November, 14, 2022
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් පනවන විදේශ ගමන් බලපත්ර ගාස්තු, වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (14) දින සිය අයවැය කතාවේ දී යෝජනා කර සිටියේය.
රාජ්ය මූල්ය ඒකාග්රතා ක්රියාවලියේදී බදු නොවන ආදායම ඉහළ නැංවීමද වැදගත් වේ. එබැවින් විවිධ ගාස්තු 2023 ජනවාරි 01 වන දින සිට සියයට 20කින් ඉහළ නැංවීමට මම යෝජනා කරනවා. එහෙත්, 2022, 2021 සහ 2022 යන වසර වලදී දැනටමත් ඉහළ නංවා ඇති විවිධ ගාස්තු මෙම යෝජනාව මඟින් සංශෝධනය කෙරෙන්නේ නැහැ.
ඒ ආකාරයටම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් පනවන විදේශ ගමන් බලපත්ර ගාස්තු, වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කරනවා.
රාජ්ය ආයතන විසින් අයකරන හා එකතු කරන පුරස්කාරක, කුලී සහ අනෙකුත් බදු නොවන ආදායම් සම්බන්ධයෙන් පරීක්ෂා කර මහා භාණ්ඩාගාරයට නිර්දේශ ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමටත් මම යෝජනා කරනවා.
රැස්කළ ආදායම් ඒකාබද්ධ අරමුදලට ප්රේෂණය කිරීමේ ප්රමාදය හේතුවෙන් දැරීමට සිඳු වන පරිදි දෙපාර්තමේන්තු සහ අමාත්යාංශ විසින් එකතු කරන ආදායම් සහ ලැබීම් දෛනිකව සෘජුවම මහා භාණ්ඩාගාරයට මාරු කිරීමට යෝජනා කරනවා. මේ සම්බන්ධයෙන් යථා කාලයේ දී උපදෙස් නිකුත් කිරීමට අවශ්ය පියවර මහා භාණ්ඩාගාරය විසින් ගනු ඇත.
August, 5, 2022
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය තම ව්යාපාරික කටයුතු ඩිජිටල්කරණයට පරිවර්ථනය කරලීමේ සංදිස්ථානයක් ලෙස මාර්ගගත විසා නිර්දේශ ක්රියාවලිය ස්ථාපිත කිරීම අවසන් කරයි. මෙම ක්රියාවලිය ශ්රීරි ලංකාව වෙත ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා "ව්යාපාරික කටයුතු කිරීමේ වඩාත්ම පහසුකම් ඇති ” රටක් වශයෙන් ජාත්යන්තරය තුල ස්ථානගත කිරීමේ මූලික ක්රම උපාය මාර්ග සැලසුමේ ප්රධානතම අංගයක් ලෙස සම්පූර්ණ කොට ඇත. මෙම ක්රියාවලිය ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමණ දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්යාංශය සහයෝගීතාවයේ ප්රතිඵලයක් ලෙස දැකිය හැක. ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින්ගේ අවශ්යතාවය මත වාර්ෂික විසා බලපත්ර 7500-8000 ක් අතර ප්රමාණයක් නිකුත් කිරීමට නිර්දේශ කරයි. ඒ සදහා ආයෝජකයින් කිහිප වරක් ආයෝජන මණ්ඩල ප්රධාන කාර්යාලයට පැමිණිය යුතු වේ. එම ක්රියාවලිය පහසු කරමින් ශ්රි ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්යාංශය එක්ව නව මාර්ගගත විසා බලපත්ර නිකුත් කිරීමේ ක්රමවේදය හදුන්වා දෙයි.
එහි ආරම්භක අවස්ථාව අද (05) කොළඹ ලෝක වෙළද මධ්යස්ථානයේ පිහිටි ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේදී පැවැත්විණි.
නව ක්රමය හදුන්වා දීමත් සමග කිසිදු අයදුම්කරුවෙකුට ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයට පැමිණිමට අවශ්ය නොවන අතර සියළු කාර්යයන් මාර්ගගත ක්රමය ඔස්සේ සිදු කල හැක. සෑම වීසා අයදුම්කරුවෙක්ගේම වීසා අයදුම්පත ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය නිර්දේශ කර ආගමන විගමණ දෙපාර්තමේන්තුවට යොමු කරනවාත් සමගම අයදුම්කරුට කෙටි පණිවිඩයක් හා විද්යුත් තපෑල මගින් දැනුම්දීමක් සිදු කරයි. මෙම ක්රමය හදුන්වාදීමත් සමග වංචනික ලිපි හා සහතික ඉදිරිපත් කිරිම වැනි ක්රියා සිදු නොවනු ඇත. නව ක්රමය යටතේ වීසා වර්ග තුනක් සදහා අවශ්ය නිර්දේශයන් ලබාදේ. මෙරටට අතුළුවිමේ විසා, පදිංචි විම සදහා විසා සහ වීසා බලපත්ර දීර්ඝ කර ගැන්වීම මෙයට අයත්ය. මේ තුලින් ආයෝජකයන්ට, සේවකයන්ට හා යැපෙන්නන්ට යන පාර්ශවයන්ට වීසා අයදුම් කළ හැක.
ආයෝජකයන්ට සිය ව්යාපාර කිරීමේ පහසුව ඉහල නැංවිමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල හදුන්වා දුන් බවත් මෙම ප්රවණතාවය හේතුකොටගෙන ව්යාපාරිකයන් හට තම ව්යාපාරික කටයුතු සඳහා සම්පූර්ණ කාලය යොමුකල හැකි බවත් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය පැවසුවාය.
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය අදාල පහසුකම් සැපයීම හේතුකොටගෙන ව්යාපරිකයන්ගේ කාලය වඩාත් ඵලදායි ලෙස යොදාගැනීමට හැකි බවත් ඒ සදහා ආගමන විගමණ දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්යාංශයේ නිළධාරීන් සහ ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිඝණක අංශයේ නිලධාරීන් කණ්ඩායමත් ඔවුන්ගේ නිපුනතාවය සහ දැක්වු සහයෝගය හා කැපකිරීම අගය කරන බවද පැවසුවාය.
ශ්රී ලංකාව කලාපයේ විශිෂ්ඨතම ආයෝජන ගමනාන්තය බවට පත්කිරිමේ වැඩපිලිවෙල යටතේ සියළු ආයෝජකයන්ගේ කාර්යයන් පහසු කිරිමට ගන්නා ලද තවත් පියවරක් ලෙස සදහන් කරන අතර ඉදිරියේදී තවදුරටත් පහසු ක්රමවේදයන් හදුන්වාදීමට අපේක්ෂා කරන බවද වීරකෝන් මහත්මිය පැවසුවාය.
මෙම නව මාර්ගගත වීසා ක්රමවේදය ඔස්සේ ආයෝජකයන් සහ ව්යවසායකයන් මුහුණපානු ලබන අපහසුතාවයන් අවම කර ගැනීමටත්, ඩිජිටල් පරිවර්ථනය ඔස්සේ ශ්රී ලංකාව තුල ව්යාපාර කටයුතු කරගැනීමේ ව්යාපාරික "සුහුරුතාවය” ඉහල දැමීමටත් එමගින් රාජ්ය අංශයේ සමගාම් අමාත්යාංශ අතර වඩාත් හොදින් ආයෝජකයන් වැඩකටයුතු කරගැනීමේ අවස්ථාව තවදුරටත් වැඩි කරගත හැකි බව වීරකෝන් මහත්මිය පැවසුවාය.
June, 29, 2022
ශ්රී ලංකාවේ online ගෙවීම් පිළබඳ ද්වාර විසඳුම් සම්බන්ධ ප්රමුඛයා වන WEBXPAY, මෙරට ඩිජිටල් ගෙවීම් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් Visa සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය විශේෂයෙන්ම මෙරට සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වලට අතිශයින් වැදගත් වනු ඇත. මෙමගින් දිවයින පුරාම සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වල ඩිජිටල් ගෙවීම් භාරගැනීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමටත්, එම ව්යාපාර වලට ලොව පුරා වීසා කාඩ්පත් හිමියන් සමග ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දීමටත් WEBXPAY සමාගමට හැකියාව ලැබේ. මෙය එම කාණ්ඩයේ ව්යාපාර වලට දියුණුවට අත්වැලක් වෙමින්, රටේ ආර්ථිකය නැවත නගාසිටුවීමට මහඟු දායකත්වයක් ලබාදෙනු නො-අනුමාන ය.
ආසියානු පැසිෆික් කලාපයේ ‘Visa Acceptance Fast Track’ වැඩසටහන යටතේ, 2025 වසර වනවිට මෙරට සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර 10,000 කට ඩිජිටල් ගෙවීම් භාරගැනීමේ පහසුකම් ලබාදීමට WEBXPAY අපේක්ෂා කරයි. ශ්රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නංවාලීම සඳහා 2025 වසර වනවිට රු. බිලියන 10 කට Gross Merchant Volume (GMV) මට්ටමක් වාර්තා කරගැනීම මෙහි මූලික ඉලකය වේ. මෙය soft POS හරහා contactless වර්ගයේ ගෙවීම් භාරගැනීම් වැඩි කිරීමටත්, soft POS තාක්ෂණය සමග tap to phone ක්රම ක්රියාත්මක කිරීමටත්, අඩු වියදම් face to face ගෙවීම් භාරගැනීමේ ක්රම ක්රියාවට නැංවීමටත් මහෝපකාරී වනු ඇත. COVID-19 හේතුවෙන් ඇති වූ බලපෑම් අවම කරගැනීමට ව්යාපාර උත්සාහ දරමින් සිටින මේ මොහොතේ මෙවැනි තාක්ෂණයන් වැඩි පාරිභෝගික ප්රජාවක් ආකර්ෂණය කරගැනීමට නිසැකවම ඉවහල් වන අතර, මෙමගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමෙන් අනතුරුව ඉතාමත් පහසුවෙන් ගෙවීම් කිරීම සඳහා විකල්ප ක්රම හිමි වේ.
“කුඩා ව්යාපාර හිමියන් බොහෝ විට තම ව්යාපාර දියුණු කරගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට උනන්දු වනවා. අප කළ යුතු වන්නේ ඒ සඳහා අවශ්ය සහය ලබාදීමයි. Visa Acceptance Fast Track වැඩසටහන යටතේ මේ ආකාරයට WEBXPAY සමග අත්වැල් බැඳගෙන ශ්රී ලංකාවේ කුඩා පරිමාණ ව්යාපාර දහස් ගණනකට ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවීමට අත්වැලක් සැපයීමට හැකිවීම අපට සතුටක්. Visa සේවාවන් සමග WEBXPAY හි ගෙවීම් ද්වාර විසඳුම් එක්වීම නිසා දැන් කුඩා ව්යාපාර වලට ස්පර්ශ රහිතව සුරක්ෂිත ලෙස ගෙවීම් භාරගැනීම සඳහා tap to phone ක්රමවේදය භාවිතා කරමින් තම ව්යාපාර නැවත ගොඩනංවා ගැනීමට හැකියාව ලැබෙනවා.” Visa හි ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය පැවසුවා ය.
“ශ්රී ලංකාවේ සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර සම්බන්ධ අපගේ සේවාවන් හා සමාජයීය ඉලක්ක ළඟා කරගැනීම සඳහා Visa මගින් ලබාදෙන සහයෝගය අප බෙහෙවින් අගය කරනවා. මේ හවුල්කාරීත්වය නිසා දේශීය ඩිජිටල් ගෙවීම් සම්ප්රදායන් පුළුල් කිරීම සඳහා වඩාත් වේගවත්, පහසු හා කාර්යක්ෂම ගෙවීම් විසඳුම් ලබාදීමට අප සතු හැකියාව තවදුරටත් ශක්තිමත් වන අතර, ඒ ඔස්සේ අපට සමස්තයක් ලෙස රටේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පරිවර්තනීය කාර්යභාරයක් ඉටුකිරීමට හැකියාව ලැබේවි.” WEBXPAY නිර්මාතෘ ඔමාර් සහිබ් මහතා පැවසී ය.
මේ වනවිට දිවයින පුරා ව්යාපාර 2,000 කට අධික සංඛ්යාවක් භාවිතා කරන WEBXPAY ඒකාබද්ධ සේවාව අලෙවිකරුවන්ට දින 3 ක් වැනි කෙටි කාලයක් තුළ online හරහා ගනුදෙනු ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙයි. මෙමගින් ඕනෑම ප්රමාණයක ව්යාපාරයකට ගැළපෙන සහනදායී විසඳුම් හිමිවන අතර, එකම පදනමක් තුළ සීමිත ගෙවීම් ක්රම සහිත සුරක්ෂිත, සහනදායී සහ පරිපූර්ණ ඩිජිටල් ගෙවීම් විසඳුමක් ඔවුන්ට හිමි වේ. මෙය ඔවුන්ගේ ව්යාපාර කටයුතු පහසු කිරීමටත්, එය වඩාත් ඉක්මනින් පුළුල් කිරීමටත් ලැබෙන අගනා අවස්ථාවකි.
ඉතා මෑතකදී WEBXPAY විසින් ඕස්ට්රේලියානු රජයේ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව (DFAT) සමග හවුල්කාරිත්වයකට අත්සන් තබන ලදි. ඩිජිටල් ගෙවීම් සේවාවන් ලබාගැනීමේ අවස්ථාවන් පුළුල් කරමින්, ඩිජිටල් විප්ලවයේ කොටස්කරුවන් වීම සඳහා දිවයින පුරා සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වලට අවස්ථාව ලබාදීම ඔස්සේ, COVID-19 හේතුවෙන් බලපෑම් වලට ලක්වූ ග්රාමීය ආර්ථිකයන් නගාසිටුවීම එහි අරමුණ විය.
2015 වසරේදී ශ්රී ලංකාවේ ප්රථම online ගෙවීම් එකතු කිරීමේ සේවාව වශයෙන් සාමාන්ය මට්ටමින් ආරම්භ වූ WEBXPAY මේ වනවිට ශ්රී ලංකාවේ විශ්වාසනීයම online ගෙවීම් ද්වාර විසඳුම් සපයන්නා බවට පත් වී තිබේ. මෙරට සුළු පරිමාණ ව්යාපාර මෙන්ම මහා පරිමාණ සමාගම් අතරද එම සේවාව මේ වනවිට වේගයෙන් ජනප්රිය වෙමින් පවතී. අනාගතයට ගැළපෙන පුළුල් හා මධ්යගත ගෙවීම් හැකියාවන්ගෙන් යුත් ශක්තිමත් වේදිකාවක් හඳුන්වා දීමෙන් ශ්රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව WEBXPAY දිවයින පුරා විසිරී පවතින සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර වෙත ඩිජිටල් ගනුදෙනු තාක්ෂණයන් සමීප කරවීමේ මෙහෙවරෙහි නිරත වී සිටී. මෙම වසර තුළදී සමාගමේ ප්රධානතම ඉලක්කයක් වන්නේ, මාර්ගගත සහ මාර්ගගත නොවන ගෙවීම් භාරගත හැකි Point of Sales (POS) විසඳුම් හඳුන්වා දීම තුළින් තම සේවාවන්හි අගය තවදුරටත් වර්ධනය කරගැනීම ය.
ඡායාරූප (වමේ සිට): WEBXPAY ව්යාපෘති කළමනාකාරිනී නැටලී ෆනෑන්ඩස්, අධ්යක්ෂ (ව්යාපාර සංවර්ධන සහ මෙහෙයුම්) ක්රිෂාන් සමරසිංහ, නිර්මාතෘ හා සභාපති ඔමාර් සහිබ් සමග Visa හි ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකාරිනී අවන්ති කොළඹගේ සහ එහි අධ්යක්ෂ (MS& A) නලින් දිසානායක යන මහත්ම මහත්මීන්
Video Story