January, 19, 2022
ශ්‍රී ලංකාවෙහි විශිෂ්ටතම තාක්‍ෂණික උපදේශන සහ ඉංජිනේරු විසඳුම් සපයන ප්‍රමුඛ සැපයුම්කරුවෙකු වන Zone24x7, මෘදුකාංග සහ දෘඪාංග ක්ෂේත්‍රයේ ඉහළම පෙළේ තාක්ෂණික විසඳුම් පිරිනමමින් සාර්ථක 18 වැනි වසර සමරයි.
සමාගමේ ආරම්භය
2004 වසරේදී, ශ්‍රී ලංකාවේ උසස් නිපුණතා සහිත ඉංජිනේරු විශේෂඥවරුන් සහ තාක්‍ෂණික සේවාවන් පිරිනමන උසස් තාක්‍ෂණික මධ්‍යස්ථානයක් වශයෙන් Zone24x7 (පුද්ගලික) සමාගම, නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ලාවන් ප්‍රනාන්දු හා ප්‍රධාන මුල්‍ය නිලධාරී සෝ-චින් ප්‍රනාන්දු යන අයගේ පුරෝගාමීත්වයෙන් යුතුව කොළඹදී ආරම්භ කරන ලදී. සෑම ශ්‍රී ලාංකිකයකුගේම තාක්ෂණික අත්දැකීම් වැඩිදියුණු කිරීමේ දැක්මෙන් යුත් Zone24x7, සියල්ලන් සඳහාම වඩාත් සුබවාදී තාක්ෂණික අනාගතයක් තිලිණ කරමින්, දිරිගැන්වීම් සහ නව්‍යකරණයන් අඛණ්ඩව සිදු කරයි.
ගෝලීය වශයෙන් පුළුල් පරාසයක විහිදුණු විශේෂඥ දැනුමෙන් යුත්, ක්ෂේත්‍රයේ 200 කට අධික විශේෂඥවරුන්ගෙන් සමන්විත Zone24x7, සමාගම මෘදුකාංග යෙදවුම්, Big Data සහ Data Science Engineering, Embedded Systems Engineering, Remote Monitoring සහ IoT, Machine Learning, Cognitive Vision, Robotics හා Technology Proof of Concept Development ඇතුළු විෂයයන් සම්බන්ධයෙන් තාක්ෂණික උපදේශන සහ ඉංජිනේරු සේවාවන් රැසක් පිරිනැමීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ක්ෂේත්‍රය වෙත ඉටු කරයි.
සංවත්සර සැමරුම හා අනාගත අපේක්ෂාවන්
Zone24x7 ආයතනයෙහි 18 වන සංවත්සරය 2022 ජනවාරි 19 වන දිනට යෙදී තිබේ. ඒ නිමිත්තෙන්, ඉකුත් කාලය පුරාම සහ ඉදිරියටත් Zone24x7 සමගින් නන් අයුරින් සම්බන්ධ වී සිටීම අගයමින්, එහි පාර්ශවකරුවන් ඒකරාශී කරගනිමින් අන්තර්ජාලය මගින් සැමරුම් උත්සවයක්ද පැවැත්වේ. එමෙන්ම, සමාගමෙහි සංවත්සර සැමරුම හා අඛණ්ඩ නව්‍යකරණයන් පිළිබඳව සලකා, ආයතන වෙත එමගින් පිරි නැමෙන නවතම විසඳුම් හා ආයතනයන්හි මූලික ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා සහාය වන අති නවීන තාක්ෂණය අවධාරණය කරමින්, නවතම පෙනුමක් මෙන්ම අදහසක් ඉදිරිපත් කෙරෙන පරිදි මුළුමනින්ම අලුත් කළ එහි වෙබ් අඩවිය දොරට වැඩීම ද සිදු කෙරේ.
ආයතනවලට උසස් තාක්‍ෂණික විසඳුම් සඳහා යාවත්කාලීන අවබෝධයක් ලබා දෙමින්, Zone24x7 වසර ගණනක් තිස්සේම පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් කැප වූ ආයතන සඳහා ප්‍රවේසම් සහගත පරිවර්තනීය තාක්‍ෂණික විසඳුම් පිරිනැමීම මගින් අඛණ්ඩව එම ආයතන පෝෂණය කරමින් සිටියි.
Video Story