header logo

Daily Exchange Rates

Nov 18, 2026
Top News
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේ දී බදු පසු ලාභයේ 40.5%ක වර්ධනයක් වාර්තා කරයි
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේ දී බදු පසු ලාභයේ 40.5%ක වර්ධනයක් වාර්තා කරයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. (Janashakthi Finance PLC) 2026 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස හයක කාලසීමාව සඳහා රුපියල් මිලියන 198.6 ක විගණනය නොකළ බදු පසු ලාභයක් වාර්තා කර ඇත. මෙය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා කළ රුපියල් මිලියන 141.3 ට සාපේක්ෂව 40.5% ක වර්ධනයකි.

පෙර වසරේ මුල් මාස 6 ට සාපේක්ෂව මෙම වසරේදී සමාගමේ ණය සහ තැන්පතු වටිනාකම්වල වර්ධනයක් මෙන්ම ශුද්ධ මෙහෙයුම් ආදායමේ වර්ධනයක්ද වාර්තා වී තිබේ. පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි අඛණ්ඩව අවධානය යොමුකරමින්, සුපරීක්ෂාකාරී වර්ධනයක් සමඟ තිරසාර ලාභාදායීත්වයක් වාර්තා කරමින් මෙම ප්‍රගතිය ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යාම සමාගමේ අරමුණ වී ඇත. 

සමාගමේ බදු පෙර ලාභය 1.9% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 245.6 ක් ලෙස වාර්තා වී ඇති අතර, ශුද්ධ මෙහෙයුම් ආදායම 11.0% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 1,591.7 ක් ලෙස වාර්තා වී තිබේ. 2026 සැප්තැම්බර් 30 දින වන විට ණය සහ අයවිය යුතු මුදල්වල මුළු වටිනාකම රුපියල් බිලියන 32.94 ක් වූ අතර, එය 2025 සැප්තැම්බර් 30 දිනට සාපේක්ෂව 23.5% ක වර්ධනයකි. එම කාලසීමාව තුළ සමාගමේ තැන්පතුවල මුළු වටිනාකම රුපියල් බිලියන 19.36 ක් දක්වා 14.7% කින් වර්ධනය වී තිබේ.

2026/27 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා ජනශක්ති ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 108.2 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එය ඊට පෙර කාර්තුවේ වාර්තා වූ රුපියල් මිලියන 90.4 ට සාපේක්ෂව 19.7% ක වර්ධනයකි. ශුද්ධ මෙහෙයුම් ආදායම 10.0% කින් අඩු වී රුපියල් මිලියන 754.0 ක් ලෙස වාර්තා වූ අතර, බදු පෙර ලාභය 22.3% කින් පහළ ගොස් රුපියල් මිලියන 107.3 ක් ලෙස වාර්තා විය.

මෙම කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වමින්ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මෙසේ පැවසීය: “මෙම ප්‍රතිඵල මගින් වගකීම්සහගත වර්ධනයක් පවත්වාගෙන යාම කෙරෙහි අප දක්වන අවධානය මැනැවින් පිළිබිඹු වනවා. පාරිභෝගික අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන අතරම, අපගේ පාර්ශ්වකරුවන් සියලුම දෙනාට දීර්ඝකාලීනව ප්‍රතිලාභ පිරිනමන ශක්තිමත් සහ තිරසාර මූල්‍ය ආයතනයක් ගොඩනැංවීම අපගේ ප්‍රධානතම ඉලක්කයයි.”

ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා මෙසේ පැවසීය: “මෙම අර්ධ වාර්ෂික කාර්යසාධනය ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ ණය සහ තැන්පතු පදනම අඛණ්ඩව පුළුල් වීමේ ප්‍රවණතාව මැනැවින් පිළිබිඹු කරනවා. සැලසුම් විධිමත් ලෙස ක්‍රියාවට නැංවීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණය ඔස්සේ මෙම වර්ධනය තිරසාර ඉපැයුම් බවට පරිවර්තනය කරන අතරම, අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙනස් වෙමින් පවතින අවශ්‍යතා අඛණ්ඩව සපුරාලීම අපගේ අරමුණයි.”

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%