
පළාත් සභා ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුම් හා වේතන සඳහා වූ වියදම, 2025 වසරේ පළමු මාස හය තුළ වාර්තා වූ රු. බිලියන 555.1 හා සැසඳීමේ දී, 2026 වසරේ පළමු මාස හය තුළ රු. බිලියන 621.7ක් දක්වා සියයට 12.0කින් ඉහළ ගොස් ඇත. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 අනුව රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි කිරීම මෙම වියදම් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
කෙසේ වුවද, විශ්‍රාම වැටුප් සඳහා වූ වියදම 2025 වසරේ පළමු මාස හය තුළ වාර්තා වූ රු. බිලියන 208.4 හා සැසඳීමේ දී, 2026 වසරේ පළමු මාස හය තුළ රු. බිලියන 240.2 දක්වා සියයට 15.3කින් ඉහළ ගොස් ඇත.
2020.01.01 දිනට පෙර විශ්‍රාම ගිය පුද්ගලයන්ට අදාළ විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය මෙයට හේතු වී ඇත.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2026 වර්ෂය මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.















