header logo
Top News
ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත පුද්ගලික බැංකුව බව යළි තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව Fitch AA(lka) ශ්‍රේණිය ලබයි
ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත පුද්ගලික බැංකුව බව යළි තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව Fitch AA(lka) ශ්‍රේණිය ලබයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව අත්පත් කරගෙන ඇති ස්ථානය සහ බැංකුවේ ස්ථාවර මූල්‍ය ශක්තිය සනාථ කරමින්, 2026 ඔක්තෝබර් 30 වනදා සිට බල පැවැත්වෙන පරිදි ෆිච් ආයතනය විසින් කොමර්ෂල් බැංකුවෙහි, දිගුකාලීන ජාතික ශ්‍රේණි මට්ටම (AA-) සිට AA(Ika) දක්වා ඉහළ නංවා ඇත.

‘AA(Ika)’ ශ්‍රේණිගත කිරීමෙන් රටේ අනෙකුත් බැංකුවලට සාපේක්ෂව, කොමර්ෂල් බැංකුව ඉතා ඉහළ ණය ගුණාත්මකභාවයක් සහ ණය පැහැරහැරීමේ ඉතා අඩු අවදානමක් පෙන්නුම් කරයි. එමගින් බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණවත් බව, ද්‍රවශීලත්වය සහ වත්කම්වල ගුණාත්මකභාවය පිළිබඳව ආයෝජකයන්ට, තැන්පත්කරුවන්ට, ගනුදෙනුකරුවන්ට සහ ජාත්‍යන්තර බැංකු හවුල්කරුවන් වෙත වැදගත් පණිවිඩයක් සපයයි.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවේ දීර්ඝකාලීන ස්ථාවරය, ව්‍යපාර උත්පාදනයේදී හා අරමුදල් සැපයීමේදී බැංකුව සතු දිගුකාලීන ප්‍රතිලාභ සහ පුද්ගලික අංශයේ අනෙකුත් විශාල බැංකු හා සසඳන විට එහි ප්‍රශස්ත කළ මුල්‍ය පිරිවැය යන කරුණු මෙම Fitch තක්සේරු කිරීමේ ක්‍රියාවලිය මගින් ඇගයීමට ලක් කර ඇත. එමෙන්ම වත්කම්වල ගුණාත්මකභාවය, ලාභදායීතාවය සහ ශුද්ධ අක්‍රීය ණය සඳහා ප්‍රාග්ධන ආවරණය යන ගුණාංග අතින් ද බැංකුව අනෙකුත් ශ්‍රේණිගත දේශීය බැංකු අතර වඩාත් ශක්තිමත් මට්ටමක පවතින බව ෆිච් ආයතනය පෙන්වා දී ඇත.

“මෙම ශ්‍රේණිගත කිරීම ගනුදෙනුකරුවන්ටත්, කොටස්කරුවන්ටත් ඉතාමත් වැදගත් වෙනවා,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා පැවසීය. “අපගේ ගනුදෙනුකරුවන් සඳහා මෙම ඉහළ නංවන ලද ශ්රේණිගත කිරීම, ඔවුන්ගේ ආයෝජන, වත්කම් සහ මූල්ය ස්ථාවරත්වය පිළිබඳ තවත් දර්ශකයක් වේ. මූල්‍යකරණ සහය අපේක්ෂා කරන ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා බැංකුවේ ශක්තිමත් ආයතනික ණය, විශ්වාසනීයත්වය සහ තරඟකාරී මූල්ය විසඳුම් ලබා දීම සඳහා බැංකුව සතු මනා හැකියාව ද මෙමගින් තහවුරු වනවා.”

මෙම ඉහළ නැංවීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්යක්ෂක/ප්රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “මෙම ශ්රේණිගත කිරීම, කොමර්ෂල් බැංකුවේ මූල්ය ස්ථාවරත්වය, විනයගත අවදානම් කළමනාකරණය සහ බැංකුවේ අඛණ්ඩ ශක්ති සම්පන්න බව පිළිබඳ ප්රබල සනාථ කිරීමකි. අපගේ ගනුදෙනුකරුවන්, ආයෝජකයන් සහ ජාත්යන්තර හවුල්කරුවන් අප කෙරෙහි තබා ඇති ගැඹුරු විශ්වාසය එමගින් තහවුරු වන අතර ශ්රී ලංකාවේ ව්යාපාරවලට මෙන්ම, පුද්ගලයින්ට සහ දේශීය ආර්ථිකයේ ප්රගතියට සහය දැක්වීමට අපගේ හැකියාව තවත් ශක්තිමත් වේ.”

ශක්තිමත් වූ ණය ප්රතිරූපය මගින් කොමර්ෂල් බැංකුවේ ජාත්යන්තර නියෝජිත බැංකු සමඟ ඇති සබඳතා තව තවත් ශක්තිමත් කරන අතර එමගින් ජාත්යන්තර වෙළඳාමේ නියැලී සිටින ගනුදෙනුකරුවන්ගේ රට රටවල් අතර පවතින බැංකු සේවා, වෙළඳ මූල්යකරණය සහ ප්රාග්ධනය ප්රතිපේෂණ සේවාවන් හි අඛණ්ඩතාව සහ කාර්යක්ෂමතාව සඳහා ද සහය වන බව බැංකුව පවසයි.

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්රාග්ධනීකරණයක් සහිත පළමු ශ්රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්රේණිගත විය. ශ්රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්යාවක් සහ පුළුල් ස්වයංක්රීය යන්ත්ර ජාලයක් ක්රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්ර මූල්ය සමාගමක් සහ ඩුබායි ජාත්යන්තර මූල්ය මධ්යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්ය සේවා සපයයි.

සේයාරු සටහන :  කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා සහ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා 

MostRead
VideoStories
BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%