The Outlet Store වෙතින් 50%ක් දක්වා වට්ටම්

    October, 31, 2017

    මෙරට පාරිභෝහික ජනතාවට අසමසම පවුලේ සාප්පු සවාරි අත්දැකීමක් උරුමකර දීමටත්, මෙරට ප්‍රමුඛත ම විලාසිතාගාරයක් බවට පත්වීමත් ඉලක්කර ගනිමින් The Outlet Store ඔක්තෝබර් මස 27වනදා සිට නොවැම්බර් මස 04 වනදා දක්වා පාරිභෝගිකයන් වෙනුවෙන් සමස්ත බිල්පතේ වටිනාකමට 50%ක් දක්වා වට්ටම් ලබාදීමට කටයුතු කරයි.

    සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ මේ වසරේ මුල් භාගයේ පටන් එම ආයතනය සියලු පාරිභෝගික මට්ටම්වල නොමඳ අවධානය දිනාගනිමින් මේවන විට කොළඹ නගරයේ වඩාත් ආකර්ෂණීය විලාසිතාගාරයක් බවට පත්ව සිටී. එම ආයතනය සිය නිෂ්පාදන පෙළ නිරන්තරයෙන් පුළුල් කරන බැවින්, සෑම දිනක ම නැවුම් යමක් තමන්ට උරුමකර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට උදාවේ.

    වර්ග අඩි 15,000ක වපසරියකින් යුතු The Outlet Store විලාසිතාගාරය, සම්ප්‍රදායික අලෙවිසැලක් ලෙස නොව, සාප්පු සංකීර්ණයක් ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍යය. කාන්තා සහ පිරිමි පාර්ශවවලට මෙන්ම දරුවන්ට ද උසස් ප්‍රමිතියෙන් යුතු, කල්පවත්නා දෙස්-විදෙස් ප්‍රකට සන්නාම දැරිය හැකි මිලකට ලබාදීම එම ආයතනයේ අරමුණයි. ඇඟලුම් නිෂ්පාදනවලට අමතරව, ගෘහ සහ තෑගි භාණ්ඩ, උපාංග, සුවඳ විලවුන්, රුපලාවන්‍ය නිෂ්පාදන, අත් ඔරලෝසු, සෙල්ලම් භාණ්ඩ, පාවහන් සහ ආභරණ ඇතුළු පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන පෙළක් එකම වහලක් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව මෙහිදී පාරිභෝගිකයන් හට හිමි වේ.

    "අපගේ වසර අවසාන අලෙවි ක්‍රමෝපායේ එක් අදියරක් ලෙස පාරිභෝගිකයන් හට සමස්ත බිල්පත් වටිනාකමින් අඩක් තරම් වට්ටමක් ලබාදීමට හැකිවීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. කෙනෙකුගේ ජීවන ශෛලියේ සෑම අංශයක් ම ආවරණය කෙරෙන පරිදි මෙවර අප තවදුරටත් නිෂ්පාදන පෙළ පුළුල් කිරීමට කටයුතු කර තිබෙනවා. අප වෙත පැමිණෙන පාරිභෝගිකයන් එතැන් සිට සතුටින් සාප්පු සවාරියේ නිරතවනු දැකීම අපගේ ඒකායන අපේක්ෂාවයි" යනුවෙන් The Outlet Store Clothing සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශර්හාන් මන්සූර් මහතා සඳහන් කළේය.

    The Outlet Store හි රථ ගාල තුළ ඕනෑම මොහොතක එකවර වාහන 30ක් පමණ නවතා තැබිය හැකිය. දැකුම්කළු අභ්‍යන්තර සැකැස්ම සහ ජාත්‍යන්තර මට්ටමේ සාප්පු සංකීර්ණ වටපිටාව සමගින්, එම ආයතනය පවුලේ සියලු සාමාජිකයන් හට ගෙවන මිලට සරිලන සේවාවක් මෙන්ම උසස් ම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ලබාදීමටත් නිබඳ කැපවෙයි.

    තම අසමසම සාප්පු සවාරි අත්දැකීම හිමිකරගන්නා අතරතුර හෝ ඉන් පසුව වෙහෙස සංසිඳවා ගැනීම වෙනුවෙන් පාරිභෝගිකයන් හට 'Brew Bar' නමින් වෙනම කොපි සහ සුළු ආහාර සහිත ආපනශාලාවක් ද මෑතකදී එම ආයතනය විවෘත කළේය. උණු සහ ශීතල පාන වර්ග, බ්‍රව්නීස් වර්ග, කප්කේක්, අතුරුපස, කෙටි ආහාර ඇතුළු ආහාර-පාන වර්ග රැසක් මෙමගින් මිලදී ගත හැකිය.

    වත්මන් ප්‍රවණතා මැනවින් හඳුනාගත් විලාසිතාගාරයක් ලෙස ශීඝ්‍ර ජනප්‍රියත්වයකට හිමිකම් කියන The Outlet Store, නුදුරේදී සිය ජාලය තවදුරටත් පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.  www.facebook.com/TheOutletStore.lk හරහා ෆේස්බුක් මගින් එම ආයතනයට සිය කැමැත්ත පළ කිරීමෙන් නවත ම තොරතුරු එසැණින් ලබාගත හැකිය.