header logo

Daily Exchange Rates

Nov 26, 2026
Top News
ශ්‍රී ලංකාවට ආයෝජකයෝ ගෙන එන්න තානාපතිවරුන්ට ඉලක්ක ලබාදෙයි
ශ්‍රී ලංකාවට ආයෝජකයෝ ගෙන එන්න තානාපතිවරුන්ට ඉලක්ක ලබාදෙයි

එළඹෙන 2027 වසර ආරම්භයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා EXPO 2027 ජාත්‍යන්තර වෙළෙඳ‌ ප්‍රදර්ශනය සඳහා මෙරටට ආයෝජකයින් සහ ගැනුම්කරුවන් රැගෙන ඒමට විදේශ රටවල සිටින මෙරට තානාපතිවරුන්ට ඉලක්ක ලබා දී ඇති බවත්, එම ඉලක්ක නිතිපතා සමාලෝචනය කරන බවත්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා EXPO 2027 සඳහා කොපමණ විදෙස් ආයෝජකයින් පිරිසක් බලාපොරොත්තු වන්නේදැයි යනුවෙන් ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අපනයන සංවර්ධන මණ්ඩල සභාපතිවරයා මේ බව පැවසීය. 2026 ඔක්තොබර් මාස‌යේ ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රගතිය ප්‍රකාශ කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා,

“මේ වෙන කොට රටවල් 70කට වැඩි ප්‍රමාණයක් අපිට දැන් කැමැත්ත දක්වලා තියෙනවා. රටවල් වශයෙන් ගත්තොත් විශාල පරිමාණයේ රටවල්. ජපානය, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, එංගලන්තය, හැම රටකින්ම වාගේ. අපි ඉලක්කයක් දීලා තියෙනවා, අපේ සියලුම තානාපතිවරුන්ට මෙන්න මේ ප්‍රමාණය ලංකාවට ආයෝජකයෝ හා ගැනුම්කරුවෝ ගෙන්න ගන්න. ඒ ප්‍රගතිය අපි හැම මාසෙකම විදේශ කටයුතු ඇමතිතුමාගේ මූලික මැදිහත්වීඹ යටතේ කර්මාන්ත ඇමතිතුමාගේ මූලික මැදිහත්වීම යටතේ මාස්පතා ඒ ප්‍රතිඵල සමාලෝචනය කරනවා.”

“ඊට අමතරව අපි දිනපතා අපනයන සංවර්ධන මණ්ඩලය වෙත හැම විදේශ දූත කණ්ඩායමක් සමඟම virtual meetings හරහා ප්‍රගතිය සමාලෝචනය කරනවා. මේ වෙනාකොට රටවල් 70කට වැඩි ප්‍රමාණයක, 800ක වැඩි ප්‍රමාණයක් ලංකාවට එන්න සූදානම්.”

ශ්‍රී ලංකා EXPO 2027 ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය 2027 ජනවාරි 14 සිට 17 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය. 

MostRead

වීඩියෝපුවත්

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%