
කොළඹ වරාය නගරෙයහි ඉදිවන Central Park Boulevard සුවිශේෂී මහල් 40ක twin-tower ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු CHEC සහ Home Lands යන සමාගම් එක්ව නිල වශයෙන් ආරම්භ කැන ලදී. මුලින් සැලසුම් කර තිබූ මාස හයක කාලසීමාවට පෙර, එනම් දින 88ක් වැනි කෙටි කාලයක් තුළ ව්‍යාපෘතියේ අත්තිවාරම් සැකසුම් කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් පසු මෙම ඉදිකිරීම් ආරම්භ කිරීමේ නිල උත්සවය පැවැත්විණි.
කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ, ගෝලීය වශයෙන් පිළිගත් ඉංජිනේරු සහ ඉදිකිරීම් සමාගමක් වන CHEC සමාගමට මෙම ඉදිකිරීම් ආරම්භය තවත් වැදගත් සන්ධිස්ථානයකි. Central Park Boulevard ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පැවරීම හරහා, මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ CHEC සමාගම සතු පුළුල් අත්දැකීම් සහ ජාත්‍යන්තර ඉංජිනේරු විශේෂඥතාව මෙම ව්‍යාපෘතියට එක් වනවා. එමඟින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වෙනස් වන නාගරික භූ දර්ශනය වෙනුවෙන් ඔවුන් දක්වන අඛණ්ඩ දායකත්වය තවදුරටත් ශක්තිමත් වේ.
මෙම අවස්ථාවට රජයේ නියෝජිතයින්, ව්‍යාපෘති හවුල්කරුවන්, ආයෝජකයින්, පාරිභෝගිකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු 200කට ආසන්න ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ. Home Lands සමාගමේ සභාපති නලින් හේරත් මහතා, CHEC South & Mainland Southeast Asia හි කළමනාකාර අධ්‍යක්ෂ Wang Gang මහතා සහ CHEC Port City Colombo Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ Xiong Hongfeng මහතා මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්වූහ.
මෙරට සහ චීනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් එකම තැනකට ගෙන එ්ම තුළින්, CHEC සහ Home Lands අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය මෙන්ම මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සඳහා දෙපාර්ශ්වය තුළ ඇති පොදු කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය.
මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් Home Lands සමාගමේ සභාපති නලින් හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ, "Central Park Boulevard ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කිරීම Home Lands සමාගමට මෙන්ම මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ අපගේ දැක්මටත් අතිශය වැදගත් අවස්ථාවක් බවයි. CHEC සමාගම සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය හරහා මෙම සුවිශේෂී ව්‍යාපෘතියට ජාත්‍යන්තර මට්ටමේ ඉංජිනේරු විශේෂඥතාව එක් වන අතර, ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් ව්‍යාපෘතියක් නිම කර ලබා දීම පිළිබඳ අප තබන විශ්වාසය තවදුරටත් ශක්තිමත් වෙනවා.දින 88ක් වැනි කෙටි කාලයක් තුළ මෙහි අත්තිවාරම් සැකසුම් කටයුතු අවසන් කිරීමට හැකි වීමෙන් පෙන්නුම් කරනු ලබන්නේ මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ සියලු කණ්ඩායම්වල කැපවීම සහ කාර්යක්ෂමතාවයි. මෙම වේගවත් ප්‍රගතිය අඛණ්ඩව පවත්වා ගනිමින් ඉලක්කගත මාස 36ක කාලසීමාව තුළ Central Park Boulevard ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිම කිරීමට අපි කටයුතු කරනවා."
CHEC South & Mainland Southeast Asia හි කළමනාකාර අධ්‍යක්ෂ Wang Gang මහතා මෙසේ අදහස් දැක්වීය. "Central Park Boulevard යනු කොළඹ වරාය නගරයේ සංවර්ධනය සඳහා CHEC සමාගම දක්වන දායකත්වයේ තවත් වැදගත් ඉදිරි පියවරක්. මෙම සුවිශේෂී නාගරික සංවර්ධන ව්‍යාපෘතිය නිර්මාණය කිරීමට දායක වූ අපට, ඒ තුළ ඉදිවන තවත් වැදගත් ව්‍යාපෘතියක් වෙත අපගේ ඉංජිනේරු විශේෂඥතාව එක් කිරීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. Home Lands සමාගම සමඟ සමීපව කටයුතු කරමින්, ඉදිකිරීම්වල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ව්‍යාපෘතිය නියමිත පරිදි නිම කිරීම සඳහා ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා."
කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීමේ ක්ෂේත්‍රයට එක්වන සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස Central Park Boulevard සැලසුම් කර ඇත. CHEC සමාගමේ ඉංජිනේරු හැකියාවන් සහ දේපළ සංවර්ධනය පිළිබඳ Home Lands සතු පළපුරුද්ද මනාව ඒකාබද්ධ කරන මෙම ව්‍යාපෘතිය, ආයෝජන සහ සුඛෝපභෝගී ගමනාන්තයක් ලෙස කොළඹ වරාය නගරයේ අඛණ්ඩ වර්ධනයට සුවිශේෂී දායකත්වයක් සපයයි.
සමාගම් 14කින් සමන්විත විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් ලෙස මේ වන විට නිවාස ඒකක 3,750කට අධික ප්‍රමාණයක් පාරිභෝගිකයින් වෙත භාර දී ඇති Home Lands සමාගම, ශ්‍රී ලංකාවේ එකම දේපළ වෙළඳාම් Super brand සන්නාමය ලෙස පිළිගැනීමට ලක්ව ඇති අතරම, අඛණ්ඩව තෙවරක්ම PropertyGuru Best Developer සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.
නියමිත කාලසීමාවට පෙර අත්තිවාරම් සැකසුම් කටයුතු අවසන් කිරීමත් සමඟින්, Central Park Boulevard ව්‍යාපෘතිය මාස 36ක් ඇතුළත සම්පූර්ණ කිරීමේ ඉලක්කය ඇතිව සිය ඉදිකිරීම් ක7ටයුතුවල මීළඟ අදියර වෙත මේ වන විට පැමිණ තිබේ. කොළඹ වරාය නගරයේ සංවර්ධනය වෙනුවෙන් CHEC සමාගම දක්වන දිගුකාලීන දායකත්වය සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ව්‍යාපෘති සාර්ථකව නිම කිරීම සඳහා ඔවුන් තුළ ඇති කැපවීම මෙම ව්‍යාපෘතිය මගින් තවදුරටත් තහවුරු වේ.






















