
කොළඹ කොටස් වෙළෙඳපොළට පැමිණි නවතම සමාගම ලෙසින්, Falcon Valley Hydro Limited (FVHP) සමාගම, පසුගිය දා (16) සිය ලැයිස්තුගත වීම සම්පූර්ණ කරන ලදී.
Falcon Valley Hydro Limited යනු පුනර්ජනනීය බලශක්ති ජනන සමාගමකි.
ඒ අනුව Falcon Valley Hydro Limited (FVHP) සමාගමේ, සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 16,000,000ක් (FVH.N0000) කොළඹ කොටස් හුවමාරුවේ (CSE) 'Empower Board' (එම්පවර් බෝඩ්) වෙත හඳුන්වා දීමේ ක්‍රමවේදය (Introduction method) අනුව ලැයිස්තුගත කෙරුණි.
මෙම නව සමාගම් ලැයිස්තුගත කිරීමේ ඉසව්ව, කොළඹ කොටස් හුවමාරු දී සංකේතාත්මකව සීනුව නාද කිරීමේ උත්සවයකින් සනිටුහන් කරන ලදී.
ඒ සඳහා Falcon Valley Hydro Limited හි සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී විය.



















