
මාතෘ භුමියෙන් බොහෝ දුර ඈත ජීවත් වුණත්, නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් එකම තැනකට එක්කොට, ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ අනන්‍යතාවය සැමරීම අරමුණු කරගනිමින් සහ ඒ සංස්කෘතිය අනාගත දරු පරපුරටද දායාද කිරීමේ අරමුණින්, “Lankan Fest” ඕක්ලන්ඩ්හී වයිකරකා ක්‍රීඩාංගනයේදී පසුගිය සති අන්තයේ පැවැත්විණි.
Lankan Fest සංවිධාන කළේ වසර ගණනාවක් නවසීලන්තය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ප්‍රසංග සංවිධාන කරන Krystal events ආයතනය සහ ඕමිස්ටන් ක්‍රිකට් සමාජය එක්වයි.
නවසීලන්තයේදී පළමු වරට පැවැත්වුණ Lankan Fest සඳහා 2500කට අධික පිරිසක් සහභාගී වූ අතර දිනය පුරා විනෝදාත්මක අංග සහ දරුවන් එක්වූ සංස්කෘතික අංගවලින් Lankan Fest වර්ණවත් විය.
මෙහි වැදගත්ම වාසිය බවට වුණේ, පැමිණි ශ්‍රී ලාංකිකයින්ට නවසීලන්තය තුලදී මුහුණදෙන මූල්‍ය, නිවාස ඇතුලු අභියෝග සඳහා උපදේශනයන් හා සේවා ලබාදීමට නවසීලන්තයේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකික ව්‍යාපාර සන්නාම 50කට අධික සංඛ්‍යාවක් එදින Lankan Fest හා අත්වැල් බැඳගෙන සිටීමයි.
එමෙන්ම නවසීලන්තය සහ ශ්‍රී ලංකාව තුළ මෙන්ම වෙනත් රටවල් තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් වීමටත්, අයෝජන සඳහා මුලපිරීමටත් එදින පැමිණ සිටි ශ්‍රී ලාංකික ප්‍රජාවට අවස්ථාව හිමිවිය.
Lankan Fest අවසාන වූයේ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත්පත් කළ සංගීත සංදර්ශනයකින්.
Lankan Fest සඳහා රූපවාහිනි මාධ්‍ය අනුග්‍රාහකත්වය දැක්වූයේ TV දෙරණයි.


































