November, 26, 2019
Takeda විසින් අත්හදා බලමින් සිටින ඩෙංගු ක‍්‍රියාකාරිත්වයට (TIDES) එරෙහි ටෙට‍්‍රවාලන්ට් ප‍්‍රතිශක්තිකරණ ඩෙංගු එන්නත් පරීක්ෂාවේ (TAK-003) 3 වන අදියරෙහි මාස 18 ක ප‍්‍රතිඵල මෙම වසරේ නොවැම්බර් 20 වන දින සිට 24 දක්වා නැෂනල් හාබර් පරිශ‍්‍රයේ පැවති ඇමරිකානු නිවර්තන වෛද්‍ය හා සනීපාරක්ෂක සංගමයේ (ASTMH)68 වන සම්මේලනය සඳහා ඉදිරිපත් කරන ලදී.
මෙම අත්හදා බැලීමේදී ප‍්‍රමාණවත් පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කිරීමට හැකි වූ අතර එන්නතේ සමස්ත කාර්යක්ෂමතාව අත්හදා බැලීමේදී රෝගයේ ද්විතීයික අවස්තාවන් වන සේරෝටයිප්, බේස්ලයින් සේරෝස්ටේටස්, යනාදී අවස්තාවන් මෙන්ම රෝගයේ බරපතල අවස්ථාවන් වන රෝහල්ගතවීමේ අවස්ථාව සහ උග‍්‍ර ඩෙංගු අවස්තාවන් යනාදී අදියරයන් ද පරික්ෂාවට ලක්කිරීමට හැකි විය. නිව් ඉන්ග්ලන්ඞ් ජර්නල් ඔෆ් මෙඩිසින් සඟරාව (New England Journal of Medicine) මගින් ප‍්‍රකාශයට පත් කරන ලද මාස 12 ක ප‍්‍රාථමික කාර්යක්ෂමතා දත්ත මත පදනම්ව මෙහි අතිරේක දත්ත ගොඩනගා තිබෙන අතර එන්නතේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව අවුරුදු 4යි මාස 05 කට වඩා පවතින බව තක්සේරු කර ඇත.
ඩෙංගු යනු මදුරුවන්ගෙන් බෝවන්නා වූ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන වයිරස් රෝගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වර්ෂ 2019 දී ගෝලීය සෞඛ්‍යයට එල්ල වී ඇති ඉහළම තර්ජන දහයෙන් එකක් වේ. ලෝකයේ අඩක් පමණ වර්තමානයේ ජීවත් වන්නේ ඩෙංගු තර්ජනය යටතේ වන අතර වාර්ෂිකව මිලියන 390 ක් පමණ ඩෙංගු තර්ජනයට ලක්වන අතර වාර්ෂිකව ඉන් 20000 ක් පමණ මිය යති.
Video Story