December, 16, 2021
ශ‍්‍රී ලංකාවේ දේපළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන ප‍්‍රයිම් සමූහයේ අති සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය (Condominium Project) වන කොළඹ 7 The Grand, Ward Place හි අති විශිෂ්ට නිමාවකින් යුත් Display Suite පාරිභෝගිකයින් වෙත විවෘත කරන ලදි. මේ වන විටත් The Grand Ward Place හී ඉදිකිරීම් අවසන් අදියරට ළ`ගා වෙමින් පවතින අතර එහි අභ්‍යන්තර අලංකරණකටයුතු ද ආරම්භ කර ඇතග අග‍්‍රගන්‍ය නිමාවකින් යුතුව නවීනතම තාක්ෂණික ක‍්‍රමවේද මුසුකොට නිමවෙන මෙම නිවාස නිදන කාමර දෙකේ සිට හතර දක්වා වූ අති සුඛෝපභෝගී නිවාස මෙන්ම duplex penthouses ඇතුළු නිවාස 332කින් සමන්විත වේ.
දැනටමත් නිවාස මිලදී ගත් මෙන්ම මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින්ටල වේලාවක් වෙන් කරවා ගෙන ඔයැ ඨර්බාල උ්රා ඡුක්ජැ අති සුඛෝපභෝගී ෘසිචක්හ ීමසඑැ අත්දැකීම විඳගැනීමට හැකි බව එහි කළමනාකාරීත්වය පවසයිි
.”අප සමාගම සතු අද්විතීය ඉදිකිරීමක් වන The Grand, Ward Place අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙහි Display Suite පාරිභෝගිකයින් වෙනුවෙන් විවෘත කිරීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටු වෙනවා. අපගේ නිවාස ව්‍යාපෘතීන් අතර අතිශයින් සුවිශේෂී සහ විශිෂ්ටතම නිර්මාණය වන The Grand Ward Place අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය සමාගමේ විශාලම ආයෝජනයක් වන අතර ප‍්‍රයිම් සමූහයේ 26 වසරක ව්‍යාපාරික දිවියෙහි අග‍්‍රඵලය ලෙසද නම් කළ හැකියි. මෙහි නිර්මාණ කාර්යය සඳහා ලොව අග‍්‍රගන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන් සහ දකුණු ආසියාවේ විශිෂ්ටතම ඉදිකිරීම් සමාගම්වල දායකත්වයත් අපට හිමි වූවා. එමෙන්ම මෙහි ඇතුළත හා පිටත ඉදිකිරීම් සඳහා ලොව හොඳම ගොඩනැගිලි අමුද්‍රව්‍ය මෙන්ම ඉතා අනර්ඝ තත්වයේ අභ්‍යන්තර ගොඩනැගිලි අලංකරණ අමුද්‍රව්‍ය සහ උපකරණ යොදා ගන්නට අප සැලකිලිමත් වුනා. මේ සියලූ කැපවීම් හි ප‍්‍රතිඵලයක් ලෙස අපගේ පාරිභෝගිකයින්ට අද්විතීය අති සුඛෝපභෝගී නිවසක දිවිගෙවීමේ අත්දැකීම නුදුරේදී ලබා දීමට අපට හැකි වනු ඇති බව මට විශ්වාසයි.’’ යනුවෙන් ප‍්‍රයිම් සමූහයේ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රහ්මණගේ මහතා පැවසීය.
ඉන්දියානු සාගරය පිස එන මඳනල පහස විඳිමින් කොළඹ බටහිර අහස්කුස අරා විරාජමානව නැගි සිටින The Grand Ward Place, මීටර් 160කින් සහ මහල් 37 කින් සමන්විතව කොළඹ නගරයේ ඉහළම වටිනාකමක් සහිත භූමියක ඉදිවන මෙරට ප‍්‍රමුඛතම අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය ලෙස නිසැකවම හැඳින්විය හැක.
PropertyGuru Asia Property සම්මාන උළෙලේ දී ශ‍්‍රී ලංකාවේ හොඳම සුඛෝපභෝගී සහාධිපත්‍යය ලෙස පිළිගැනීමට ලක් වූ මෙම අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙහි තවත් එක් සුවිශේෂත්වයක් වන්නේ මීටර් 125ක් ඉහළින් එනම් මෙහි 32වන මහලෙහි ඉදිවන මීටර් 71ක දිගින් යුතු ඉන්ෆිනිටි ^Infinity& පිහිණුම් තටාකයයි. තනි ගොඩනැගිල්ලක් ලෙස ඉදිකෙරෙන සුපිරි නිවාස සංකීර්ණයෙහි තවත් විශේෂත්වයක් වන්නේ පුද්ගලිකත්වය උපරිම අන්දමින් ආරක්ෂා වන ලෙස මෙම නිවාස ඉදිවීමයි. පුද්ගලිකත්වය සුරැකෙන මෙම සුවිශේෂී ගෘහනිර්මාණ ශිල්පීය අනන්‍යතාව ශ‍්‍රී ලාංකීය නිවාස සංකීර්ණයක දක්නට ලැබෙන පළමු අවස්ථාව මෙයයි. මීට අමතරව වර්ග අඩි 50,000කට අධික වපසරියක් ක‍්‍රීඩා , විනෝද සහ තවත් බොහෝ පහසුකම් සඳහා වෙන් කෙරෙන අතර මෙම පහසුකම් පස්වන, තිස්දෙවන සහ තිස්හත්වන මහල් හි පිහිටා ඇත.
The Grand අති සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස සංකීර්ණය කීර්තිමත් ගෘහ නිර්මාණ ආයතනයක් වන The design five group international විසින් නිර්මාණය කරන ලද අතර එය ඉදිකරනු ලබන්නේ දකුණු ආසියාවේ විශාලතම සහ විශ්වාසනීය කොන්ත‍්‍රාත්කරුවෙකු වන Maga Engineering ආයතනයයි. එහිදී අනෙකුත් ජාත්‍යන්තර මට්ටමේ අභ්‍යන්තර නිර්මාණකරුවන් රැසකගේ මෙන්ම ව්‍යුහාත්මක ඉංජිනේරුවන්, සමාලෝචකයින්, පරීක්ෂණ උපදේශකයින් සහ ප‍්‍රමාණ මිනින්දෝරුවන් ගේ සහයද මෙම ව්‍යාපෘතිය සඳහා ලබාගන්නා ලදි.
Video Story