header logo

Daily Exchange Rates

Nov 16, 2026
Corporate News
මෙරට ප්‍රථම වතාවට පෞද්ගලික අංශයේ ළමා අක්මා බද්ධ කිරීම වත්තල හේමාස් රෝහල සාර්ථකව සිදු කරයි
මෙරට ප්‍රථම වතාවට පෞද්ගලික අංශයේ ළමා අක්මා බද්ධ කිරීම වත්තල හේමාස් රෝහල සාර්ථකව සිදු කරයි

මෙම සුවිශේෂී සන්ධිස්ථානය මගින් ඉතා සංකීර්ණ අක්මා බද්ධ කිරීමේ ප්‍රතිකාර සේවා මෙරට තුළම ලබා ගැනීමට අවස්ථාව සලසන අතරම, උසස් තත්ත්වයේ ළමා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සතු හැකියාව ශක්තිමත් කරයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය‍ය අංශය යටතේ ප්‍රථම වතාවට ළමා අක්මා බද්ධ කිරීමක් (pediatric liver transplant) වත්තල හේමාස් රෝහල විසින් සාර්ථකව සිදු කිරීම මෙරට උසස් ළමා සෞඛ්‍ය‍ය සේවා ක්ෂේත්‍රයේ වැදගත් පියවරක් සනිටුහන් කරයි.

මෙම ඉදිරි පියවර මගින් දරුණු අක්මා රෝගවලින් පෙළෙන දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මෙරට තුළදීම ප්‍රතිකාර ලබා ගැනීමට ඇති අවස්ථා වැඩි වෙමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය‍ය සේවාවට වැදගත් නව ප්‍රවේශයක් ද  එක් කරයි.

අක්මා බද්ධ කිරීමක් අවශ්‍ය දරුවෙකුට කාලය ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාව තුළ දී ම සංකීර්ණ ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවීම, දෙමාපියන්ගේ ජීවිතයේ ඉතාම අපහසු කාලයක දී ඔවුන්ට මුහුණ දීමට සිදුවන වෛද්‍යමය, මූල්‍යමය සහ මානසික වශයෙන් එල්ල වන පීඩනය අඩු කර ගැනීමට උපකාරී වේ.

එබැවින්, වත්තල හේමාස් රෝහලේ දී සාර්ථකව සිදුකළ මෙම බද්ධ කිරීමේ සැත්කම පෞද්ගලික සෞඛ්‍ය‍ය ක්ෂේත්‍රයේ  ලැබූ පළමු ජයග්‍රහණය පමණක්ම නොව, එය ශ්‍රී ලංකාවේ වෛද්‍ය හැකියාවන් හි අඛණ්ඩ දියුණුව මෙන්ම, වඩාත් සංකීර්ණ වෛද්‍ය ක්‍රියාවලීන් රට තුළදීම සාර්ථකව සිදු කිරීමට මෙරට පෞද්ගලික සෞඛ්‍ය‍ය පද්ධතිය සතු ශක්තිය ද තහවුරු කරයි.

හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා, 

“මෙය හේමාස් රෝහල් සමූහයට පමණක් නොව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට ඉතා වැදගත් සන්ධිස්ථානයක්. ළමා අක්මා බද්ධ කිරීම් වැනි සංකීර්ණ සැත්කම් සඳහා වෛද්‍ය විශේෂඥ දැනුම, යටිතල පහසුකම්, නවීන තාක්ෂණය සහ බහුවිධ සෞඛ්‍ය‍ය සේවාවන් වෙනුවෙන් විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා. එම හැකියාව අපේ රට තුළම ගොඩනඟා ගැනීමට හැකිවීම අපට මහත් ආඩම්බරයක්.  සමස්ත සෞඛ්‍ය‍ය පද්ධතියේ හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, රෝගීන්ට තම නිවසට ආසන්නයෙන් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසා දීම අපගේ අරමුණයි. සෞඛ්‍ය‍ය ප්‍රමිතීන් ඉහළ නැංවීමට සහ වඩාත් නිරෝගී දේශයක් ගොඩනැගීමට දායක වීමේ අපගේ පුළුල් කැපවීමේ උත්සහයක් ලෙස මෙය හැඳින්විය හැකිය” යනුවෙන් පැවසීය.

සංකීර්ණ වෛද්‍ය සැත්කම්  සඳහා වන හැකියාව ශක්තිමත් කිරීම

ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කමකට මනා විශේෂඥ වෛද්‍ය දැනුමෙන් සන්නද්ධ වූ කණ්ඩායමක් මෙන්ම, සංකීර්ණ සැත්කමක් සහ ඉන් පසු සුවපත්වීමේ කාලය පුරාම දරුවා රැකබලා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සහිත රෝහල් පරිසරයක් අත්‍යවශ්‍ය වේ.

වත්තල හේමාස් රෝහලේ දී අක්මා රෝග, බද්ධ කිරීමේ සැත්කම්, නිර්වින්දනය සහ දැඩි සත්කාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, ඉහළ පුහුණුවක් ලත් දක්ෂ හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සෞඛ්‍ය‍ය වෘත්තිකයන් සමඟ එක්ව සෑම අදියරකදීම මනා සම්බන්ධීකරණයකින් යුත් සත්කාරක සේවාවක් සපයනු ලබයි.

රෝහලේ අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහාම වෙන්වූ පහසුකම් පද්ධතිය, විශේෂිත ශල්‍ය උපකරණ, නිර්වින්දන පද්ධති සහ සිරුරේ අත්‍යවශ්‍ය ක්‍රියාකාරීත්වයන් සූක්ෂමව නිරීක්ෂණය කරන තාක්ෂණයෙන් සමන්විත වේ. මෙම පහසුකම් හේතුවෙන් සැත්කම අතරතුර දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ සිට සැත්කමෙන් පසු සුවපත් වීමේ කාලය දක්වාම බද්ධ කිරීමේ සැත්කමක දී අවශ්‍ය වන සියලුම සංකීර්ණ සත්කාරයන් මනා ලෙස සපයා දීමට වෛද්‍ය කණ්ඩායම්වලට හැකියාව ලැබේ.

සැත්කමෙන් පසු මෙම කාර්යය සඳහාම වෙන් වූ විශේෂිත අක්මා බද්ධ කිරීමේ දැඩි සත්කාර ඒකකය තුළ දරුවන්ට පැය 24 පුරාම වෛද්‍ය සහ හෙද සත්කාර ලබා දෙයි. මෙහි සිදුකරන සූක්ෂම නිරීක්ෂණයන් නිසා දරුවාගේ තත්ත්වයේ සිදුවන වෙනස්කම් ඉක්මනින් හඳුනාගෙන ඊට වහාම ප්‍රතිචාර දැක්වීමට වෛද්‍ය කණ්ඩායමට හැකි වන අතර, දැඩි සනීපාරක්ෂක ක්‍රමවේදයන් මගින් මෙම අවදානම් සහිත කාලසීමාව තුළ දරුවාව ආසාදනවලින් ආරක්ෂා කරයි. පෝෂණ සත්කාර සහ මානසික සහාය ද මෙම වැඩසටහනේ වැදගත් කොටසකි. රෝහලෙන් පිටව ගිය පසු ද බද්ධ කළ අක්මාවේ සහ දරුවාගේ දීර්ඝකාලීන සෞඛ්‍යය තහවුරු කරන ඖෂධ මෙන්ම, ජීවිත කාලය පුරාම ලැබෙන විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ මගින් මෙම සත්කාරය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යනු ලබයි.

රෝගියා වෙනුවෙන් එක්වූ විශේෂඥ දැනුම

මෙම වැඩසටහනේ සුවිශේෂම පාර්ශවය වන්නේ අක්මා හා පිත්තාශ ශල්‍යකර්ම, ළමා අක්මා රෝග, ආමාශ ආන්ත්‍රික රෝග, නිර්වින්දනය සහ දැඩි සත්කාර යන ක්ෂේත්‍රයන් හි විශේෂඥ දැනුම එක් වූ බහුවිධ වෛද්‍ය කණ්ඩායමයි.

මෙම ඒකාබද්ධ ප්‍රවේශය මගින්, රෝග විනිශ්චය සහ මූලික ඇගයීමේ සිට බද්ධ කිරීමේ සැත්කම, දැඩි සත්කාර, සුවපත් වීම සහ දීර්ඝකාලීන වෛද්‍ය අධීක්ෂණය දක්වා වූ සමස්ත ක්‍රියාවලිය පුරාම රෝගීන්ට අඛණ්ඩ සහාය ලබා දීමේ හැකියාව සලසයි.

මෙම පළමු අක්මා බද්ධ කිරීමේ සැත්කමට දායක වූ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම
ළමා අක්මා රෝග (Paediatric Hepatology)

•    මහාචාර්ය මෙරන්ති ප්‍රනාන්දු - ළමා රෝග සහ ළමා අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ශල්‍යකර්ම (Surgery)
•    මහාචාර්ය රොහාන් සිරිවර්ධන - ආමාශ ආන්ත්‍රික සහ අක්මා හා පිත්තාශ විශේෂඥ ශල්‍ය වෛද්‍ය
•    වෛද්‍ය සුචින්ත තිලකරත්න - ආමාශ ආන්ත්‍රික සහ අක්මා හා පිත්තාශ විශේෂඥ ශල්‍ය වෛද්‍ය
•    වෛද්‍ය අරුණ වීරසූරිය - රුධිර වාහිනී විශේෂඥ ශල්‍ය වෛද්‍ය
නිර්වින්දනය සහ දැඩි සත්කාර (Anaesthesia & Critical Care)
•    මහාචාර්ය භාග්‍යා ගුණතිලක - නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍ය
•    වෛද්‍ය චමිලා ලියනගේ - නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍ය
•    වෛද්‍ය රචිනී කිෂාරා විතානගේ - නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍ය
අන්තර්ඡේදනාත්මක විකිරණවේදය (Interventional Radiology)
•    වෛද්‍ය චින්තක අප්පුහාමි - අන්තර්ඡේදනාත්මක විකිරණවේදී විශේෂඥ වෛද්‍ය
වැඩිහිටි අක්මා රෝග (Adult Hepatology)
•    වෛද්‍ය උදිත දසනායක - අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අනෙකුත් විශේෂඥ සේවාවන් (Other Specialties)
•    වෛද්‍ය ජානකී දිසානායක - රුධිර පාරවිලයන වෛද්‍ය
•    වෛද්‍ය ගෞරී සමරසේකර - විශේෂඥ පෝෂණවේදී වෛද්‍ය
•    වෛද්‍ය හර්ෂණී ලියනගේ - විශේෂඥ මනෝවෛද්‍ය

හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ වෛද්‍ය සේවා සහ ගුණාත්මක භාවය පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය මලිත් අතපත්තු මහතා,

“ළමා අක්මා බද්ධ කිරීමක් යනු රෝහලකට සිදු කළ හැකි අතිශය දුෂ්කර හා සංකීර්ණ ක්‍රියාවලියක්. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ සියලුම සත්කාරක අංශ එකිනෙකට මනාව සම්බන්ධ වී ක්‍රියාත්මක වීම මතයි. මෙහි දී සැත්කම පමණක් නොව, ඊට පෙර සූදානම් වීම, නිර්වින්දනය, දැඩි සත්කාර, උසස් මට්ටමේ නිරීක්ෂණය, විෂබීජ පාලනය සහ සැත්කමෙන් පසු ලබාදෙන විශේෂිත සත්කාර ආදී සියලුම අංශ අතිශයින් වැදගත් වෙනවා.” ‍යනුවෙන් සිය අදහස් දැක්වීය.
ප්‍රතිකාර ලැබූ දරුවාගේ පවුලේ අයට, මෙරට තුළම මෙම පහසුකම් ලබා ගැනීමට හැකිවීම මෙම ශල්‍යකර්මයෙන් සහනයක් ලබා දෙන ලදි.

ප්‍රතිකාර ලැබූ දරුවාගේ දෙමාපියන් වන ආර්. එම්. රත්නායක මහතා සහ මහත්මිය අදහස් දක්වමින් පැවසූවේ,

“වෛද්‍යවරුන් අපට කිව්වාම දරුවාව බේරාගන්න තියෙන එකම විසඳුම අක්මා බද්ධ කිරීමක් විතරයි කියලා, අපි බොහොම අසරණ වුණා. හැබැයි මේ සැත්කම ශ්‍රී ලංකාව තුළම කර ගන්න පුළුවන් කියලා දැන ගත්තම ඒක ලොකු සහනයක් වගේ දැනුණා. මාස ගණන් බලන් ඉන්නේ නැතුව, වෙන රටවලට යන්නේ නැතුව, අපේ පවුලේ අයත් එක්ක ඉන්න අතරතුර සැත්කමෙන් පස්සේ දරුවගේ අතින් අල්ලගෙන එයාගේ ඇස්වල ආයෙමත් ජීවිතය පිරෙනවා දකින්න ලැබීම අපට අපේ ජීවිතය ආපසු ලැබුණා වගේ හැඟීමක් ලබා දුන්නා” යනුවෙනි.

උසස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා  ශ්‍රී ලංකාවේ  පහසුකම් පුළුල් කිරීම

පෞද්ගලික අංශය වෙත ළමා අක්මා බද්ධ කිරීමේ පහසුකම් හඳුන්වා දීම සිදුවන්නේ, අතිශය විශේෂිත වූ සහ විශාල සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වන වෛද්‍ය අවශ්‍යතාවන් කළමනාකරණය කරගැනීමේ හැකියාව ශ්‍රී ලංකාව විසින් ශක්තිමත් කරමින් සිටින අවධියකය.

මෙවැනි පහසුකම් රට තුළම ගොඩනැඟීම මඟින් මෙරට සමස්ත සෞඛ්‍ය‍ය පද්ධතිය ශක්තිමත් වන අතර, විදේශගත වීමේ දී සිදුවන විශාල අපහසුතාවන්ට මුහුණ නොදී උසස් මට්ටමේ ප්‍රතිකාර ලබා ගැනීමට වැඩි ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයකට අවස්ථාව උදා වේ.

හේමාස් රෝහල් සමූහය වෙනුවෙන්, මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව තුළ ලබා දිය හැකි වෛද්‍ය සත්කාරවල මට්ටම ශක්තිමත් කිරීමේ ඔවුන්ගේ පුළුල් කැපවීමේ එක් කොටසක් නියෝජනය කරයි.

විශේෂිත වෛද්‍ය සේවාවන් සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කිරීම මගින්, වත්තල හේමාස් රෝහල බලාපොරොත්තු වන්නේ මෙරට පවත්නා ජාතික සෞඛ්‍ය‍ය සත්කාරයන් ලබාගැනීමට ඇති අවස්ථාවන් වැඩිදියුණු කිරීමයි. 

වත්තල හේමාස් රෝහල සතුව වැඩිහිටියන් සහ ළමුන් සඳහා වන විශේෂිත අක්මා මධ්‍යස්ථානයක් ද පවතී. එහි දී ශල්‍යකර්මවලට භාජනය නොවන පරික්ෂණ පහසුකම් සහ මුල් අවධියේදීම රෝග හඳුනා ගැනීමේ සිට විශේෂඥ ප්‍රතිකාර, දීර්ඝකාලීන රෝග කළමනාකරණය මෙන්ම අක්මා බද්ධ කිරීම් ඇතුළු උසස් මට්ටමේ වෛද්‍ය සත්කාරයන් දක්වා වූ පූර්ණ අක්මා සත්කාරක සේවාවක් ලබාදෙනු ලබයි.

වත්තල හේමාස් රෝහලේ අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී ප්‍රභාන් ගුණවර්ධන මහතා,

“මෙම ජයග්‍රහණයෙන් මැනවින් පෙන්නුම් කරන්නේ වත්තල හේමාස් රෝහල කෙබඳු ආකාරයේ ආයතනයක් බවට පත්වෙමින් තිබේ ද යන්නයි. සාම්ප්‍රදායික පෞද්ගලික සෞඛ්‍ය‍ය සේවාවන්ට අමතරව, අතිශය සංකීර්ණ සහ උසස් මට්ටමේ වෛද්‍ය ක්ෂේත්‍රයන් සඳහා සාර්ථකව මුහුණ දීමට හැකි හැකියාවන් අපි ගොඩනඟමින් සිටිනවා.  හේමාස් රෝහල අනෙකුත් ආයතනවලින් වෙනස් කරවන ප්‍රධාන සාධකය වන්නේ මෙම සංකීර්ණ ශල්‍යකර්ම හැකියාවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය‍ය ක්ෂේත්‍රයේ ප්‍රමිතිය ඉහළ නංවමින් මෙම ආයතනය ගෙනයන ඉදිරි ගමන් මඟ ද මෙයින් පෙන්නුම් කරනවා.” ‍යනුවෙන් අදහස් දැක්වීය.

වත්තල හේමාස් රෝහලේ දී සාර්ථකව සිදුකළ ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කම, සායනික සත්කාරක ක්ෂේත්‍රයේ විශාල ඉදිරි පියවරක් මෙන්ම මෙරට වඩාත්ම අවදානම් සහිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමේ ශ්‍රී ලංකාවේ හැකියාව ශක්තිමත් කිරීමක් ද නියෝජනය කරයි.
විශේෂඥ වෛද්‍ය දැනුම, නවීන තාක්ෂණය, කැප වූ යටිතල පහසුකම් සහ බහුවිධ සෞඛ්‍ය සේවාවන් එක් අරමුණක් වෙනුවෙන් එක්තැන් වූ විට කුමක් කළ හැකි ද යන්න මෙයින් මැනවින් පෙන්නුම් කරයි. එනම් රෝගීන්ට අවශ්‍ය සත්කාරයන්, අවශ්‍ය වේලාවේදීම ලබා ගැනීමට ඇති අවස්ථාව සැලසීමයි.

ශ්‍රී ලංකාවේ දරුණු අක්මා රෝගවලින් පීඩා විඳින දරුවන්ට මෙමඟින් ලැබෙන්නේ තවත් බලාපොරොත්තුවකි. එනම්, වෙනත් රටවලට නොගොස් තමන් උපන් බිමේදීම ප්‍රතිකාර ලබා ගැනීමට ඇති අවස්ථාවයි.

MostRead

වීඩියෝපුවත්

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%