March, 11, 2019
කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ඉන්දියානු රජයේ සහාය සහිතව සලසා ගැනීම පිණිස වන ගිවිසුමකට අත්සන් තබා ඇති අතර එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ඉඩම් පවරා ගත යුතුව තිබේ.
ඒ අනුව, ඒ සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර 15කින් පමණ සමන්විත ඉඩම් පවරා ගැනීම යෝග්‍ය බව හඳුනාගනු ලැබ ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත එකී අක්කර 15ක භූමිය ප්‍රමාණය පවරා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story