහි කිරීම වෙනුවෙන් අප සිදු කරන කැපවීම මේ ආකාරයේ සම්මානයක් තුළින් පිළිගැනීමට ලක්වීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වෙනවා' යුනිලිවර් සමාගම විශ්වවිද්‍යාලයක් වැනි ආයතනයක් බව අපගේ බොහෝ සාමාජිකයන්ගේ මතයයි. තම සේවක ප්‍රජාවගේ අභිවෘද්ධිය උදෙසා යුනිලිවර් සමාගමේ කැපවීම පිළිබඳ දහස් ගණනින් වූ උදාහරණ අතර මගේ වෘත්තීය ජීවිතය ද එක් උදාහරණයක් ලෙස දැක්වීමට කැමතියි. එසේම අපගේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ද අනාගත ලෝකයට ගැලපෙන පුරවැසියන් ලෙස ඉදිරියට ගෙන යාම අපගේ අභිලාශයයි- ඒ සඳහා අපි ඔවුන්ගේ පන්තිකාමරයේ සිදු කෙරෙන අධ්‍යයන කටයුතු හා සමගාමීව වෘත්තීය අත්දැකීම් හා සංවර්ධන වැඩසටහන් ඔස්සේ ඔවුන්ට අර්ථවත් වෘත්තීය ජීවිතයකට ශක්තිමත් අඩිතාලමක් යොදා ගැනීමට උපකාර වෙනවා- විශේෂයෙන් මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රගමනය හා අනාගතය වෙනුවෙන් කළ හැකි හොඳම ආයෝජනය තාරුණ්‍යය වෙනුවෙන් සිදු කරන ආයෝජනය බව අප නිරන්තරයෙන් විශ්වාස කරනවා.”
මෙහිදී අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනි හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය “යුනිලිවර් සමාගමේ අනාගතවාදී දිශානතියට අනුව අද මෙන්ම හෙටත් අප ප්‍රජාවගේ රැකියා යෝග්‍යතාව ඔප්නැංවීම උදෙසා අපි කැපවී කටයුතු කරනවා' එසේම අපගේ තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා හා කුසලතාවන් ගොඩනැංවීම සඳහා අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක් වෙමින් වේගයෙන් වෙනස් වෙමින් පවතින ලෝකය සමඟ ඉදිරියට යාමට ඔවුන්ව සවිමත් කිරීමටද කටයුතු කරනවා' අපගේ ජනතාවට මෙන්ම තාරුණ්‍යයට නිරන්තර සහයෝගය ලබා දෙන අතරම ඒ තුළින් වඩා හොඳ හෙට දවසක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ හැකියාවන් ඉහළ නැංවීමටත් අප කටයුතු කරන බව සඳහන් කළ යුතුයි” යනුවෙන් පවසා සිටියාය.
සිය තරුණ වැඩසටහන් තුළින් ගෙවුණු වසර 5ක කාලය තුළ 30,000කට අධික ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ප්‍රමාණයක් රැකියා ලෝකය සඳහා සවිබල ගන්වා ඇති යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම පූර්ණ කාලීනව අධ්‍යාපනය ලබන අතරතුර අර්ධ කාලීන/ කෙටි කාලීන පුහුණු අවස්ථාවන් අපේක්ෂා කරනු ලබන තෝරාගත් උපාධි අපේක්ෂකයින් වෙත නම්‍යශීලී හා නව්‍ය කර්මාන්ත පුහුණු අවස්ථා පිරිනැමීමේ පුරෝගාමී ආයතනයක් ලෙසද සඳහන් කළ හැකිය.
යුනිලිවර් සමාගමේ ශිෂ්‍ය තානාපති SPARKS වැඩසටහන මඟින් තමන්ගේම විශ්වවිද්‍යාලයේ යුනිලිවර් තානාපතිවරයෙකු ලෙස වසරක කාලයක් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයන්හි උපාධි අපේක්ෂකයින් හට අවස්ථාව ලබා දෙයි' එහිදී විවිධ හැකියාවන් සපිරි තරුණ තරුණියන් 20 දෙනෙකු යුනිලිවර් ආයතනය සමඟ එක්ව තම විශ්වවිද්‍යාලයන්හි කුසලතා සංවර්ධන සමුළු පැවැත්වීමට කටයුතු කරනු ඇත. ඒ අතරම මෙරට තරුණ තරුණියන් කර්මාන්තයේ ප්‍රමුඛයින් සමඟ සම්බන්ධ කරන ශ්‍රී ලංකාවේ විශාලතම උපාධි අපේක්ෂක වැඩමුළුවක් වන යුනිලිවර් තරුණ සංසදය (Unilever Youth Forum) සංවිධානය කිරීමේ අවස්ථාව ද ඔවුනට ලැබේ' මෙම වසරේ දී අනාගත රැකියා ක්ෂේත්‍රය යන තේමාව යටතේ මෙම වැඩමුළුව පැවැත්වීමට මේවන විට කටයුතු යෙදෙමින් පවතී- ගෙවුණු වසර 8ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල 9ක් හරහා ශිෂ්‍ය තානාපතිවරුන් 110 කට වැඩි ප්‍රමාණයක් යුනිලිවර් විසින් තෝරාගෙන ඇති අතර ඔවුන්ගෙන් 100ට වැඩි ප්‍රමාණයක් සිය කුසලතා සංවර්ධන වැඩසටහන් සාර්ථකව ඉදිරිපත්කොට ඇත.
තවද යුනිලිවර් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන සිය ප්‍රමුඛ පෙළේ සන්නාම කේන්ද්‍ර කරගත් සිද්ධි අධ්‍යයන (Case study) තරඟයක් වන Unilever Challenge, උපාධි අපේක්ෂකයන්ට මෙන්ම නවක උපාධිධාරීන්ට යුනිලිවර්හි Global Unilever Future Leaders League හිදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ද ලබා දෙයි' එසේම ඒ තුළින් ප්‍රමුඛ පෙළේ සන්නාම සමඟ කටයුතු කිරීමේ හා ඔවුන්ගේ සුවිශේෂී චින්තනය ඉදිරියට ගෙනයාමේ අත්දැකීමද ලබා දෙනු ඇති. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් මේ වසරේදී පුහුණු කරන ලද මෙරට කණ්ඩායම ලොව පුරා අයදුම්කරුවන් 54000කට අධික සංඛ්‍යාවක් මෙන්ම උපාධි අපේක්ෂකයින් 500කට අධික සංඛ්‍යාවක් අභිබවමින් ගෝලීය අනුශූරයින් බවට පත්වීමද විශේෂත්වයකි.
උපාධි අපේක්ෂකයින් හට යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය සමඟ එක්ව කෙටි කාලීන ව්‍යාපාරික ව්‍යාපෘති සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම සඳහා වන නවතම වැඩසටහන ලෙස ULEARN දැක්විය හැකිය' මෙම වැඩසටහන තුළින් නම්‍යශීලී ආකාරයෙන් සිසුන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ ආරම්භක අවධියේදීම ආයතනික පුහුණුවක් ලබා දීම සිදු කරයි.
අද වන විට බෙහෙවින් දැකිය හැකි මෙරට බුද්ධිගලන ප්‍රවණතාවන් අවම කරමින් තරුණ සේවා නියුක්තිය ඉහළ නැංවීම හා අනාගත හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් යුනිලිවර් සමාගම ජෝන් කීල්ස් සමූහය (John Keells Group), සහ ලන්ඩන් කොටස් වෙළෙඳපොල සමූහය (London Stock Exchange Group) සමඟ ‘Fast-Track’ නමින් දේශීයව හා විදේශගතව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ක්ෂේත්‍ර කිහිපයකම විශිෂ්ට රැකියා අත්දැකීමක් ලබා දීමේ පුහුණු වැඩසටහනක් දියත් කොට ඇත. එසේම කැලණිය විශ්වවිද්‍යාලය, කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA), ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU), AIESEC ශ්‍රී ලංකා සහ Gavel clubs සමඟ එක්ව ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ සුවිශේෂී හැකියාවන් ඔප් නැංවීමට යුනිලිවර් සමාගම නිරන්තරයෙන් සිය දායකත්වය දක්වයි.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම වෙත තිළිණ කළ 'Asia's Best Employer Brands 2022' සම්මානය

යුනිලිවර් ප්‍රධාන කාර්යාලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක් වූ යුනිලිවර් සාමාජිකයින්
ඡායාරූප විස්තරය : යුනිලිවර් තරුණ සමුළුවට එක්වූ SPARKS ශිෂ්‍ය තානාපතිවරු
September, 7, 2022
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සිය නවතම Surf Excel 2-in-1 රෙදි සෝදන ඩිටර්ජන්ට් නිෂ්පාදන Comfort Fabric Conditionerහි ප්‍රීමියම් සුවඳ සමඟින් වෙළෙඳපොලට හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඒ මෙරට පාරිභෝගිකයන්ගේ වෙනස්වන ජීවන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිරන්තරයෙන් නව නිෂ්පාදන හඳුන්වාදීමේ යුනිලිවර් ශ්‍රී ලංකාහි කැපවීම යළි යළිත් ප්‍රදර්ශනය කරමිනි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Comfort Fabric ප්‍රීමියම් සුවඳ සමඟින් ඇඳුම්වල තද පැල්ලම් ඉවත් කරන Surf Excel හි සියලු අන්තර්ගතයන් අත්විඳීමේ හැකියාව පාරිභෝගිකයාට උදා වේ. සෑම රෙදි සේදුමකින් අනතුරුව Comfort හි ප්‍රීමියම් සුවඳ ඇඳුම්වලට නැවුම් බවක් හා සුවඳවත් බවක් එක් කරන අතරම නව සංයෝගය මඟින් රෙදි සේදීමේදීද දෑතට සුමුදු බවක් ගෙන එනු ඇත. ඒ නිසාම රෙදි සේදීම සියලු දෙනාට වඩා ප්‍රසන්න අත්දැකීමක් වනු නොඅනුමානය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකාහි Homecare and Nutritionහි අලෙවි අධ්‍යක්ෂිකා ෂර්මිලා බණ්ඩාර මහත්මිය සඳහන් කර සිටියේ “ එළිමහනේ දරුවන් සෙල්ලම් කරන විට දරුවන්ගේ ඇඳුම්වල කුණු පැල්ලම් ඇතිවීම ගැන පමණක් සිතිය යුතු නැහැ. එය දරුවන්ට සතුටු වීමට, බොහෝ දේ පිළිබඳ අවධානය යොමු කිරීමට, මිතුරන් ඇති කර ගැනීමට වගේම අදහස් බෙදා හදා ගැනීමට කදිම අවස්ථාවක්. ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට අවශ්‍ය පෞරුෂ වර්ධනයත්, සමාජයට නිර්භයව මුහුණදීම සඳහාත් එය ඔවුන්ට ඉතාමත් වැදගත්.” යනුවෙනි. වැඩි දුරටත් අදහස් දැක්වූ ෂර්මිලා මහත්මිය “පරම්පරා ගණනාවක් පුරා ඇඳුම්වල තද පැල්ලම් ඉවත් කිරීම සම්බන්ධයෙන් රට පුරා විසිරී සිටින මව්වරුවන්ගේ නොමඳ විශ්වාසය හිමිකර ගෙන ඇති Surf Excel, Comfort හි ප්‍රීමියම් සුවඳ සමඟින් රෙදි සේදීම පමණක් නොව සුවඳවත් ඇඳුම් ඇඳීමත් කදිම අත්දැකීමක් බවට පත් කරනු ඇති බව මගේ විශ්වාසයයි’‘ යනුවෙන්ද පවසා සිටින ලදී.
රෝස සහ නිල් පැහැති ඇසුරුම් තුළින් හඳුන්වා දී ඇති Comfort Fabric Conditioner හි ප්‍රීමියම් සුවඳ කැටිකරගත් නවතම Surf Excel 2-in-1 ප්‍රමාණ 7කින් දිවයින පුරා සිල්ලර හා සුපිරි වෙළෙඳසැල්වලින් මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත.
වසර 26කට වැඩි කාලයක් පුරා මෙරට වෙළෙඳපොල තුළ අලෙවි කරනු ලබන Surf Excel අද වන විට සෑම නිවසකම අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව ඇති අතර ඇඳුම් සඳහා සුවිශේෂී ආරක්ෂාවක් සපයන රෙදි සෝදන කුඩු ලෙසද සිය ස්ථාවරත්වය තහවුරු කොට ඇත. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ කාලයට ගැලපෙන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් විවිධ නිෂ්පාදන ආකෘති යටතේ ඔවුන් වෙත නවතම නිෂ්පාදන අත්දැකීම් හිමිකර දීමේ Surf Excelහි නිරන්තර ප්‍රයත්නයෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම නවතම නිෂ්පාදන පාරිභෝගිකයා වෙත හඳුන්වාදීමට කටයුතු කර ඇත.
වසර 84කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් ලෙස සිය අනන්‍යතාව තහවුරු කිරීමට සමත්ව ඇති යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 1930 දී පමණ ‘සන්ලයිට්’ රෙදි සෝදන සබන් මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ රෙදි සේදුම් නිෂ්පාදන වෙළෙඳපොලෙහි පුරෝගාමියා බවට පත් විය. එතැනින් නොනැවතී 1960 වසරේදී පමණ ‘රින්සෝ’ නිෂ්පාදන සමඟ රෙදි සෝදන කුඩු මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමට යුනිලිවර් ශ්‍රී ලංකා කටයුතු කරනු ලැබුවේ රෙදි සේදීම පහසු හා කාර්යක්ෂම කටයුත්තක් බවට පත් කරමිනි. ඉන් පසුව රෙදි සේදීමේ තවත් සුවිසල් තේරීමක් පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙමින් Surf Excel සහ සන්ලයිට් ඩිටර්ජන්ට් පවුඩර් හඳුන්වාදීමට යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය කටයුතු කරනු ලැබීය.
August, 22, 2022
‘Consumer Products’ හා ‘Multinational’ කාණ්ඩයන්හි ජයග්‍රාහකයා බවට ද පත්වෙයි
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2022 වසරේ LMD විසින් ප්‍රකාශයට පත් කළ Most Respected ආයතන ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය FMCG ආයතන අතර අංක 1 සමාගම ලෙස යළිත් වරක් ශ්‍රේණිගත කර ඇත. යුනිලිවර් සමාගම මෙම ශ්‍රේණිගත කිරීම අත්කරගෙන ඇත්තේ අඛණ්ඩව 17 වැනි වසරටය. 2021 වසරේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් විවිධ සමාගම් 100කට අධික සංඛ්‍යාවක් අතුරින් සමස්ත 6 වැනි ස්ථානය දිනා ගැනීමටද යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම මෙහිදී සමත් විය. එසේම සිය ජයග්‍රාහී විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වා ගනිමින් ‘Consumer Products’ හා ‘Multinational’ කාණ්ඩ දෙකෙහිම ජයග්‍රාහකයා බවට පත්වීමටද යුනිලිවර් සමාගමට හැකිව තිබේ.
මෙහිදී ඇගයීමට ලක් කෙරෙන සියලුම ආයතන LMDහි කාර්ය සාධන මිනුම් දර්ශක 12ක් මඟින් ඇගයීමට ලක් කරන ලදී. ඒ ‘මූල්‍ය කාර්ය සාධනය ’,’තත්ත්වය පිළිබඳ අවධානය ’,’කළමනාකරණ ආකෘතිය ’,’අවංකත්වය ’,’නවෝත්පාදනය ’,’සක්‍රීයතාව ’,’ආයතනික සංස්කෘතිය’,’දැක්ම ’,’ජාතික ඉදිරි දර්ශනය ’,’මානව සම්පත හා පිරිස් කළමනාකරණය ’ සහ ‘අවදානම් කළමනාකරණය’ යන මිනුම් දර්ශකයන්ය. එම දර්ශක වලට අනුව FMCG කාණ්ඩයේ ප්‍රමුඛස්ථානයට පත්වීමට යුනිලිවර් සමාගමට හැකිවිය.
මෙම සුවිශේෂී ඇගයීම් පිළිබඳව අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනි හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය “ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය FMCG සමාගම ලෙස අඛණ්ඩව 17 වැනි වරටත් ශ්‍රී ලාංකේය ජනතාවගේ පිළිගැනීමට පාත්‍ර වීම අපට සැබෑ අභිමානයක් මෙන්ම ගෞරවණීය අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි. අපගේ අරමුණු පෙරදැරි කරගත් සන්නාමයන්, සියලු දෙනාට තිරසාර ජීවිතයක් උදාකර දීමේ ආයතනික දැක්ම හා අප සිදු කරන සෑම කටයුත්තකදීම අඛණ්ඩතාව හා විශිෂ්ටත්වය වෙනුවෙන් වන අපගේ ආයතනයේ සාමාජිකයන්ගේ අප්‍රතිහත කැපවීම තුළින් වසර ගණනාවක් පුරා අප විසින් සහෝදර ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත වෙත සිදුකර ඇති ධනාත්මක බලපෑම මින් මනාව පිළිබිඹු වනවා. ආර්ථිකය, සමාජය සහ පරිසරය පුරා මනා ආයතනික ක්‍රියාකලාපයන් දිරිමත් කිරීම හා ඇගයීම වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් LMD ආයතනයට සහ එහි කළමනාකාරීත්වයට අපගේ හෘදයාංගම ස්තුතිය මේ මොහොතේ පුද කර සිටිනවා” යනුවෙන් පැවසීය.
වසර 84කට වැඩි කාලයත් තිස්සේ ශ්‍රී ලාංකේය ජනතාවගේ නොමඳ විශ්වාසය දිනා ගනිමින්, ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ ජීවන රටාව ආරක්ෂා කිරීමටත් පෝෂණය කිරීමටත් යුනිලිවර් සමාගම කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන අංශයේ ප්‍රමුඛතම සමාගමක් වන එම ආයතනයේ නිෂ්පාදනයන්ගෙන් 96%ක් හොරණ පිහිටි නිෂ්පාදන කර්මාන්තශාලාවේ හා තෙවැනි පාර්ශවීය කර්මාන්තයන්හි ඉහළ නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූලව දේශීයව නිෂ්පාදනය කරනු ලබයි. යුනිලිවර් නිෂ්පාදන එකතුව තුළ Sunlight, Signal, Lifebuoy, Knorr, Vim ඇතුළු වෙළෙඳපොලෙහි ප්‍රමුඛ පෙළේ සන්නාම 30ක් ඇතුළත් වේ. ඒ තුළින් දිනකට ශ්‍රී ලාංකිකයින් මිලියන 21කගේ ජීවිත වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම කටයුතු කර ඇත.
තවද යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2021 වසරේදී NielsenIQ විසින් අඛණ්ඩව 10 වැනි වරටත් ‘Number 1 Employer of Choice’ ලෙස ශ්‍රේණිගත කිරීමට ලක් කළ අතර 2021 වසරේ Effie Awards සම්මාන උළෙලේ දී අඛණ්ඩව 6 වැනි වරටත් Effie Awards සම්මානය යුනිලිවර් ශ්‍රී ලංකා වෙත ප්‍රදානය කරන ලදී. එමෙන්ම LMD හි 2021 වසරේ ‘Most Awarded’ සංස්කරණයේදී ශ්‍රී ලංකාවේ ‘Consumer Products’ හා ‘Multinational’ අංශයන්හි ‘Most Awarded Entity’ ලෙස ඇගයීමට පාත්‍ර වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සන්නාම 15ක් 2022 LMD සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හිදී ශ්‍රී ලංකාවේ ‘Most Loved Brands’ ලෙසද පිළිගැනීමට ලක් විය. එසේම යුනිලිවර්හි හොරණ කර්මාන්තශාලාව සිය මෙහෙයුම් තුළින් පරිසරයට සිදුවන බලපෑම කළමනාකරණය කිරීමට සහ අවම කිරීමට සිදු කරන කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ISO 14001:2015 සහතිකයද ප්‍රදානය කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD හි සංකල්පයක් මත NielsenIQ විසින් මෙහෙයවනු ලබන වාර්ෂික සමීක්ෂණයක් තුළින් ශ්‍රී ලංකාවේ Most Respected Entities ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබයි. මෙම වසරේ සමීක්ෂණය සඳහා කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත සමාගම්, 2020/21 LMD’s Top 100 සංස්කරණයේ ශ්‍රේණිගත සමාගම් හා 2021 Brands Annual සංස්කරණයේ ශ්‍රේණිගත සමාගම් වල කළමනාකාර තලයේ සේවය කරන 800කගේ පමණ අදහස් හා ප්‍රතිචාර සැලකිල්ලට ගනු ලැබූ අතර අවසාන ශ්‍රේණිගත කිරීම් සඳහා එක් එක් සමාගම සඳහා බර තැබූ ලකුණු වල මුළු වටිනාකම් පදනම් විය.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනි හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය

යුනිලීවර් ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාලය
June, 21, 2022
තිරසාරත්වය වෙනුවෙන් ඇපකැප වී සිටින සමාගමක් ලෙස සිය පාරිසරික වගකීම ඉටුකිරීමෙහි ලා ඉදිරි පියවරක් සනිටුහන් කරයි
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමට අයත් හොරණ නිෂ්පාදන කර්මාන්තශාලාව ISO 14001:2015 සහතිකය හිමි කරගනිමින් ගෞරවයට පාත්‍ර වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හොරණ කර්මාන්තශාලාව වෙත එම සහතිකය පිරිනමනු ලැබීය. මෙම සහතිකය පුළුල් පාරිසරික කළමනාකරණ පද්ධතියක් හරහා සිය මෙහෙයුම්වලින් පරිසරයට සිදුවන බලපෑම හඳුනා ගැනීම, කළමනාකරණය කිරීම හා අවම කිරීම සඳහා වන සමාගමේ කැපවීම හඳුනාගනිමින් ඒ වෙනුවෙන් හිමිකර දෙනු ලබන ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතිකයක් ලෙසද සඳහන් කළ හැකිය.
හොරණ කර්මාන්තශාලාව වෙත හිමි වූ මෙම සුවිශේෂී සහතිකය පිළිබඳ අදහස් දක්වමින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සැපයුම්දාම අධ්‍යක්ෂ ජෙරාඩ් ඉරුදයරාජ් මහතා සඳහන් කර සිටියේ “ඉමහත් උනන්දුවක් හා කැපවීමක් තුළින් අපගේ හොරණ කර්මාන්තශාලාව මෙම සහතිකයෙන් පිදුම් ලැබීම එහි පරිසර හිතකාමී බව සහතික කිරීමක් ලෙස සඳහන් කළ හැකියි. විශේෂයෙන් තිරසාර ව්‍යාපාරික භාවිතයක් තුළින් පරිසරය ආරක්ෂා කිරීමට මෙන්ම සංරක්ෂණය කිරීමට කැපවී සිටින සමාගමක් ලෙස යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව වෙත හිමි වූ මෙම ජාත්‍යන්තර සහතිකය සමාගමේ දිගු කාලීන දැක්ම හා ඉලක්කයන් විසින් අත්කරගත් සුවිසල් ජයග්‍රහණයක් ලෙස සැලකීමට කැමතියි” යනුවෙනි.
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ කර්මාන්තශාලාව ඉතා සාර්ථක පාරිසරික කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන්නේ එහි සියලු මෙහෙයුම්වල සැලකිය යුතු වෙනසක් සිදු කරමිනි. හරිතාගාර වායු විමෝචනය 97%කින් අවම කිරීම, සමස්ත බලශක්ති භාවිතය 68%කින් පහත හෙලීම සහ මුළු අපද්‍රව්‍ය උත්පාදනය 68%කින් අවම කිරීම වැනි පරිසර හිතකාමී භාවිතයන් (2012 - 2021) හොරණ කර්මාන්තශාලාව මඟින් අත්කරගත් ප්‍රමුඛ ජයග්‍රහණයන් ලෙස වැදගත් වේ.
එසේම හොරණ කර්මාන්තශාලාව තුළ ජල භාවිතය අවම කිරීම වෙනුවෙන් සැලසුම් ක්‍රියාවට නංවා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂික ජල පරිභෝජනය 78%කින් අඩු කිරීමට (2012 - 2021) ඔවුන්ට හැකි වී තිබේ. විවිධ සාර්ථක ජල පරිභෝජන ව්‍යාපෘති මෙන්ම වැසි ජලය රැස් කිරීමේ ක්‍රමවේදයක් හරහා මෙම ප්‍රයත්නයන් සාක්ෂාත් කර ගැනීමට ඔවුන් සමත්ව ඇත. මෙමඟින් කර්මාන්තශාලාවේ මෙහෙයුම් සඳහා වසරකට ටොන් 25,000 ක පමණ වැසි ජලය ප්‍රමාණයක් එක් රැස් කරගැනීමට ඔවුනට හැකියාව ලැබී ඇත-
ISO 14001:2015 ප්‍රමිතිය යනු ආයතනයකට තම පාරිසරික කාර්ය සාධනය ඉහළ නැංවීමට, ඊට අදාළ වගකීම් ඉටු කිරීමට මෙන්ම පාරිසරික අරමුණු සාක්ෂාත් කරගැනීමට භාවිත කළ හැකි පාරිසරික කළමනාකරණ පද්ධතියක් සඳහා වන අවශ්‍යතාවන් සම්බන්ධයෙන් නියම කරනු ලබන ජාත්‍යන්තර ප්‍රමිතියකි. තිරසාරත්ව පාරිසරික සාධකයක් වෙනුවෙන් ක්‍රමානුකූලව සිය පාරිසරික වගකීම් කළමනාකරණය කිරීම සඳහා සමාගමකට ඇති හැකියාව මෙම සහතිකය මඟින් තහවුරු කරනු ලබයි.

Video Story