
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අතින් HAC හිකළමනාකාර අධ්‍යක්ෂ රිස්වි සහීඩ් මහතා රන් සම්මානය ලබාගත් අවස්ථාව.
වමේ සිට දකුණට: HAC හි අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ආකිෆ් මහතා, CNCI හි හිටපු සභාපති කෙවින් එඩ්වඩ්ස් මහතා, CNCI හි සභාපති ප්‍රදීප් කහවලගේ මහතා, සහ HAC හි තත්ත්ව ප්‍රධානී නෆාස් මහතා.
2024 හි ලැබූ රිදී සම්මානයේ සිට 2025 සහ 2026 වසරවලදී රන්සම්මාන සහ විශිෂ්ටතමයාට හිමි සම්මාන දිනාගනිමින්, HAC අඛණ්ඩව වසර තුනක් ජාතික මට්ටමේ ඇගයීමට ලක්වෙයි.
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද 25 වන CNCI Achiever Awards 2026 කාර්මික විශිෂ්ටතා සම්මාන උළෙලේදී, හලාල් කවුන්සිලය (HAC) නැවත වතාවක් රන් සම්මානයෙන් සහ විශිෂ්ටතමයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම නවතම ජයග්‍රහණයත් සමඟ, 2024 වසරේදී රිදී සම්මානයෙන් ඇගයීමට ලක්වූ HAC, 2025 සහ 2026 වසර වලදී අඛණ්ඩව දෙවන වරටත් මෙම සම්මාන ද්විත්වයම හිමි කරගැනීම හරහා ශ්‍රීලංකාවේ සේවා අංශය තුළ තමන් සතු විශිෂ්ටත්වයේ ස්ථාවර ඉතිහාසය සහ නැවතත් සනාථකර ඇත.
තම 25 වන සංවත්සරය සමරන CNCI Achiever Awards සම්මාන උළෙල මඟින්, ව්‍යාපාරික කාර්යසාධනය, නවෝත්පාදනය, ගුණාත්මකභාවය, ඵලදායිතාව සහ තිරසාරවර්ධනය යන අංශවලින් විශිෂ්ටත්වය පෙන්නුම් කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාර ඇගයීමට ලක් කෙරේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HAC හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආකිෆ් ඒ. වහාබ් මහතා මෙසේ පැවසීය.












