
2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ රුපියල් බිලියන 2,402ක වාර්ෂික ආදායම් ඉලක්කය ඉක්මවා යමින්, 2026 නොවැම්බර් 16 වන විට රුපියල් බිලියන 2441.9 ක ආදායමක් රැස් කරගැනීමට දෙපාර්තමේන්තුව සමත් වී ඇත. මෙය රජයේ ආදායම් රැස් කිරීමේ ප්‍රයත්නයන්හි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
2025 නොවැම්බර් 16 දිනට සාපේක්ෂව 2026 නොවැම්බර් 16 දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිපුර රුපියල් බිලියන 491 කින් තම ආදායම් ඉලක්කය සපුරාලීමට සමත් වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 115% වර්ධනයකි. මෙම සාර්ථකත්වය තුළින් බදු පරිපාලනයේ ශක්තිමත්භාවය, බදු ආදායම් රැස් කිරීමේ කාර්යක්ෂමතාවය සහ බදු නීති හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමට ජනතාව තුළ ඇති ඉහළ නැඹුරුව පිළිබිඹු වේ.



















