September, 26, 2026
Yamamoto Motor Corporation සමාගම, 2026 සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේදී සිය ‘From the Road to the Racetrack’ ප්‍රවර්ධන තේමාව ධාවනපථයට ගෙන ඒමට සූදානමින් සිටී. ඒ, එහිදී අංක 99 න් MX 250cc විවෘත සහ MX 125cc කාණ්ඩ යටතේ ජැක්ස් නේතන් ගුණවර්ධන එම සම්මානය නියෝජනය කරමින් එහිදී තරග වැදීමට නියමිත බැවිනි.
ගුණවර්ධනගේ සහභාගිත්වය යනු, Yamamoto සමාගම මෝටර්රථ ක්‍රීඩාව සහ සය දෙනෙකුගෙන් යුතු ධාවන කණ්ඩායම වෙනුවෙන් දක්වන පුළුල් කැපවීමේ එක් පියවරකි. එම සමාගම මෝටර්රථ ධාවන ක්‍රීඩාව වෙනුවෙන් දක්වන සහයෝගය, එම ධාවන කණ්ඩායම මගින් නිරූපණය කෙරෙන අතර, ගුණවර්ධන විසින් ඉහත කාණ්ඩ දෙක යටතේ ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේදී Yamamoto නාමය ධාවනපථයට රැගෙන යාමට නියමිතය.
වාර පහක් ජාතික ශූරයා බවට පත් වූ ගුණවර්ධන, සමස්ත ධාවන තරග 168 කට සහභාගී වෙමින් ජයග්‍රහණ 73 ක් සහ වේදිකා ජයග්‍රහණ 143 කට හිමිකම් කියයි. 2012, 2013 සහ 2014 වසරවලදී වයස අවුරුදු 16 න් පහළ ජාතික ශූරතා, 2015 සහ 2019 වසරවලදී ජාතික MX ශූරතා සහ 2019 වසරේදී ඩුබායි මෝටර්ක්‍රොස් ශූරතාවලියේ සමස්ත තුන්වැනි ස්ථානය ගුණවර්ධනගේ ජයග්‍රහණ අතර කැපී පෙනේ. 2013 වසරේදී FIM ආසියානු මෝටර්ක්‍රොස් ශූරතාවලියේදී දෙවැනි ස්ථානය හිමිකර ගත් ඔහු, එම තරගාවලියේදී වේදිකා ජයග්‍රහණයක් හිමිකර ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට ද පත් වූයේය. තවද ඔහු, KTM Australia සමාගමේ සහයෝගයෙන් යුතුව ඕස්ට්‍රේලියාවේ කනිෂ්ඨ MX ශූරතාවලියේදී ද තරග වැදුණේය.
2024 දී ජාතික සහ SLARDAR ශූරයා බවට පත් වූ ඔහු, ඉන්දියානු සුපර්ක්‍රොස් ශූරතාවලියේදී සමස්ත පස්වැනි ස්ථානය හිමිකර ගත්තේය. ඉන්දියානු සුපර්ක්‍රොස් ධාවන ලීගයේදී ඔහු Gujarat Trailblazers කණ්ඩායම නියෝජනය කළේය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද තරග අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියමින් ඔහු මින්නේරිය ධාවනපථයට පිවිසීමට නියමිතය.
"ජැක්ස් ගුණවර්ධන අපගේ නාමය ගනර් සුපර්ක්‍රොස් ධාවනපථයට රැගෙන යාම, Yamamoto අපගේ ගමන්මගේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් වනවා. අපට මෝටර්රථ ධාවන ක්‍රීඩාව යනු වේගයට සහ දක්ෂතාවට පමණක් සීමා වූවක් නොවේ. එය, අප සමාගම පෙරට ගෙන යන උනන්දුව, නොසැලෙන ගුණය සහ අභිලාශය නිරූපණය කරනවා. අපගේ යතුරුපැදි මාදිලි පෙළ පුළුල් කිරීමටත්, ප්රදර්ශනාගාර ජාලය සහ සේවා මධ්‍යස්ථාන ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ඒ හරහා දිවයින පුරා සිටින ධාවකයින් සමග දිගුකාලීන සබඳතාවක් ගොඩනගා ගැනීමටත් අප කටයුතු කරන්නේ එම පදනම මතයි. මෙම ශූරතාවලියේදී ජැක්ස් හට සහයෝගය ලබා දීම පිළිබඳ අප බෙහෙවින් සතුටුවන අතර, ශ්‍රී ලාංකේය යතුරුපැදි ප්‍රජාව සමග අඛණ්ඩව මෙම ධාවනය සිදු කිරීමට අප බලාපොරොත්තු වනවා," යනුවෙන් Yamamoto Motor Corporation සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් චන්ද්‍රකුමාර් මහතා සඳහන් කළේය.
Yamamoto සමාගමට ධාවන තරග දිනය, ශ්‍රී ලංකාවේ සිය යතුරුපැදි චාරිකාව සමග මෝටර්රථ ක්‍රීඩාවේ තරගකාරී ජීවගුණය සමග ඒකාබද්ධ කෙරෙන අවස්ථාවකි. VOGE, LIFAN සහ ZONSEN සන්නාම හරහා එම සමාගම එදිනෙදා කටයුතු සඳහා මෙන්ම චාරිකා, ත්‍රාසජනක චාරිකා සහ කාර්යසාධනය මත පදනම් වූ ධාවන සඳහා මාදිලි රැසක් පිරිනමයි. ප්රදර්ශනාගාර නවයක් සහ නාවල පිහිටි අමතර කොටස් හා සේවා මධ්‍යස්ථානය තුළින්, යතුරුපැදියක් මිලදී ගැනීමේ සිට පාරිභෝගිකයාට අවශ්‍ය සහයෝගය නොඅඩුව පිරිනැමේ.
Yamamoto සමාගම, යතුරුපැදි මාදිලි පෙළ වැඩිදියුණු කිරීම, ප්රදර්ශනාගාර ජාලය පුළුල් කිරීම සහ අලෙවියෙන් පසු සේවාව ශක්තිමත් කිරීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරයි. මෝටර්රථ ධාවන ක්‍රීඩා සඳහා එම සමාගම දක්වන සහයෝගය, දිවයින පුරා ධාවකයින් සහ යතුරුපැදි ලෝලීන් සමග තිරසර සබඳතාවක් ගොඩනගා ගැනීමට දරන උත්සාහයේ එක් අංශයකි.
මින්නේරිය ගනර් සුපර්ක්‍රොස් ශූරතාවලියේදී, අංක 99 න් MX 250cc විවෘත සහ MX 125cc කාණ්ඩ යටතේ තරග වැදීමට නියමිත ගුණවර්ධන වෙත සියලු දෙනාගේ අවධානය හිමි වී ඇත.

Video Story