Together As One: සොෆ්ට්ලොජික් ලයිෆ් 2023 වාර්ෂික අලෙවි සම්මාන උළෙලේදී සිය විශිෂ්ටතමයින් ඇගයීමට ලක් කරයි

    April, 27, 2023

    ශ‍්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, පසුගියදා කොළඹ ෂැංග‍්‍රි-ලා හෝටලයේදී සිය වාර්ෂික අලෙවි සම්මාන උළෙල 2023 සාර්ථකව පැවැත්වීය. ‘Together as One’ යන මේ වසරේ තේමාව අනුව යමින්, තම ගෞරවනීය රක්ෂණ ඔප්පුහිමියන්ට සුවිශේෂී පාරිභෝගික සේවාවක් ලබා දීමට අඛණ්ඩව කැප වු Agency, Alternate සහ Micro යන සමාගමේ ප‍්‍රධාන අංශ ත‍්‍රිත්වයෙහි විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ සාමාජිකයින් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කළේය.

    2022 වසරේ සොෆ්ට්ලොජික් ලයිෆ් හි සාර්ථක ගමන්මගට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ අලෙවි බලකායේ 100 කට අධික සාමාජිකයින් සංඛ්‍යාවකගේ කැපී පෙනෙන ජයග‍්‍රහණ මෙම අලෙවි සමුළුවේදී සමරනු ලැබීය. මෙසේ ඇගයීමට ලක් කර සාමාජිකයන් අතරට Agency අලෙවි අංශයෙහි සාමාජිකයින් 68ක්, Alternate අලෙවි අංශයෙහි සාමාජිකයින් 16ක් සහ Micro අලෙවි අංශයෙහි සාමාජිකයින් 11ක් ඇතුළත් විය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් හි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිළධාරී ඉන්දු ආටිගල මහතා පැවසුවේ ‘‘ඉතා අසීරු ආර්ථික තත්වයන් මධ්‍යයේ වුවද විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ සහ අප සමාගමේ සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබා දුන් අපගේ අලෙවි බලකායේ සාමාජිකයින් හඳුනාගෙන ඇගයීමට හැකි වීම ගැන අපි ඉතා ආඩම්බර වනවා. මේ වසරේ සමුළුව මගින් සමාගමක් ලෙස අප සැමට එකට එකතු වී අපගේ විශ්වසනීය අලෙවි බලකායේ දැඩි කැපවීම අගය කළ හැකි වීම සතුටක්ල ඒවගේම මෙම අවස්ථාව තුළින් අපගේ ජයග‍්‍රහණයන් සැමරීමට අවස්ථාවක් ලැබෙන අතර ඉදිරි අනාගතය සඳහා වන , අභියෝග සහ උපායමාර්ග පිළිබඳව අපට සිහිගන්වනවා. රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ අප සාර්ථකව අඛණ්ඩව ඉදිරියට ගමන් කිරීමේදී අපගේ සාර්ථකත්වය පිටුපස ඇති නොසැලෙන බලවේගය වන්නේ අපගේ අලෙවි සාමාජිකයින්. ඔවුන්ගේ විශිෂ්ටත්වය පෙන්වීමට අවශ්‍ය ප‍්‍රමාණවත් සම්පත් දායකත්වය ලබා දීමට ඉදිරියටත් කැපවීමෙන් අප කටයුතු කරනවා. ඉහළම දක්ෂතා දැක්වූ සියලූම දෙනාට මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන අතර අනාගතයේදී ඔවුන්ගේ තවත් ජයග‍්‍රහණ දැක බලා ගැනීමට මා බලාපොරොත්තු වනවා.’’ යනුවෙනි.

    මෙහිදී Agency අලෙවි අංශයෙහි ජයග‍්‍රාහකයින්, ව්‍යාපාර කළමනාකරණය, ක්ෂේත‍්‍ර කළමනාකරණය, ප‍්‍රාදේශීය බෙදාහැරීමේ කළමනාකරණ අංශවල කුසලතා සම්මාන කාණ්ඩය, Gold Life Member කාණ්ඩය, Hall of Fame කාණ්ඩය, හොඳම PCU කළමනාකාර සම්මානය, හොඳම කලාප කළමනාකාර සම්මානය, හොඳම ප‍්‍රාදේශීය බෙදාහැරීමේ කළමනාකාර සම්මානය, හොඳම කොට්ඨාශ කළමනාකාර සම්මානය, හොඳම ක්ෂේත‍්‍ර කළමනාකාර සම්මානය, හොඳම පාරිභෝගික සේවා සම්මානය, වසරේ වටිනාම අලෙවි උපදේශක සහ වසරේ දක්ෂතම අලෙවි උපදේශක යන කාණ්ඩ යටතේ ඇගයීමට ලක් වීම කැපී පෙනිණි.

    තවද Alternate අලෙවි අංශයෙහි ජයග‍්‍රාහකයින් Group Life කාණ්ඩය, Good Health කාණ්ඩය, බැංකු රක්ෂණ කාණ්ඩය සහ ඉහළම සම්මාන කාණ්ඩය (Top Awards) යටතේ මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

    ”සොෆ්ට්ලොජික් ලයිෆ් හි සුවිශේෂී බෙදාහැරීමේ අංශයක් ලෙස Alternate අලෙවි අංශය හඳුන්වා දිය හැකියිx එම කණ්ඩායම ලබා ගත් ජයග‍්‍රහණය අපගේ කණ්ඩායමේ දැඩි කැපවීමේ හා උනන්දුව පිළිබඳ කදිම සාක්ෂියක්. අපගේ ආයතනික ගනුදෙනුකාරභවතුන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ටම ගැලපෙන ආකාරයේ නව්‍ය විසඳුම් ලබා දීමටත් ඉදිරි වසරවලදී සමාගම ප‍්‍රගතිය කරා රැගෙන යාමටත් අප කැපවීමෙන් කටයුතු කරනවා. අපගේ අලෙවි අංශ තුනෙහි ම ජයග‍්‍රාහකයින්ගේ සුවිශේෂී කාර්යසාධනය සහ ජයග‍්‍රහණයන් පිළිබඳව මා ඔවුන්ට සුබ පැතීමට කැමතියි,” යනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් Alternate අලෙවි අංශයෙහි ප‍්‍රධාන බෙදාහැරීමේ නිලධාරී පියුමාල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

    හොඳම අලෙවි උපදේශක (Digital Sales), හොඳම අලෙවි උපදේශක (Postal Channel), හොඳම සමූහ කළමනාකාර (Best Cluster Manager) සහ Channel Development (Postal Channel), සඳහා විශේෂ ඇගයීම යන කාණ්ඩ හතරක් යටතේ Micro අලෙවි කණ්ඩායම මෙහිදී සම්මානයට පාත‍්‍ර විය.

    සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප‍්‍රධාන ආයතනික සේවා/Micro අලෙවි අංශ ප‍්‍රධානී තිලංක කිරිපෝරුව මහතා අදහස් දක්වමින් පැවසුවේ ”සොෆ්ට්ලොජික් ලයිෆ් හි අපගේ රක්ෂණ ඔප්පුහිමියන්ට සෑම ආකාරයකම නව්‍ය සහ පහසුවෙන් ලබා ගත හැකි ජීවිත රක්ෂණ විසඳුම් ලබා දීමට අප කැපවී සිටිනවා. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා අපගේ අංශය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. අපගේ Micro අලෙවි අංශයෙහි සාමාජිකයින් අපගේ රක්ෂණ ඔප්පුහිමියන් උදෙසා දැඩි කැපවීමෙන් කටයුතු කර තිබෙන අතර අඛණ්ඩව අපගේ වටිනා පාර්ශවකරුවන්ට වඩාත් හොඳින් සේවය කිරීමට අප සතු විසඳුම් උපරිමයෙන් භාවිත කිරීමට අපේක්ෂා කරනවා.’’ යනුවෙනි.

    2022 වසරේදී රක්ෂණ ක්ෂේත‍්‍රය සඳහා වැඩිම MDRT සාමාජිකත්වය සඳහා සුදුසුකම්ලැබූවන් සංඛ්‍යාවක් සොෆ්ට්ලොජික් ලයිෆ් සතුය. එසේ සුදුසුකම් ලැබූ සාමාජිකයින් 263 දෙනාගෙන්, Agency අලෙවි අංශයෙහි සාමාජිකයින් 229 දෙනෙක්, Alternate අලෙවි අංශයෙහි 29 දෙනෙක් සහ Micro අලෙවි අංශයෙහි සාමාජිකයින් 5 දෙනෙක් ඒ අතර විය. සමාගමේ Alternate අලෙවි අංශයෙහි කාන්තා සාමාජිකාවක් පළමු වරට MDRT සාමාජිකත්වය ලබා ගනිමින් Top of Table ගෞරවනීය සාමාජිකත්වය හිමිකර ගැනීම මෙම උත්සවයේදී විශේෂයෙන් ඇගයීම ලක් කෙරිණි.

     සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සීහි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙඳ, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ‍්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ‍්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයින් වන Leapfrog Investments ද ඇතුළත් වේ.