Travel with SLT Selfie තරගයේ ජයග‍්‍රාහකයන්

    January, 15, 2018

    ෆයිබර්, මෙගා ලයින් සහ 4G LTE තාක්‍ෂණයන් ඔස්සේ ඔබට පිදෙන මෙරට විශිෂ්ටතම අන්තර්ජාල සැපයුම් සේවාව වන SLT බ්‍රෝඞ්බෑන්ඞ් සේවාව අත්විඳින පාරිභෝගිකයන් හට, ජාත්‍යන්තර ඡුායාරූප දිනය නිමිතිකරගනිමින් ජයග‍්‍රාහී විනෝදකාමී ඉසව්වක් හඳුන්වාදෙමින්, ඔවුන් වෙත දැවැන්ත ඬේටා දීමනා ඇතුළු තෑගි පිරිනැමූ සංචාරක සෙල්ෆි ඡායාරූප තරගය හෙවත් Travel with SLT Selfie Competition හි ජයග‍්‍රාහකයන් ඉකුත්දා ප‍්‍රකාශයට පත්කරන ලදි. ඒ අනුව භාති අමාස් රණවීර, චමෝද ජයරුවන් සහ වචිර අංජන හෙට්ටිආරච්චි තිදෙනා මෙම සෙල්ෆි ඡායාරූප තරගයේ පළමු ජයග‍්‍රාහකයන් බවට පත්වූහ.

    ඒ සමගින් ජාත්‍යන්තර මට්ටමේ ඉහළම සන්නාමයක් වන SWISSGEAR සංචාරක ගමන්මල්ලක් සහ ගිගාබයිට් 100 (100GB) බැගින් ඬේටා, ජයග‍්‍රාහී ත්‍යාග වශයෙන් ඔවුන් වෙත පිරිනැමුණි.