Wessex ආදිපාදවරයා සහ ආදිපාදවරිය Third Space Global හි සංචාරයක

    February, 6, 2018

    එක්සත් රාජධානිය සහ ශ‍්‍රී ලංකාව අතර හවුල්කාරීත්වයක් ලෙස පවත්වාගෙන යන Third Space Global සමාගම නැරඹීමට Wessex  හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය පසුගියදා පැමිණියහ. බි‍්‍රතාන්‍ය හිමිකාරීත්වය යටතේ පවතින සමාගමක් වන Third Space Global සමාගම තරුණ ශ‍්‍රී ලාංකිකයන් සේවයේ යොදවා ඇති අතර එක්සත් රාජධානියේ ප‍්‍රාථමික අංශයේ දරුවන් 6,000 කට අධික සංඛ්‍යාවකට අන්තර්ජාලය ඔස්සේ පෞද්ගලික මට්ටමින් අධ්‍යාපනය ලබාදෙයි. එමෙන්ම එම සමාගම නොමිලේ පවත්වාගෙන යන විද්‍යුත් ඉගෙනුම් මධ්‍යස්ථාන ඔස්සේ ශ‍්‍රී ලාංකික දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදීම සහ ගුරුවරුන් වෙනුවෙන් වැඩමුළු පැවැත්වීමද සිදුකරයි.

    ආදිපාදවරයාගේ සංචාරය අවස්ථාවේදී Third Space Global සමාගමේ නව මෙහෙවර ප‍්‍රකාශය එළිදක්වන ලද අතර එම ප‍්‍රකාශය සඳහන් ඵලකයක්ද විවෘත කරන ලදි. මෙම නව මෙහෙවර ප‍්‍රකාශය වන්නේ ‘සාර්ථක අන්තර්ජාලගත ඉගැන්වීම් සේවා පෙරටත් වඩා පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ලබා දී, දක්ෂතා වලින් පිරිපුන් ජාත්‍යන්තර ප‍්‍රජාවක් බිහිකර, සමාජයීය වෙනසක් ඇතිකිරීමට අපි උත්සාහ කරන්නෙමු’ යන්න ය. ඉන්පසු රාජකීය අමුත්තන්ට කෙටි වෙලාවක් සඳහා  මෙම ගෝලීය මෙහෙවරෙහි කොටසක් බවට පත්වීමේ අවස්ථාව ලැබුණු අතර ඔවුහු Third Space Global හි Virtual Classroom ක‍්‍රමයට ප‍්‍රාථමික අංශයේ සිසුන් සඳහා පවත්වනු ලබන ගණිත පන්තියකට එක්වූහ.

    Third Space Global සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී රොෂාන් නිලවීර මහතා, එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම සහ Orion City හි ප‍්‍රධාන විධායක නිලධාරී ජීවන් ඥානම් මහතා ඇතුළු පිරිසක් විසින් රාජකීය යුවළ පිළිගන්නා ලදි. එහිදී ඔවුන්ට Orion City තුළ මෑතකදී විවෘත කරන ලද Third Space Global කාර්යාලය මෙන්ම එහි 200 කට අධික කාර්ය මණ්ඩලය අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකරන ආකාරය දැකබලා ගැනීමේ අවස්ථාව ලැබිණි.

    මෙහිදී ආදිපාදවරයා සහ ආදිපාදවරිය අධ්‍යාපනයේ වටිනාකම් සහ නවීන තාක්ෂණික ලෝකය තුළ අධ්‍යාපනයට පවත්නා අවස්ථා සහ අභියෝග සම්බන්ධයෙන් Third Space Global සමාගමේ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡුා කළහ.

    ‘‘රටකට සිදුකළ හැකි වටිනාම ආයෝජනය වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරනු ලබන ආයෝජනය බව මා විශ්වාස කරනවා. මෙය ශ‍්‍රී ලංකාවට මෙන්ම එක්සත් රාජධානියටත් එක සේ අදාළයි. මෙම වැඩසටහන යටතේ එක්සත් රාජධානියේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන අතරම ශ‍්‍රී ලාංකිකයන්ට පුහුණුව හා රැුකියා අවස්ථාවන් ලබාදීමට හැකිවීම අපට විශාල සතුටක්. එමෙන්ම වෙසික්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය අප සමාගම දැකබලාගැනීමට පැමිණීම සහ ඔවුන් සමග අධ්‍යාපනය ගැන සාකච්ඡුා කිරීමට ලැබීම අප සලකන්නේ ගෞරවයක් ලෙසයි.” රොෂාන් නිලවීර මහතා පැවසී ය.

    ඉදිරියේදී Third Space Global සමාගමේ මෙහෙයුම් කටයුතු සහ ප‍්‍රජා වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට එහි කළමනාකාරීත්වය කටයුතු යොදා ඇත.