The Outlet Store කොළඹදී විවෘත කෙරේ

    June, 13, 2017

    මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් දැරිය හැකි මිලකට අසමසම පවුල් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීමේ අරමුණ පෙරදැරිව The Outlet Store පසුගියදා කොළඹදී විවෘත කෙරිණි.

     

    විලාසිතා ක්ෂේත්‍රයේ නවත ම ප්‍රවණතා රැසක් එකම වහලක් යටදී පිරිනමන මෙම සාප්පු සංකීර්ණය අංක : 142, බෞද්ධාලෝක මාවත, කොළඹ 4 යන ස්ථානයෙහි පිහිටා ඇත. විවිධ අංශවලට වෙන් වූ මෙය, කාන්තා, පිරිමි සහ කුඩා දරුවන්ට අවශ්‍ය ජාත්‍යන්තර සහ දේශීය ඇඟලුම් මෙන් ම ගෘහ උපකරණ සහ ත්‍යාග, විසිතුරු භාණ්ඩ, සුවඳ විලවුන්, රූපලාවන්‍ය නිෂ්පාදන, අත් ඔරලෝසු, සෙල්ලම් භාණ්ඩ, පාවහන් සහ ආභරණ ආදී පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන පෙළකින් සමන්විතය.

     

    'Get Smart for Less' තේමා පාඨය සමගින් The Outlet Store, වර්ග අඩි 15,000ක වපසරියකින් යුතුව රැකියාවට, විවේකයට, පවුලේ උත්සව සහ සාදවලට අවශ්‍ය ඕනෑම අවශ්‍යතාවක් සපුරාලමින් පාරිභෝගිකයාට සාප්පු සවාරි පාරාදීසයක අත්දැකීමක් හිමිකර දෙයි.

     

    "ඇඟලුම්, ආභරණ ඇතුළු සෑම අයෙකුට ම ඔබින පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයන් වෙත දැරිය හැකි මිලකට පිරිනමමින් අපගේ පළමු මාණ්ඩලික සාප්පු සංකීර්ණය කොළඹදී විවෘත කිරීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා" යනුවෙන් The Outlet Store Clothing Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ ශර්හාන් මන්සූර් මහතා සඳහන් කළේය.

     

    "අපගේ විශිෂ්ට වෙළඳ භාණ්ඩ සහ සේවාව සමගින් පාරිභෝගිකයාගේ සාප්පු සවාරි අත්දැකීම තවදුරටත් පුළුල් කිරීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි. කොළඹ සාප්පු සංකීර්ණය අපගේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතුවල සුවිශේෂී සංධිස්ථානයක්වන අතර ඉදිරියේදී දිවයින පුරා මෙය ව්‍යාප්ත කිරීම අපගේ ඉලක්කයයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් පළ කළේය.

     

    චිත්තාකර්ෂණිය අභ්‍යන්තර සැකසුමක් සමගින් ජාත්‍යන්තර සාප්පු සවාරි පරිශ්‍රයක් ලෙස ගොඩනගා ඇති The Outlet Store, තමන් ගෙවන මිලට උපරිම වටිනාකමක් ලබා දෙන උපරිම ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ පවුලේ සැමට මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමිකර දී ඇත. ආචාරශීලි කාර්යමණ්ඩලය, ජාත්‍යන්තර සාප්පු සවාරි පරිසරය සහ වාහන 30ක් එකවර නතර කළ හැකි සුවිසල් රථ ගාල මෙම සාප්පු සංකීර්ණය විලාසිතා ක්ෂේත්‍රය තුළ කැපී පෙනීමට හේතු වී ඇත. පාරිභෝගිකයාගේ විඩාව සංසිඳවීම සඳහා The Outlet Store පරිශ්‍රය තුළ නුදුරේදී ම ආපන ශාලාවක් ද විවෘත කෙරෙනු ඇත.