header logo
Corporate News
CDB World Mastercard ලෝහමය ක්‍රෙඩිට් කාඩ්පත සමඟ සිය Private Wealth සේවාව හඳුන්වා දෙයි
CDB World Mastercard ලෝහමය ක්‍රෙඩිට් කාඩ්පත සමඟ සිය Private Wealth සේවාව හඳුන්වා දෙයි

Citizens Development Business Finance PLC (CDB), 2026 සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින කොළඹ රෝයල් ගොල්ෆ් සමාජයේදී (RCGC) පැවති CDB September Monthly Medal 2026 තරගාවලියට සමගාමීව, සිය CDB Private Wealth සේවාව නිල වශයෙන් හඳුන්වා දුන්නේය. ඉහළ ආදායම්ලාභී සහ ඉහළ ශුද්ධ වත්කම් හිමි ගනුදෙනුකරුවන් වෙනුවෙන් උසස් මූල්‍ය හා ජීවන රටා අත්දැකීමක් ලබාදීමේ CDB ගමන්මඟෙහි වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම හඳුන්වාදීම සනිටුහන් කළේය.

මෙහි ආකර්ෂණීයම විශේෂත්වය වුණේ CDB Private Wealth ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද සුවිශේෂී CDB Private Wealth World Mastercard White Metal ක්‍රෙඩිට් කාඩ්පතයි. ලොව පුරා භාවිත කිරීමේ හැකියාව සමඟ මනාව තෝරාගත් සංචාරක සහ ජීවන රටා වරප්‍රසාද රැසක් එක්කරන මෙම කාඩ්පත, නව සේවාවේ උසස් හා සුවිශේෂී ස්වභාවය පිළිබිඹු කරයි.

මෙම අවස්ථාවේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පළමු කාඩ්පත CDB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා විසින් RCGC නායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා වෙත පිරිනමන ලදී. මෙම පිරිනැමීම නව සේවාවේ නිල හඳුන්වාදීම සනිටුහන් කළ අතර, විශිෂ්ටත්වය, ඇගයීම සහ පුද්ගල අවශ්‍යතාවලට ගැළපෙන සේවාව වෙනුවෙන් එහි ඇති කැපවීමද අවධාරණය කළේය.

CDB Private Wealth සේවාව ගොඩනඟා ඇත්තේ ඉහළ ආදායම්ලාභී සහ ඉහළ ශුද්ධ වත්කම් හිමි ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික අභිලාෂ, ප්‍රමුඛතා සහ ජීවන රටා කේන්ද්‍ර කරගනිමිනි. “The Art of Wealthcare” නොහොත් “සම්පත් සුරැකීමේ සහ කළමනාකරණයේ කලාව” යන දර්ශනයෙන් මඟපෙන්වනු ලබන මෙම සේවාව, පුද්ගල අවශ්‍යතාවලට ගැළපෙන මූල්‍ය විසඳුම්, කැපවූ සබඳතා කළමනාකරණය, ප්‍රමුඛතා සේවාව සහ සුවිශේෂී ජීවන රටා අත්දැකීම් එකට එක්කරයි.

අදාළ නියමයන්ට සහ කොන්දේසිවලට යටත්ව, සුදුසුකම් ලබන CDB Private Wealth ගනුදෙනුකරුවන්ට World Mastercard White Metal ක්‍රෙඩිට් කාඩ්පත ලබාගැනීමේ අවස්ථාව, තෝරාගත් ප්‍රවර්ධන සහ දීමනා, කොන්සියර්ජ් හෙවත් පුද්ගලික අවශ්‍යතා සම්බන්ධීකරණ සේවා, කැපවූ පාරිභෝගික සහාය සහ ලොව පුරා ගුවන්තොටුපොළ විවේකාගාර වෙත අසීමිත ප්‍රවේශය ඇතුළු සුවිශේෂී වරප්‍රසාද රැසක් භුක්ති විඳිය හැකිය.

සිය ධන සම්පත් කළමනාකරණ ගමනට සහාය ලබාදෙමින් එය තවදුරටත් සවිමත් කිරීම සඳහා නිර්මාණය කළ මෙම සේවාව තුළින්, මූල්‍ය විශේෂඥතාව සහ උසස් ජීවන රටා ප්‍රතිලාභ ඒකාබද්ධ කරමින්, ඉහළ අපේක්ෂා සහිත ගනුදෙනුකරුවන් වෙනුවෙන් සුවිශේෂී වටිනාකමක් නිර්මාණය කිරීමට CDB දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරයි.

මෙම අවස්ථාවේදී CDB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා මෙසේ පැවසීය.

“CDB Private Wealth හඳුන්වාදීම, අපගේ ඉහළ ආදායම්ලාභී සහ ඉහළ ශුද්ධ වත්කම් හිමි ගනුදෙනුකරුවන්ට අප සේවය සලසන ආකාරයේ වැදගත් ඉදිරි පියවරක්. ධනය යනු පුද්ගල ජීවිතයට ඉතා සමීප දෙයක් බවත්, සෑම ගනුදෙනුකරුවෙකුටම අනන්‍ය වූ අභිලාෂ, ප්‍රමුඛතා සහ ජීවන රටා ඇති බවත්, ‘The Art of Wealthcare’ යන අපගේ දර්ශනය දර්ශනය තුළින් හඳුනාගන්නවා. පළමු CDB Private Wealth World Mastercard Metal ක්‍රෙඩිට් කාඩ්පත මහේල ජයවර්ධන මහතා වෙත පිරිනැමීම අපට අභිමානවත් සන්ධිස්ථානයක් මෙන්ම, අප ලබාදීමට අපේක්ෂා කරන උසස්, පුද්ගල අවශ්‍යතාවලට ගැළපෙන අත්දැකීම ප්‍රබල ලෙස ප්‍රකාශ කරන අවස්ථාවක්ද වුණා. කැපවූ සබඳතා කළමනාකරණය, අවශ්‍යතාවලට ගැළපෙන මූල්‍ය විසඳුම් සහ සුවිශේෂී වරප්‍රසාද තුළින්, අපගේ ගනුදෙනුකරුවන් සමඟ අර්ථවත් සහ දිගුකාලීන සබඳතා ගොඩනැඟීමට අප කැපවී සිටිනවා.”

මෙම අවස්ථාවේදී Mastercardහී ශ්‍රී ලංකා දේශීය කළමනාකාරිනී මහේෂා අමරසූරිය මහත්මිය මෙසේ පැවසුවාය. 

“බැංකු නොවන මූල්‍ය ආයතනයක් විසින් ශ්‍රී ලංකාවේ නිකුත් කරනු ලබන ප්‍රථම World Mastercard Metal ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වාදීම සඳහා CDB සමඟ එක්වීමට ලැබීම පිළිබඳව Mastercard සතුටු වෙනවා. ඉහළ ආදායම්ලාභී සහ ඉහළ ශුද්ධ වත්කම් හිමි පාරිභෝගිකයන් වෙනුවෙන් නිර්මාණය කළ මෙම සුවිශේෂී පිරිනැමීම, උසස් ලෝහ කාඩ්පතක අලංකාරය සමඟ Mastercard හි ලොව පුරා පිළිගැනීම, විශ්වාසනීය ආරක්ෂාව සහ මනාව තෝරාගත් සංචාරක, ජීවන රටා හා ත්‍යාග ප්‍රතිලාභ ඒකාබද්ධ කරනවා. ගාස්තු රහිත ගුවන්තොටුපොළ විවේකාගාර ප්‍රවේශය, දේශීය හා ජාත්‍යන්තර වියදම් සඳහා වැඩිදියුණු කළ ත්‍යාග ප්‍රතිලාභ සහ Mastercard Travel & Lifestyle Services වෙත ප්‍රවේශය වැනි වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට භුක්ති විඳිය හැකියි. CDB Private Wealth හරහා ලබාදෙන පුද්ගල අවශ්‍යතාවලට ගැළපෙන අත්දැකීමද සමඟින්, මෙම සේවාව සුවිශේෂී වටිනාකමක් සහ පහසුවක් ලබාදෙමින්, මෙරට උසස් මූල්‍ය හා ගෙවීම් විසඳුම් සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කරනවා.”

මෙම හඳුන්වාදීම සිදුකෙරුණේ ගොල්ෆ් ක්‍රීඩා සහ ව්‍යාපාරික ප්‍රජාව එකට රැස් කළ CDB September Monthly Medal 2026 තරගාවලියේ කොටසක් ලෙසය. තරගකාරී ගොල්ෆ් ක්‍රීඩාව, ආගන්තුක සත්කාරය සහ සබඳතා ගොඩනැඟීම සඳහා වෙන්වූ මෙම දෙදින තරගාවලියට තරග ප්‍රවේශ 300කට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ අතර, RCGC ගොල්ෆ් පිටියේදී ක්‍රීඩකයෝ කාණ්ඩ කිහිපයක් යටතේ තරග වැදුණහ. විශිෂ්ට Nett ලකුණු 62ක් වාර්තා කළ ශිරෝමාල් ප්‍රනාන්දු සමස්ත Nett ජයග්‍රාහකයා බවට පත්විය.

තෙවැනි වසරට පිවිස ඇති CDB සහ RCGC හවුල්කාරිත්වය, ක්‍රීඩා අනුග්‍රාහකත්වයෙන් ඔබ්බට විහිදෙමින්, CDB Private Wealth නියෝජනය කරන විශිෂ්ටත්වය, ජයග්‍රහණ සහ දිගුකාලීන සබඳතා යන වටිනාකම් බෙදාහදා ගන්නා ප්‍රජාවක් සමඟ සබඳතා ගොඩනැඟීමේ අර්ථවත් වේදිකාවක් බවට පත්ව ඇත.

CDB Private Wealth සඳහා, මූල්‍ය සම්පත් කළමනාකරණය ආරම්භ වන්නේ එක් එක් ගනුදෙනුකරුට වඩාත් වැදගත් දේ අවබෝධ කරගැනීමෙනි. එම අවබෝධය පදනම් කරගනිමින්, ඔවුන්ගේ සමස්ත ධන සම්පත් කළමනාකරණ ගමන පුරා අදාළ මූල්‍ය විශේෂඥතාව, පුද්ගල අවධානය, ප්‍රමුඛතා ප්‍රවේශය සහ ජීවන රටා වරප්‍රසාද ලබාදීම එහි අරමුණයි.

ජයග්‍රහණ, සුවිශේෂීත්වය සහ විශිෂ්ට අත්දැකීම් අගය කරන පිරිසක් එක්රැස් කළ කොළඹ රෝයල් ගොල්ෆ් සමාජය, මෙම හඳුන්වාදීම සඳහා මනාව ගැළපෙන පසුබිමක් සැපයීය. සාර්ථක තරගාවලියක නිමාව සනිටුහන් කළ ත්‍යාග ප්‍රදානෝත්සවය, CDB Private Wealth සහ එහි සුවිශේෂී World Mastercard White Metal ක්‍රෙඩිට් කාඩ්පත වෙනුවෙන් නව පරිච්ඡේදයක ආරම්භයද සනිටුහන් කළේය.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%