November, 17, 2022
දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා සහාය වීමට තරුණ තරුණියන් 30,000කට අධික ප්‍රමාණයක් සවිබල ගන්වයි
සිංගප්පූරුවේ පසුගියදා පැවති 17 වැනි ආසියානු සේවා යෝජක සන්නාම සම්මාන උළෙලේදී 2022 වසරේ ආසියාවේ හොඳම සේවා යෝජක සන්නාමයක් (Asia's Best Employer Brands) ලෙස තවදුරටත් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සමත් විය. FMCG ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් දැක්වූ දායකත්වය හේතුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම මෙහිදී ආසියාවේ හොඳම සමාගම් 50 අතරට ශ්‍රේණිගත කරනු ලැබීය- ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනය (World Human Resources Development Congress) හා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සත්කාරකත්වය සපයන සේවා යෝජක සන්නාම සම්මාන උළෙල ආසියානු ව්‍යාපාර සම්මේලනය විසින් පිළිගත් සම්මාන උළෙලකි. සේවා යෝජක සන්නාමකරණයේ විශිෂ්ට භාවිතයන් බෙදාහදා ගැනීම වෙනුවෙන් ලොව පුරා ජ්‍යෙෂ්ඨ මානව සම්පත් නායකයින් එක් කරනු ලබන සංවිධානයක් වන Employer Branding Institute ආයතනය විසින් මෙම සම්මාන ඇගයීමට ලක් කරන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂිකා අනන්‍යා සභාර්වාල් මහත්මිය මෙසේ සඳහන් කර සිටියාය.“අනාගත නායකයින් බිහි කිරීම වෙනුවෙන් අප සිදු කරන කැපවීම මේ ආකාරයේ සම්මානයක් තුළින් පිළිගැනීමට ලක්වීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වෙනවා' යුනිලිවර් සමාගම විශ්වවිද්‍යාලයක් වැනි ආයතනයක් බව අපගේ බොහෝ සාමාජිකයන්ගේ මතයයි. තම සේවක ප්‍රජාවගේ අභිවෘද්ධිය උදෙසා යුනිලිවර් සමාගමේ කැපවීම පිළිබඳ දහස් ගණනින් වූ උදාහරණ අතර මගේ වෘත්තීය ජීවිතය ද එක් උදාහරණයක් ලෙස දැක්වීමට කැමතියි. එසේම අපගේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ද අනාගත ලෝකයට ගැලපෙන පුරවැසියන් ලෙස ඉදිරියට ගෙන යාම අපගේ අභිලාශයයි- ඒ සඳහා අපි ඔවුන්ගේ පන්තිකාමරයේ සිදු කෙරෙන අධ්‍යයන කටයුතු හා සමගාමීව වෘත්තීය අත්දැකීම් හා සංවර්ධන වැඩසටහන් ඔස්සේ ඔවුන්ට අර්ථවත් වෘත්තීය ජීවිතයකට ශක්තිමත් අඩිතාලමක් යොදා ගැනීමට උපකාර වෙනවා- විශේෂයෙන් මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රගමනය හා අනාගතය වෙනුවෙන් කළ හැකි හොඳම ආයෝජනය තාරුණ්‍යය වෙනුවෙන් සිදු කරන ආයෝජනය බව අප නිරන්තරයෙන් විශ්වාස කරනවා.”
මෙහිදී අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනි හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය “යුනිලිවර් සමාගමේ අනාගතවාදී දිශානතියට අනුව අද මෙන්ම හෙටත් අප ප්‍රජාවගේ රැකියා යෝග්‍යතාව ඔප්නැංවීම උදෙසා අපි කැපවී කටයුතු කරනවා' එසේම අපගේ තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා හා කුසලතාවන් ගොඩනැංවීම සඳහා අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක් වෙමින් වේගයෙන් වෙනස් වෙමින් පවතින ලෝකය සමඟ ඉදිරියට යාමට ඔවුන්ව සවිමත් කිරීමටද කටයුතු කරනවා' අපගේ ජනතාවට මෙන්ම තාරුණ්‍යයට නිරන්තර සහයෝගය ලබා දෙන අතරම ඒ තුළින් වඩා හොඳ හෙට දවසක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ හැකියාවන් ඉහළ නැංවීමටත් අප කටයුතු කරන බව සඳහන් කළ යුතුයි” යනුවෙන් පවසා සිටියාය.
සිය තරුණ වැඩසටහන් තුළින් ගෙවුණු වසර 5ක කාලය තුළ 30,000කට අධික ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ප්‍රමාණයක් රැකියා ලෝකය සඳහා සවිබල ගන්වා ඇති යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම පූර්ණ කාලීනව අධ්‍යාපනය ලබන අතරතුර අර්ධ කාලීන/ කෙටි කාලීන පුහුණු අවස්ථාවන් අපේක්ෂා කරනු ලබන තෝරාගත් උපාධි අපේක්ෂකයින් වෙත නම්‍යශීලී හා නව්‍ය කර්මාන්ත පුහුණු අවස්ථා පිරිනැමීමේ පුරෝගාමී ආයතනයක් ලෙසද සඳහන් කළ හැකිය.
යුනිලිවර් සමාගමේ ශිෂ්‍ය තානාපති SPARKS වැඩසටහන මඟින් තමන්ගේම විශ්වවිද්‍යාලයේ යුනිලිවර් තානාපතිවරයෙකු ලෙස වසරක කාලයක් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයන්හි උපාධි අපේක්ෂකයින් හට අවස්ථාව ලබා දෙයි' එහිදී විවිධ හැකියාවන් සපිරි තරුණ තරුණියන් 20 දෙනෙකු යුනිලිවර් ආයතනය සමඟ එක්ව තම විශ්වවිද්‍යාලයන්හි කුසලතා සංවර්ධන සමුළු පැවැත්වීමට කටයුතු කරනු ඇත. ඒ අතරම මෙරට තරුණ තරුණියන් කර්මාන්තයේ ප්‍රමුඛයින් සමඟ සම්බන්ධ කරන ශ්‍රී ලංකාවේ විශාලතම උපාධි අපේක්ෂක වැඩමුළුවක් වන යුනිලිවර් තරුණ සංසදය (Unilever Youth Forum) සංවිධානය කිරීමේ අවස්ථාව ද ඔවුනට ලැබේ' මෙම වසරේ දී අනාගත රැකියා ක්ෂේත්‍රය යන තේමාව යටතේ මෙම වැඩමුළුව පැවැත්වීමට මේවන විට කටයුතු යෙදෙමින් පවතී- ගෙවුණු වසර 8ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල 9ක් හරහා ශිෂ්‍ය තානාපතිවරුන් 110 කට වැඩි ප්‍රමාණයක් යුනිලිවර් විසින් තෝරාගෙන ඇති අතර ඔවුන්ගෙන් 100ට වැඩි ප්‍රමාණයක් සිය කුසලතා සංවර්ධන වැඩසටහන් සාර්ථකව ඉදිරිපත්කොට ඇත.
තවද යුනිලිවර් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන සිය ප්‍රමුඛ පෙළේ සන්නාම කේන්ද්‍ර කරගත් සිද්ධි අධ්‍යයන (Case study) තරඟයක් වන Unilever Challenge, උපාධි අපේක්ෂකයන්ට මෙන්ම නවක උපාධිධාරීන්ට යුනිලිවර්හි Global Unilever Future Leaders League හිදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ද ලබා දෙයි' එසේම ඒ තුළින් ප්‍රමුඛ පෙළේ සන්නාම සමඟ කටයුතු කිරීමේ හා ඔවුන්ගේ සුවිශේෂී චින්තනය ඉදිරියට ගෙනයාමේ අත්දැකීමද ලබා දෙනු ඇති. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් මේ වසරේදී පුහුණු කරන ලද මෙරට කණ්ඩායම ලොව පුරා අයදුම්කරුවන් 54000කට අධික සංඛ්‍යාවක් මෙන්ම උපාධි අපේක්ෂකයින් 500කට අධික සංඛ්‍යාවක් අභිබවමින් ගෝලීය අනුශූරයින් බවට පත්වීමද විශේෂත්වයකි.
උපාධි අපේක්ෂකයින් හට යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය සමඟ එක්ව කෙටි කාලීන ව්‍යාපාරික ව්‍යාපෘති සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම සඳහා වන නවතම වැඩසටහන ලෙස ULEARN දැක්විය හැකිය' මෙම වැඩසටහන තුළින් නම්‍යශීලී ආකාරයෙන් සිසුන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ ආරම්භක අවධියේදීම ආයතනික පුහුණුවක් ලබා දීම සිදු කරයි.
අද වන විට බෙහෙවින් දැකිය හැකි මෙරට බුද්ධිගලන ප්‍රවණතාවන් අවම කරමින් තරුණ සේවා නියුක්තිය ඉහළ නැංවීම හා අනාගත හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් යුනිලිවර් සමාගම ජෝන් කීල්ස් සමූහය (John Keells Group), සහ ලන්ඩන් කොටස් වෙළෙඳපොල සමූහය (London Stock Exchange Group) සමඟ ‘Fast-Track’ නමින් දේශීයව හා විදේශගතව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ක්ෂේත්‍ර කිහිපයකම විශිෂ්ට රැකියා අත්දැකීමක් ලබා දීමේ පුහුණු වැඩසටහනක් දියත් කොට ඇත. එසේම කැලණිය විශ්වවිද්‍යාලය, කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA), ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU), AIESEC ශ්‍රී ලංකා සහ Gavel clubs සමඟ එක්ව ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ සුවිශේෂී හැකියාවන් ඔප් නැංවීමට යුනිලිවර් සමාගම නිරන්තරයෙන් සිය දායකත්වය දක්වයි.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම වෙත තිළිණ කළ 'Asia's Best Employer Brands 2022' සම්මානය

යුනිලිවර් ප්‍රධාන කාර්යාලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක් වූ යුනිලිවර් සාමාජිකයින්
ඡායාරූප විස්තරය : යුනිලිවර් තරුණ සමුළුවට එක්වූ SPARKS ශිෂ්‍ය තානාපතිවරු
Video Story