
ටෝකියෝ සිමෙන්ති ප්‍රජා සවිබල වැඩසටහනින් මුතූර්, වෙරුගල් සහ සේරුවිල ප්‍රදේශවල පවුල් 15කට නව නිවාස
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නැගෙනහිර පළාතේ ඇතිවූ ගංවතුරින් පීඩාවට පත් ජනජීවිත යළි ගොඩනැංවීමට සුවිශේෂී දායකත්වයක් සපයමින්, සම්පූර්ණයෙන් නිවාස විනාශ වූ පවුල් 15ක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වටිනා නව නිවාස ව්‍යාපෘතියක් ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් දියත් කර ඇත. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මුතූර්, වෙරුගල් සහ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම නිවාස ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරේ. ස්වාභාවික විපත්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට යළි නැගී සිටීමට සහාය වෙමින්, ඉන් අසරණ වූ පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදීම මෙහි අරමුණයි.
මුතූර් සහ වෙරුගල් ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියේ පළමු අදියරේ සාර්ථක නිමාව සනිටුහන් කරමින්, මුතූර් ප්‍රදේශයේ පවුල් පහක් වෙත නව නිවාසවල යතුරු නිල වශයෙන් භාර දීමේ උත්සවය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතාගේ සහභාගීත්වයෙන් නොබෝදා පැවැත්විණි. මෙම අවස්ථාවට, ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරී, වී. එම්. රවින්තිරකුමාර් මහතා, මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්/සහකාර ඒජන්ත, එම්.එස්.එෆ්. රොෂානා මහත්මිය, නැගෙනහිර පළාත් නිවාස අධිකාරියේ සභාපති ඉංජිනේරු සුගුමාරන් මහතා, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ත්වාරගන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් ද සහභාගීව සිටියහ.
ප්‍රතිලාභී පවුල් සඳහා ආරක්ෂිත සහ සුවපහසු ජීවන පරිසරයක් සලසාදෙමින් ඉදිකරනු ලබන නිවාස පහළොව එක් මහලකින් සහ නිදන කාමර දෙකකින් සමන්විත වන අතර, විදුලිය සහ ජලය ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම්වලින් ද අංගසම්පූර්ණ වේ. ව්‍යාපෘතියේ දෙවන පියවර මේ වන විට අවසන් අදියරට ළඟා වී ඇති අතර, එම නිවාස නොවැම්බර් මාසයේදී ප්‍රතිලාභීන් වෙත භාරදීමට නියමිතය.
ව්‍යාපෘතියේ මීලඟ සන්ධිස්ථානය සනිටුහන් කරමින්, තෙවන අදියරේ ඉතිරි නිවාස පහ සඳහා මුල්ගල් තැබීමේ උත්සවය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සහ ටෝකියෝ සිමෙන්ති සමූහයේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සේරුවිල ප්‍රදේශයේ දී එදිනම පැවැත්විණි. මෙම අවස්ථාවට ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරී, වී. එම්. රවින්තිරකුමාර් මහතා, සෙරුවාවිල ප්‍රාදේශීය සභාවේ සභාපති තුෂාර සම්පත් මහතා, නැගෙනහිර පළාත් නිවාස අධිකාරියේ සභාපති ඉංජිනේරු සුගුමරන් මහතා, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ඉංජිනේරු තුවරගන් මහතා, සෝමපුර මැදගම ග්‍රාමනිලධාරිනිය ඇතුළු ප්‍රාදේශීය රාජ්‍ය ආයතන රැසක නියෝජිතයෝ ද සහභාගී වූහ.
මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා නැගෙනහිර පළාත් නිවාස අධිකාරිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව වඩාත්ම සුදුසුකම් ලත් ප්‍රතිලාභී පවුල් හඳුනා ගැනීමට සහාය විය. ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලාවේ සිවිල් ඉංජිනේරු කණ්ඩායම විසින් රජයේ බලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් මෙම ව්‍යාපෘතිය කළමනාකරණය කර ක්‍රියාත්මක කරනු ලබයි. එමඟින් මෙම පුළුල් සමාජ සත්කාරක වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කෙරේ.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගං වතුරෙන් නිවාස අහිමි වූ පවුල්වලට කඩිනමින් ස්ථිර නිවාස ලබාදීමේ අවශ්‍යතාව සපුරාලන අතරම නැගෙනහිර පළාතේ තිරසාර සංවර්ධනයට සවිමත් පදනමක් සපයා දීමට ද මෙම නිවාස ව්‍යාපෘතිය සමත් වනු ඇත. ග්‍රාමීය නිවාස අවශ්‍යතාව සපුරාලීමෙන් ඔබ්බට යමින්, ස්වාභාවික ව්‍යසනයන්ගෙන් බලපෑමට ලක් වූ පවුල්වලට තම ජීවිත යළි ගොඩනංවාගැනීමට ශක්තියක් වෙමින් එම පවුල්වල ආර්ථික ස්ථාවරත්වය නැවත ප්‍රතිස්ථාපනයට සහාය වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ප්‍රජා සංවර්ධනය සහ රටේ ආර්ථීක ප්‍රගමනය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති ආශ්‍රිත අගය එකතු කළ ගොඩනැගිලි ද්‍රව්‍ය නිශ්පාදකයා වන ටෝකියෝ සිමෙන්ති සමූහයේ ඇති කැපවීම මෙම දූරදර්ශී ආයෝජනයෙන් පිළිබිඹුවේ. දිවයින පුරා පැතිරුනු තම නිෂ්පාදන මෙහෙයුම් ජාලයේ කොටස්කරුවන් වන සියළු ප්‍රජාවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ නැවත ආයෝජනය කරමින් ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම දී ඇති ආයතනික ප්‍රතිඥාව මෙම වැඩසටහන හරහා යළිත් තහවුරු වේ.



















