September, 29, 2022
ඊයේ (28) දිනයේ මුල් භාගයේ දී වාර්තාගත පහළ යාමකට ලක්ව තිබූ ලෝක රන් මිල යළිත් වරක් ඉහළ යන ස්වාභාවයක් පෙන්නුම් කරයි. ඒ අනුව ඊයේ දිනයේ එක් අවස්ථාවක දී ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,620 න් පහළ මට්ටමකට පැමිණ තිබුණ ද, දිනය සමාප්තියේ දී එම අගය ඩොලර් 1,650 සීමාවට පැමිණි තිබුණු නිරීක්ෂණය කළ හැකි විය.
මේ වන විට ලෝක වෙළෙඳපොළේ රත්රං අවුන්සයක මිල ඩොලර් 1,650 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රත්රං පවුමක මිල ඊයේ දිනයේ දී රු. 159,100 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එය අද (29) දිනයේ දී රු. 160,500 ක් දක්වා වැඩි වී ඇත.
තවද කැරට් 24 රත්රං පවුමක මිල ඊයේ පැවති රු. 172,000 මිලෙහි සිට අද දිනයේ දී රු. 173,500 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

September, 28, 2022
මේ වන විට ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ක්රමයෙන් පහළ බසින ප්රවණතාවයක් නිරීක්ෂණය වේ.
kitco.com වෙබ් අඩවිය දක්වන පරිදි අද (28) දින ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 පමණ වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,620 මට්ටමමෙන් පහළට පැමිණ තිබේ.
ඒ අනුව රන් ග්රෑමයක මිල ඩොලර් 52 ක් ලෙසත් රන් කිලෝ ග්රෑමයක මිල ඩොලර් 52,000 ක් ලෙසත් වාර්තා වේ.


Video Story