• Ada Derana BIZ Sinhala
  • Budget 2023
  • Passport
  • sri lanka
  • Visa

පාස්පෝට්, වීසා ගාස්තු ඉහළට

November, 14, 2022

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් පනවන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) දින සිය අයවැය කතාවේ දී යෝජනා කර සිටියේය.

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලියේදී බදු නොවන ආදායම ඉහළ නැංවීමද වැදගත් වේ. එබැවින් විවිධ ගාස්තු 2023 ජනවාරි 01 වන දින සිට සියයට 20කින් ඉහළ නැංවීමට මම යෝජනා කරනවා. එහෙත්, 2022, 2021 සහ 2022 යන වසර වලදී දැනටමත් ඉහළ නංවා ඇති විවිධ ගාස්තු මෙම යෝජනාව මඟින් සංශෝධනය කෙරෙන්නේ නැහැ.

ඒ ආකාරයටම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් පනවන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කරනවා.

රාජ්‍ය ආයතන විසින් අයකරන හා එකතු කරන පුරස්කාරක, කුලී සහ අනෙකුත් බදු නොවන ආදායම් සම්බන්ධයෙන් පරීක්ෂා කර මහා භාණ්ඩාගාරයට නිර්දේශ ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමටත් මම යෝජනා කරනවා.

රැස්කළ ආදායම් ඒකාබද්ධ අරමුදලට ප්‍රේෂණය කිරීමේ ප්‍රමාදය හේතුවෙන් දැරීමට සිඳු වන පරිදි දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ විසින් එකතු කරන ආදායම් සහ ලැබීම් දෛනිකව සෘජුවම මහා භාණ්ඩාගාරයට මාරු කිරීමට යෝජනා කරනවා. මේ සම්බන්ධයෙන් යථා කාලයේ දී උපදෙස් නිකුත් කිරීමට අවශ්‍ය පියවර මහා භාණ්ඩාගාරය විසින් ගනු ඇත.

Video Story

Stock Market

Exchange Rates