header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
මෙවර උත්සව සමය වඩාත් ප්‍රීතියෙන් ගත කිරීමට SampathCards වෙතින්, 60% ක් දක්වා වට්ටම් සමගින් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමයි
මෙවර උත්සව සමය වඩාත් ප්‍රීතියෙන් ගත කිරීමට SampathCards වෙතින්, 60% ක් දක්වා වට්ටම් සමගින් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමයි

එළැඹෙන නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමය වඩාත් වාසිදායක කාල සීමාවක් බවට පත් කරමින්, SampathCards මගින් සියලුම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා 60% ක් දක්වා සුවිශේෂී වට්ටම් සහ දීමනා රැසක් හඳුන්වා දී තිබේ. 2026 නොවැම්බර් මාසයේ සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන, පුළුල් වෙළඳසැල් ජාලයක් ඔස්සේ විවිධ භාණ්ඩ හා සේවාවන් සඳහා ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. එ් අනුව සිය වියදම් ඵලදායීව කළමනාකරණය කර ගනිමින් උත්සව සමයේ සතුට හා විනෝදය උපරිමයෙන් අත්විඳීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වනු ඇත.

‘A Season Better Spent’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ ඇඟලුම් හා විලාසිතා, තෑගි භාණ්ඩ, සුවතා නිෂ්පාදන හා අත් ඔරලෝසු, පාවහන්, අන්තර්ජාල සාප්පු සවාරි, ඇස් කණ්නාඩි, ළදරු හා ළමා නිෂ්පාදන, ගෘහ උපකරණ සහ ගෘහ නඩත්තු නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික හා ගෘහ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, සුපිරි වෙළෙඳසැල්, ස්වර්ණාභරණ සහ අවන්හල් ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය පරිදි සුවිශේෂී වට්ටම් සහ දීමනා රැසක් පිරිනැමේ. තම ආදරණීයයන් වෙනුවෙන් තෑගි භෝග මිලදී ගැනීමේ සිට උත්සව සමය වෙනුවෙන් නිවෙස් සූදානම් කිරීම, ආහාරපාන රසවිඳීම, සාප්පු සවාරි සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් දක්වා වූ විවිධ අවශ්‍යතා සපුරාලීමට මෙම දීමනාවන් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් සම්පත් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී චිරාත් සමරසේකර මහතා මෙසේ පැවසීය.  “උත්සව සමය යනු පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් සමඟ සතුට බෙදාගනිමින් සොඳුරු මතකයන් එක්කරගන්නා සුවිශේෂී කාලයක්. ඒ වගේම තමන් වැය කරන මුදලට උපරිම ප්‍රතිලාභයක් ලබාගැනීමට පාරිභෝගිකයන් වැඩි අවධානයක් යොමු කරන කාලයක් බවත් අප හොඳින් හඳුනාගෙන තිබෙනවා. මෙවර SampathCards මෙම ප්‍රවර්ධන වැඩසටහන සැලසුම් කර තිබෙන්නේ පාරිභෝගිකයන්ගේ එම අත්දැකීම් වැඩිදුරටත් ප්‍රතිලාභදායී කිරීමේ අරමුණින්. අපගේ පුළුල් හවුල්කාර වෙළඳ ජාලය හරහා විවිධ භාණ්ඩ හා සේවා කාණ්ඩ රැසක් ආවරණය වන පරිදි සුවිශේෂී වට්ටම් සහ වරප්‍රසාද ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. උත්සව සමය පුරා SampathCards පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම ගෙවීම් තේරීමක් බවට පත් කරමින් ඔවුන්ට සැබෑ වටිනාකමක් ලබාදීම අපගේ අරමුණයි.”

සියලුම සම්පත් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා විවෘත මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ, වෙළෙඳ ආයතන රැසකින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී සුවිශේෂී ඉතුරුම් සහ දීමනාවන් අත්විඳීමට අවස්ථාව සැලසෙන අතර අදාළ වට්ටම් සහ දීමනා වෙළෙඳ ආයතනය, භාණ්ඩ හෝ සේවා කාණ්ඩය සහ භාවිත කරන කාඩ්පත් වර්ගය අනුව වෙනස් විය හැකිය. පාරිභෝගික විශ්වාසය සහ දිගුකාලීන සබඳතා අගය කරමින්, වෙළෙඳ හවුල්කාරීත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීම සහ කාඩ්පත් මඟින් ගෙවීම් සිදු කිරීමේ පහසුව ප්‍රවර්ධනය කිරීම සඳහා සම්පත් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම මෙම වැඩසටහන තුළින් පිළිබිඹු වේ.

මෙවර නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමයේ ආදරණීයයන් වෙනුවෙන් තෑගි මිලදී ගැනීම, සාප්පු සවාරි සහ විනෝදාස්වාද අත්දැකීම් ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා SampathCards හි සුවිශේෂී වට්ටම් සහ වරප්‍රසාද භුක්ති විඳිමින්, උත්සව සමය හොඳින් ගත කිරීමට සම්පත් බැංකුව සමඟ අත්වැල් බැඳගන්නැයි සියලුම කාඩ්පත් හිමියන්ට ආරාධනා කරයි. 

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%