ZTE ස්මාර්ට් දුරකථන – ඉහළම වටිනාකමක් සමග විශිෂ්ට ක්‍රියාකාරීත්වයක්

    April, 6, 2022

    ලොව ප්‍රමුඛතම දුරකථන සන්නිවේදන සමාගමක් වන ZTE සමාගම හඳුන්වා දී ඇති ZTE ස්මාර්ට් දුරකථන මිලදී ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ටද උදාවී තිබේ. ZTE ස්මාර්ට් දුරකථන එකතුව, ඉහළම වටිනාකමක් සමග විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් එක්තැන් කරන සුවිශේෂී ස්මාර්ට් දුරකථන පෙළක් ලෙස හැඳින්විය හැක. මෙම දුරකථන මෙරට සිංගර් ප්‍රදර්ශනාගාර සහ දිවයින පුරා අලෙවි නියෝජිතයින් විසින් බෙදාහැරීම සිදුකරනු ලබයි. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට අනුකූලව තෝරාගත හැකි මාදිලි රැසකින් ZTE ස්මාර්ට්ෆෝන් මාදිලි පෙළ සමන්විත වී ඇත.

    අනෙකුත් ජනප්‍රිය සන්නාම යටතේ වෙළඳපොළට පැමිණෙන, මෙම මිල පරාසයේ ස්මාර්ට් දුරකථන වලට ඇතුළත් අංග සියල්ලම පාහේ ZTE ස්මාර්ට් දුරකථන වලට ඇතුළත් වී තිබේ. එම අනෙකුත් ස්මාර්ට් දුරකථන වලට සාපේක්ෂව වඩාත් සහනදායී මිලකට ZTE ස්මාර්ට් දුරකථන මිලදී ගත හැකි වීම විශේෂත්වයකි.

    ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා පාරිභෝගිකයන්ට තරගකාරී මිලගණන් යටතේ, ඉහළ ක්‍රියාකාරීත්වයක් සහ උපරිම වටිනාකමක් ලබාදෙන ස්මාර්ට් දුරකථන සැපයීම ZTE සමාගමේ අරමුණ වී තිබේ. එම නිසා අලංකාරයත් ඉහළ ක්‍රියාකාරීත්වයක් එක්තැන් කරන සුවිශේෂී ස්මාර්ට් දුරකථන එකතුවක් වෙළඳපොළට හඳුන්වා දීමට එම සමාගම පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට දැන් www.singersl.com වෙබ් අඩවිය ඔස්සේ හෝ සිංගර් ප්‍රදර්ශනාගාර සහ දිවයින පුරා අලෙවි නියෝජිතයන්ගෙන් ZTE ස්මාර්ට් දුරකථන මිලදීගත හැකි වේ.

    මෙම මාදිලි එකතුවට අයත් ‘Upper-midrange’ මට්ටමේ දුරකථනයක් වන ZTE V30 මාදිලිය Octa-core ප්‍රොසෙසරයක්, 128GB මතක ධාරිතාවක්, 4GB RAM සහ අඟල් 6.7 1080p FHD+ IPS දර්ශන තිරයක් සමග, 64MP ප්‍රධාන කැමරාවක් සහ 8MP සෙල්ෆි කැමරාවක් සහිත කැමරා 5 ක පද්ධතියකින් සමන්විත දුරකථනයකි. 2.0GHz octa-core chipset හි කොටසක් වශයෙන් ඊට Mali G52 MP2 GPU ඇතුළත් වන නිසා, mobile gaming වල යෙදීමට පවා අවස්ථාව සලසා දෙන සුවිශේෂී ස්මාර්ට් දුරකථන මාදිලියක් ලෙස මෙය හැඳින්විය හැක. මෙම මිල පරාසය තුළ මෙලෙස mobile gaming වල යෙදිය හැකි දුරකථනයක් මිලදී ගැනීමට අවස්ථාව ලැබීම mobile gaming පිළිබඳව උනන්දුවක් දක්වනන් පාරිභෝගිකයන්ට වැදගත් ආරංචියක් වනු නො-අනුමාන ය.

    Midrange මට්ටමේ දුරකථන මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට ZTE A71 සහ A51 මාදිලි ඉතාමත් සුදුසු වේ. 32GB සහ 64GB ධාරිතාවන්ගෙන් යුත් එම මාදිලි වලට අඟල් 6.5, 720p IPS දර්ශන තිර යොදා ඇත. මෙහි අනෙක් මාදිලිය වන A71, 3GB RAM, 16MP ප්‍රධාන කැමරාවක් සහිත කැමරා තුනකින් සමන්විත පසුපස කැමරා පද්ධතියක් සහ 8MP සෙල්ෆි කැමරාවක් සහිත මාදිලියකි. A51 මාදිලියට 2GB RAM සමග 13MP ප්‍රධාන කැමරාවක් සහ 5MP සෙල්ෆි කැමරාවක් යොදා තිබේ.

    මූලික මිල මට්ටමේ ස්මාර්ට් දුරකථන මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට ZTE A5 2020, A31 සහ A31 Lite යන මාදිලි අතරින් තමන්ට කැමති මාදිලියක් තෝරාගත හැක. මෙම මාදිලි තුනම 32GB මතක ධාරිතාවකින් යුක්ත වේ. A5 2020 සහ A31 මාදිලි වල 2GB RAM සමග 720p දර්ශන තිරද, A5 2020 මාදිලියට අඟල් 6 දර්ශන තිරයක්ද, A31 මාදිලියට අඟල් 5.45 දර්ශන තිරයක්ද ඇතුළත් වේ. A31 Lite මාදිලිය වෙළඳපොළට පැමිණෙන්නේ 1GB RAM සමග 480p දර්ශන තිරයක් සමගිනි. A5 2020 මාදිලියට 13MP ප්‍රධාන කැමරාවක් සහ 8MP සෙල්ෆි කැමරාවක් ඇතුළුව කැමරා තුනක් ඇතුළත් වන අතර, A31 මාදිලියට 8MP ප්‍රධාන කැමරාවක් සහ 5MP සෙල්ෆි කැමරාවක් ඇතුළත් වී තිබේ. A31 Lite මාදිලියටද 8MP ප්‍රධාන කැමරාවක් සහ 5MP සෙල්ෆි කැමරාවක් ඇතුළත් වී ඇත.

    ඉතාමත් ආකර්ෂණීය පෙනුමකින් සහ වර්ණ රටා රැසකින් යුතුව ZTE ස්මාර්ට් දුරකථන වෙළඳපොළට හඳුන්වා දී තිබේ. එමෙන්ම මෙම මිල පරාසයේ අනෙකුත් ස්මාර්ට් දුරකථන වලට ඇතුළත් වී ඇති අංගයන් වන, ආරෝපණය දිගු කාලයක් පවතින විශාල බැටරි, සිම් පත් දෙකක් භාවිතා කිරීමේ හැකියාව (ඩුවල් සිම්), Bluetooth 4.2, GPS, FM Radio, මතක ධාරිතාව වැඩිකිරීම සඳහා MicroSD Card slot, Micro-USB හෝ USB Type-C ඔස්සේ USB OTG (මාදිලිය අනුව), 3.5mm audio interface, සහ අනෙකුත් සෙන්සර් වර්ග යනාදියද මෙම මාදිලි වලට ඇතුළත් වී ඇත. ළඟදීම ඉහළ මිල පරාසයේ ස්මාර්ට් දුරකථන පෙළක්ද වෙළඳපොළට හඳුන්වා දීමට ZTE මේ වනවිට සැලසුම් කර තිබේ. මෙම සාධක සියල්ල අනුව බලන විට, වර්තමානයේ මෙරට වෙළඳපොළේ ගෙවන මිලට උපරිම වටිනාකමක් ලබාදෙන ස්මාර්ට් දුරකථන සොයන පාරිභෝගිකයන්ට ඇති හොඳම විසඳුමක් වන්නේ සිංගර් ප්‍රදර්ශනාගාර සහ දිවයින පුරා අලෙවි නියෝජිතයන් වෙතින් ZTE ස්මාර්ට් දුරකථන මිලදී ගැනීම ය.

    ZTE යනු ලොව දුරකථන සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රමුඛයෙකි. 1985 දී ආරම්භ වූ එම සමාගම Hong Kong සහ Shenzhen කොටස් වෙළඳපළවල ලැයිස්තුගත වී තිබේ. ZTE සමාගම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කර තවමත් දීර්ඝ කාලයක් ගත වී නොතිබුණද, වසර 20 කට අධික කාලයක් තිස්සේ එම සමාගම මෙරට දුරකථන සමාගම් සඳහා උපකරණ හා උපාංග සපයා තිබේ. මේ වනවිට රටවල් 160 කට අධික සංඛ්‍යාවක පාරිභෝගිකයන්, සමාගම් හා ආයතන සමග ගනුදෙනු කරන ZTE සමාගමේ දැක්ම වන්නේ, සියලුම දෙනා වෙනුවෙන් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම ය.