header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී සම්මාන දිනා ගනිමින් Alumex PLC සිය තිරසාර ගමන් මඟ යළිත් තහවුරු කරයි
2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී සම්මාන දිනා ගනිමින් Alumex PLC සිය තිරසාර ගමන් මඟ යළිත් තහවුරු කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදකයා මෙන්ම, ශ්‍රී ලංකාවේ අංක 1 ලැයිස්තුගත සමාගම (LMD 100 – 2025/26) වන Hayleys සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, 2026 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී රිදී සම්මාන දිනා ගැනීමට සමත් විය. සිය නිෂ්පාදන මෙහෙයුම් තුළ පාරිසරික වගකීම ඒකාබද්ධ කිරීමට සමාගම දක්වන කැපවීම මෙමගින් යළිත් වරක් තහවුරු වී තිබේ.

මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී පරිසර සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ ආයතන සහ පුද්ගලයන් ඇගයීමට ලක් විය. එහිදී ලෝහ, ෆෙරස් නොවන ලෝහ, ඉලෙක්ට්‍රොනික සහ විදුලි උපකරණ ආශ්‍රිත කර්මාන්ත අංශයන්හි (A සහ B කාණ්ඩ) රිදී සම්මාන දිනා ගැනීමට Alumex PLC සමත් වූ අතර, එය සමාගමේ තිරසාර ගමන් මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ Alumex PLC කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ පැවසීය. “වගකීම් සහගත නිෂ්පාදනය ආරම්භ වන්නේ සමාගමක් ලෙස අප සම්පත් භාවිත කරන ආකාරයෙන් සහ අපගේ පාරිසරික බලපෑම කළමනාකරණය කිරීමට දක්වන සැලකිල්ලෙනි. අපගේ Elevate ESG මාර්ග සිතියම, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට, අපද්‍රව්‍ය අවම කිරීමට සහ තිරසාරභාවය අපගේ එදිනෙදා ක්‍රියාකාරකම්වල කොටසක් බවට පත් කිරීමට අපට මග පෙන්වයි. මෙම සම්මාන අපගේ කැපවීමට ලැබුණු දිරිගන්වන ඇගයීමක් වන අතර, තිරසාර මෙහෙයුම් තුළ තවදුරටත් ප්‍රගතියක් ලබා ගැනීමට අපට ආභාසයක් වේ.”

බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, සම්පත් වගකීමෙන් භාවිත කිරීම, අපද්‍රව්‍ය අවම කිරීම, ජල සංරක්ෂණය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හරහා Alumex සිය පාරිසරික පියසටහන අඩු කිරීමට කටයුතු කරයි. නිෂ්පාදන කර්මාන්තය වඩාත් සම්පත් කාර්යක්ෂම කිරීමටත්, පරිසරයට එහි බලපෑම අඩු කිරීමටත් ඇති පුළුල් කැපවීමක් මෙයින් පිළිබිඹු වන අතර, චක්‍රීය ආර්ථිකය වර්ධනය කිරීමට ද එය දායක වේ.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%