header logo

Daily Exchange Rates

Nov 16, 2026
Top News
2026 ඔක්තෝබරයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්
2026 ඔක්තෝබරයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ඔක්තෝබර් මාසයේ දී 55.3ක දර්ශක අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කළේය. සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයන් වාර්තා කරමින් මෙම වර්ධනය සඳහා ධනාත්මකව දායක විය. 

නව ඇණවුම් උප දර්ශකයේ දක්නට ලැබුණු කැපී පෙනෙන ඉහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන සහ ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශවල වසර අවසාන උත්සව සමය ආශ්‍රිතව පවතින ඉල්ලුම හේතු විය. තවද, ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන උප දර්ශකය ඉහළ යෑමට රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ දක්නට ලැබුණු වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු විය. මීට අමතරව, නව ඇණවුම් සහ නිෂ්පාදනවල වර්ධනයට සමගාමීව සේවා නියුක්ති සහ තොග මිලදී ගැනුම් උප දර්ශක ද වර්ධනය විය. මේ අතර, නිෂ්පාදන යෙදවුම් සඳහා පැවති ඉල්ලුම ඉහළ යාම පිළිබිඹු කරමින්, ඇණවුමක් සැපයීම සඳහා සැපයුම්කරුවන්ට ගතවන කාලය තවදුරටත් ඉහළ ගියේය.

එළඹෙන උත්සව සමයේදී ඉල්ලුම ඉහළ යනු ඇතැයි පවතින අපේක්ෂාවන් හේතුවෙන්, ඉදිරි මාස තුන සඳහා නිෂ්පාදන ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ධනාත්මක මට්ටමක පවතී.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2026 ඔක්තෝබර් මාසයේදී 62.5ක දර්ශක අගයක් වාර්තා කළ අතර, එමඟින් පෙර මාසයට සාපේක්ෂව සේවා අංශයේ ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි.

ව්‍යාපාරික ක්‍රියාකාරකම් ප්‍රසාරණය වූ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් වෙනත් පුද්ගලික සේවා අංශයේ සිදු වූ වැඩිදියුණු වීම් හේතු විය. මූල්‍ය සේවා සහ භාණ්ඩ ප්‍රවාහන සේවා අංශවලින් ද ඊට සැලකිය යුතු දායකත්වයක් ලැබිණි.

නව ව්‍යාපාරවල වර්ධනයක් වාර්තා වූ අතර, ඒ සඳහා මූල්‍ය සේවා සහ වෙනත් පුද්ගලික සේවා අංශවල සිදු වූ ප්‍රසාරණය ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන්නේය. නවාතැන් පහසුකම්, ආහාර හා පාන වර්ග සැපයීමේ සේවා සහ භාණ්ඩ ප්‍රවාහන සේවා අංශ ද මෙම ධනාත්මක වර්ධනයට දායක විය. 

වැඩිවන මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා උප-අංශ කිහිපයක සමාගම් සිදු කළ නව සේවක බඳවාගැනීම් හේතුවෙන් සේවා නියුක්තිය ඉහළ ගියේය. මේ අතර, නිම කිරීමට ඉතිරිව ඇති කාර්යයන් ප්‍රමාණය පෙර මාසයට සාපේක්ෂව වැඩි වේගයකින් පහළ ගියේය.

ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ධනාත්මක මට්ටමක පැවති අතර, හිතකර සාර්ව ආර්ථික තත්ත්වයන්, සංචාරක පැමිණීම් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කිරීම සහ ඉදිරියේ දී  එළඹෙන උත්සව සමය මෙයට දායක විය. කෙසේ වෙතත්, පවතින ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් ඉදිරි දැක්ම කෙරෙහි අහිතකර අවදානම් අඛණ්ඩව පවතී.

MostRead

වීඩියෝපුවත්

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%