
මෙරට ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කරමින්, Radisson Blu Hotel Galadari Colombo යනුවෙන් නාමකරණය වූ ශ්රී ලංකාවේ පැරණිතම හෝටල් සමාගමක් වන Galadari Hotels (Lanka) PLC හි නව සන්නාම එළිදැක්වීම ඊයේ (22) සිදුවිය.
මෙය ගලදාරි හෝටල් පරිශ්රයේ දැවැන්ත පරිවර්තන ක්රියාවලියේ වැදගත් සංධිස්ථානයක් වූ අතර, එළඹෙන 2026 දෙසැම්බර් මාසයේදී හෝටලය සම්පූර්ණයෙන්ම විවෘත කිරීම සඳහා වන කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී.
ගලදාරි හෝටලය කොළඹ කොටස් වෙළෙඳපාළේ ලැයිස්තුගත හෝටල් සමාගමකි.





















