VIVA ELITE රැළිය 27 දා

    October, 22, 2018

    ශ්‍රී ලංකා "VIVA ELITE" හිමිකරුවන්ගේ සංගමය විසින් පළමුවරට සංවිධානය කරනු ලබන රථවාහන රැළිය මෙම මස (27) දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    දියත උයනේ සිට මීගමුව දක්වා මෙම රථ පෙරහැර ගමන් කිරීමට නියමිතය. ඒ සඳහා VIVA ELITE මෝටර් රථ 100කට වැඩි ප්‍රමාණයක් සහභාගී වනවා ඇත.

    පළමුවරට සංවිධානය කරනු ලබන මෙම රථ පෙරහැර වාර්ෂිකව පැවැත්වීමට කටයුතු කරන බවද එම සංගමයේ නියෝජතයෙකු කියා සිටියේය.

    එදින රථ පෙරහැර සඳහා සහභාගීවන පිරිසට අදාළ සංගමයේ සාමාජිකත්වය නොමිලේ ලබාදීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.

    එමෙන්ම වෙළෙඳ වට්ටම්, රථ වාහන විශේෂඥ පරීක්ෂාවක් නොමිලේ සිදු කර ගැනීමට ද එදිනට හැකියාව ඇත.

    මේ සඳහා සහභාගීවන සැමට සහතික පතක් ප්‍රදානය කිරීමටද "VIVA ELITE" හිමිකරුවන්ගේ සංගමය විසින් තීරණය කර තිබේ.

    මේ අතර හොඳම නවීකරණය කරන ලද මෝටර් රථයට හා හොඳම නිෂ්පාදිත තත්ත්වයේ පවතින මෝටර් රථය සඳහා සම්මානයක් පිරිනැමමක්ද සිදු කිරීමට නියමිතය.

    මේ පිළිබඳ වැඩි විස්තර සඳහා කමිටු සාමාජිකයින් වන අෂේන් - දු.ක.0784738368 , තරිදු - දු.ක.0772340582, ෂියාම් - දු.ක.0773405129 ඇමතීමෙන් ලබා ගත හැකිය.