Vivo වෙතින් හඳුන්වා දෙන නවතම විශේෂාංග රැසක් සපිරි V15Pro සමගින් අසමසම ජංගම දුරකථන අත්දැකීමක්

    March, 19, 2019

    හඳුන්වාදෙන අද්විතීය ඉදිරිපස කැමරාව, In-Display Fingerprint Scanning තාක්‍ෂණය සහ AI තාක්‍ෂණයෙන් බල ගැන්වූ සුපිරි Triple කැමරාව

     

    Vivo වෙතින් හඳුන්වා දෙන නවතම ජංගම දුරකථනය වන V15Pro ස්මාර්ට් ජංගම දුරකථනය ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. V15Pro යනු Vivo සමාගම විසින් NEX මාදිලියට පසුව ප‍්‍රථම වරට Elevating Front Camera තාක්‍ෂණය ද සහිතව ජංගම දුරකථන ක්‍ෂෙත‍්‍රයට හඳුන්වා දෙන ප‍්‍රථම දුරකථනය වන අතර මෙය වැඩිදියුණු කළ AI  තාක්‍ෂණයෙන් ද සමන්විතය. තාක්‍ෂණය ද සහිතව ජංගම දුරකථන ක්‍ෂෙත‍්‍රයට හඳුන්වා දුන් ප‍්‍රථම දුරකථනය වන අතර මෙය වැඩිදියුණු කළ ආකර්ක්‍ෂණීය පුළුල් තිරයක් හා භාවිත කරන්නාගේ උපදෙස් අවබෝධ කරගත හැකි intelligent personal assistant සේවාවක් ද ඇතුළත් වේ.

    Vivo Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි, කෙවින් ජියෑන්ග් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ප‍්‍රකාශ කළේය, ”නවෝත්පාදනය අපේ සමාගමේ ප‍්‍රධාන ගුණාංගයන්ගෙන් එකක්. ලොව පළමු වරට හඳුන්වා දෙන Elevating Front Camera විශේෂාංගය සහ පුළුල් තිරය වගේම ඉහළම තත්ත්වයේ කැමරා සහ AI සේවාව වැනි ජංගම දුරකථන ක්‍ෂෙත‍්‍රය නව මානයකට ගෙනයන්නට සමත් අසමසම විශේෂාංග ගණනාවක් ද මීට ඇතුළත් කොට තිබෙනවා. කවදත් අපේ පාරිභෝගිකයන් වෙත උසස්ම දේ ලබා දෙන බවට වූ අපේ පොරොන්දුව සඳහා හොඳම නිදසුනක් ලෙස V15Pro හඳුන්වා දෙන්නට පුළුවන්.”

    පුළුල් තිරය සමගින් එන Elevating Front Camera විශේෂාංගය

    NEX මාදිලියේ තිබූ Elevating Front Camera විශේෂාංගය තවත් වැඩිදියුණුකොට V15Pro ජංගම දුරකථනය සඳහා මෙසේ ඇතුළත් කර තිබේ. V15Pro සමග එන 32MP අද්විතීය ඉදිරිපස කැමරාව නිසා ඉතා පැහැදිලි සෙල්ෆි ඡායාරූප ගැනීමේ හැකියාව ඔබට ලැබේ. හානිවලට ඔරොත්තු දීමේ වැඩි හැකියාවකින් යුතුව නිපදවා ඇති V15Pro සතු AMOLED UltraFullView™ තිරය සමස්ත බඳ කොටසින් 91.64%කි. මේ නිසා Games සහ වීඩියෝ සමග වඩාත් පුළුල් ආස්වාදයක් ලැබීමට ඔබට හැකිවනු ඇත.

     

    සැබෑ ඡායාරූපකරණ අත්දැකීමක් ගෙනදෙන AI Triple Camera විශේෂාංගය

    මිලියන 48ක වර්ග පික්සල් සංවේදකය[1] 8MP AI Super Wide-Angle Camera සහ 5MP Depth Camera යන විශේෂාංග ද ඇතුළත්ව AI Triple Camera විශේෂාංගය ද සහිත නිසා V15Pro මගින් ලබා ගන්නා ඡායාරූප අතිසුපැහැදිලි මෙන්ම වඩාත් පුළුල් බවකින් ද යුක්ත වේ. පසුපස කැමරාවේ ඇති  “four-in-one pixel” තාක්‍ෂණය නිසා පික්සල් 4ක් එක් තනි විශාල පික්සලයක් බවට පත්කරන අතර මෙමගින් රාත‍්‍රී කාලයේදී පවා 12MP ප‍්‍රමාණයේ වඩාත් පැහැදිලි බවකින් යුතු ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පවතියි. AI Super Wide-Angle කැමරාව මගින් අංශක 120ක[2] තරම් පුළුල් පරාසයක් ඡායාරූපයකට හසුකරගැනීමට ද ඔබට අවකාශ සලසා දෙනු ලැබේ.

    V15Pro සමග එන AI Face Beauty, AI Portrait Framing, සහ AI Super Night Mode යන සුවිශේෂී AI photography විශේෂාංගයන් නිසා වෙනස් වෙනස් ආකාරයේ exposures සහිත ඡායාරූප එකපෙළට ලබා ගැනීමේ පහසුකම ද ඔබට ලැබේ. රාත‍්‍රී කාලයේදී පවා වඩාත් පැහැදිලි ඡායාරූප ලබා ගැනීමට මේ නිසා හැකියාව ලැබෙනු ඇත.

    In-Display Fingerprint Scanning තාක්‍ෂණය

    මේ දිනවල ඉතා ජනප‍්‍රිය විශේෂාංගයක්ව පවතින In-Display Fingerprint Scanning තාක්‍ෂණයේ පස්වන පරම්පරාවට අයත් නවතම හඳුන්වාදීම V15Pro සමග අත්විඳීමේ හැකියාව දැන් ඔබට ලැබී ඇත. ඇගිලි සලකුණු හඳුනාගැනීම සඳහා ඉහළ පික්සල් ඝණත්වයක් ඇතිව නිර්මාණය කොට ඇති මෙය නවීනතම Algorithm තාක්‍ෂණයෙන් සමන්විත වන නිසා පරිශීලකයාට තම ජංගම දුරකථනය ඉතා ආරක්‍ෂාකාරී අයුරින් භාවිතයට ඉඩකඩ සැලසේ.

    සැබෑම ස්මාර්ට් අත්දැකීමක් ලබාදෙන AI තාක්‍ෂණය

    V15Pro දුරකථනයේ ඇති නවතම ස්මාර්ට් බොත්තම එක්වරක් Press කිරීමෙන් Google Assistant සහ Jovi Image Recognizer යන විශේෂාංග දෙකම එකවර ක‍්‍රියාත්කම කිරීමේ හැකියාව ලැබේ. එමෙන්ම, V15Pro හි ඇතුළත්, ඊටම අනන්‍ය වූ voice commands විශේෂාංගය, ඔබේ අවශ්‍යතාවලට පිළිතුරු දීම සඳහා Google සමාගමේ ද සහයෝගය ඇතිව විශේෂයෙන් නිර්මාණය කරනු ලැබූවකි.

    ජංගම දුරකථන ක‍්‍රීඩා සඳහා වැඩි උනන්දුවක් දක්වන අය වෙනුවෙන් මෙහි Game Mode එක 5.0 දක්වා ඉහළ නංවා ඇති අතර, ක‍්‍රීඩා සඳහාම විශේෂයෙන් සැකසූ Dual-Turbo තාක්‍ෂණය නිසා රූපවල චලන වේගය අඩාල වීම 300%කින් අවම කිරීමට ද හැකි වී ඇත.

    V15Pro ජංගම දුරකථනය Snapdragon 675AIEOcta-core ප්‍රොසෙසරයෙන් සහ 6GBRAM + 128 ROM එකකින් සමන්විත නිසා අතිසුමට කාර්යක්‍ෂම බවක් සහතික කරයි. එපමණක් ද නොව, V15Pro නවතම Dual-Engine Fast Charging තාක්‍ෂණයෙන් සමන්විත වන නිසා මිනිත්තු 15ක් තුළ 25%ක ක්‍ෂණික බැටරි ආරෝපණයක් ලබා ගැනීමේ හැකියාව ද පවතී.

    Topaz Blue  වර්ණයෙන් යුතු V15Pro ජංගම දුරකථන 2019 මාර්තු මස 14 දින සිට ලංකාවේ වෙළඳපොළට එක් කෙරෙනු ඇත.

    ඡායාරූපය: කෙවින් යෑන්ග්, ප්‍රධාන විධායක නිලධාරී, Vivo Sri Lanka සමාගම

     

    Vivo ගැන

    Vivo යනු ලෝකයේ ඇති නවීනතම සහ දියුණුතම මාදිලිවල ජංගම දුරකථන නිෂ්පාදන කරනු ලබන සමාගමක් වන අතර, ජංගම දුරකථන අන්තර්ජාල තාක්‍ෂණය සඳහා කීර්තිමත් නාමයක් දිනූ සමාගමකි. පර්යේෂණ මෙහෙයුම් සඳහා වෙන්වූ දැවැන්ත ජාලයකට හිමිකම් කියන Vivo සමාගම, ඇමරිකාව (සැන් ඩියාගෝ) සහ චීනය (ඩොන්ගුආන්, ෂෙන්සෙන්, නන්ජින්ග්, බීජිං සහ හැන්ග්ෂොඋ) යන රටවල පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන රැුසක් ද පවත්වාගෙන යනු ලබයි. මෙම මධ්‍යස්ථාන මගින් 5G, AI වැනි තාක්‍ෂණයන් පිළිබඳ මෙන්ම ජංගම ඡායාරූපකරණය හා ඊළග පරම්පරාවේ ස්මාර්ට් දුරකථන සැලසුම් පිළිබඳ නිරන්තර අවධානය යොමුකරනු ලැබේ.

    2017 වසර අවසානය වන විට ලොව පුරා Vivo සමාගමේ ජංගම දුරකථන නිෂ්පාදන හා සේවා භාවිත කරන තෘප්තිමත් පාරිභෝගිකයන් මිලියන දෙසියයකටත් අධික විය. ජාත්‍යන්තර වෙළඳපොළ 18ක සහ ලෝකයේ ප‍්‍රධාන නගර 1000කට අධික සංඛ්‍යාවක පිහිටා ඇති වෙළෙඳසැල් ජාලයකින් ද Vivo සමන්විත වේ.

     

    [1] V15Pro ප‍්‍රධාන කැමරාව, එකක් 0.8μm විශාලත්වයකින් යුතු භෞතික පික්සල් මිලියන 48කින් සමන්විත වූවකි. ඡායාරූප සංවේදීතාව සහ පින්තූරයේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීම සඳහා වෘත්තීමය  “four-in-one pixel” තාක්‍ෂණය ද V15Pro සඳහා යොදාගෙන ඇත. මෙමගින් පික්සල් 4ක් 1.6μm ප‍්‍රමාණයේ තනි පික්සලයක් බවට පත් කෙරෙන අතර උසස්ම තත්ත්වයෙන් යුතු 12MP ඡායාරූප ලබා ගැනීමේ හැකියාව මේ හරහා උදා වේ.

    [2] AI Super Wide- කැමරාව මගින් අංශක 108ක දෙන ලද පරාසයක් ඡායාරූපගත කළ හැකිය.