header logo

Daily Exchange Rates

Nov 26, 2026
Corporate News
AMDT School of Creativity නිර්මාණශීලී ශ්‍රී ලාංකේය හෙට දවසක් ගොඩනැගීමේ වසර 21ක විශිෂ්ටත්වය සමරයි
AMDT School of Creativity නිර්මාණශීලී ශ්‍රී ලාංකේය හෙට දවසක් ගොඩනැගීමේ වසර 21ක විශිෂ්ටත්වය සමරයි

නිර්මාණශීලී රැකියා පිළිබඳ සාම්ප්‍රදායික අදහස් වෙනස් කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි නවමු අනාගතයකට මඟ පෙන්වයි

AMDT School of Creativity ශ්‍රී ලාංකේය විශිෂ්ටයින් බිහිකිරීමේ හා නිර්මාණශීලී කර්මාන්ත දියුණු කිරීමේ දායකත්වය ඇගයීමට ලක් කරමින් සිය 21 වසරක මෙහෙවර පසුගියදා සමරනු ලැබීය.

නිර්මාණශීලී අධ්‍යාපනය සහ රැකියා පිළිබඳ සමාජයේ තිබූ සාම්ප්‍රදායික අදහස් වෙනස් කිරීමේ අරමුණින් 2005 වසරේදී ආරම්භ කෙරුණු AMDT ආයතනය ආරම්භයේදී නිර්මාණශීලී අධ්‍යාපනය පමණක් ලබා දුන් ආයතනයක් විය. එහෙත් අද වන විට විවිධ ක්ෂේත්‍ර එකට එක් කළ පුළුල් අධ්‍යාපන ආයතනයක් බවට පත්ව ඇති එය අනාගතයට ගැළපෙන, රැකියා වෙළෙඳපොළට සූදානම් නිර්මාණශීලී පිරිසක් බිහි කිරීම සඳහා නිර්මාණශීලීත්වය, තාක්ෂණය සහ ව්‍යාපාරික දැනුම සිසු සිසුවියන් වෙත ලබා දෙමින් සිටියි.

21 වසරක් තිස්සේ සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් පරම්පරා ගණනාවක සිසුන්, ආදි සිසුන්, ගුරුවරුන්, කාර්ය මණ්ඩලය සහ කර්මාන්ත හවුල්කරුවන් AMDT වෙත ලබා දී ඇති සහයෝගය අති මහත්ය. එය ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී අධ්‍යාපනය හා අනාගතය වෙනුවෙන් දැක්වූ කැපවීමකි.  

තාක්ෂණය, කර්මාන්ත ක්‍රමවේද සහ ගෝලීය ඉල්ලු‍ම නිසා නිර්මාණශීලී රැකියා ක්ෂේත්‍රය අද වේගයෙන් වෙනස් වෙමින් පවතී. කාලයට ගැළපෙන අයුරින් සිය ඉගැන්වීමේ ක්‍රම වේදයන් වෙනසකට ලක් කරමින් නව්‍ය අධ්‍යාපන රටාවක් වෙත පිය නඟමින් සිටින්නේ නව පරපුරට වඩා හොඳ නිර්මාණශීලී අධ්‍යාපනයක් උරුම කර දෙමිනි.  ඔවුන්ගේ මෙම නව අධ්‍යාපන වැඩපිළිවෙළට දැන් නිර්මාණකරණය (Design), විලාසිතා (Fashion), සජීවීකරණය (Animation), සිනමාව සහ මාධ්‍ය (Film and Media), නිර්මාණශීලී පරිගණකකරණය (Creative Computing) සහ ව්‍යාපාරික නවෝත්පාදන (Business Innovation) යන ක්ෂේත්‍ර ඇතුළත් වේ.

ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහ අධ්‍යාපනික හවුල්කාරිත්වයන් හරහා AMDT ආයතනයේ අධ්‍යාපන ගමන තවත් ශක්තිමත් වී ඇත. Pearson විසින් පිළිගත් අධ්‍යාපන ආයතනයක් වන AMDT ආයතනය එහි පදනම් සහ උසස් ජාතික සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා මෙරට සිසු සිසුවියන් වෙත උදා කර දී ඇත. එමෙන්ම 2019 වසරේදී Falmouth විශ්වවිද්‍යාලය සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය, බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා පුළුල් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකිය.
මෙම ගමන තව දුරටත් ඉදිරියට ගෙන යමින්, AMDT,  University of East London (UEL) සමඟ ඇති කරගත් නව හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලාංකික සිසුන්ට මෙරට සිටම ජාත්‍යන්තරව පිළිගත් උපාධි සහ පශ්චාත් උපාධි හැදෑරීමට තවත් නව අවස්ථා උදා කර දීමට සමත්ව ඇත.

21 වසරක මෙම විශිෂ්ට ගමන පිළිබඳව අදහස් දැක්වූ AMDT School of Creativity හි නිර්මාතෘ, විධායක නිර්මාණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සතීෂ් කුමාර් මහතා “වසර 21ක් යනු තවත් එක් සන්ධිස්ථානයක් ලෙස සැලකිය නොහැකියි. AMDT ආයතනය නිර්මාණශීලී රැකියා පිළිබඳව මිනිසුන්ගේ දැක්ම වෙනස් කිරීම හා නව අවස්ථා උදා කර ගැනීම සඳහා ආරම්භ කළ බව මතක් කර දෙන සුවිශේෂී අවස්ථාවක් ලෙසත් මෙය පෙන්වා දිය හැකියි. අපගේ එම දැක්ම අධ්‍යාපනයෙන් ඔබ්බට ගෙන යමින් කර්මාන්ත ගොඩනැඟීමට මෙන්ම නවෝත්පාදන බිහි කිරීමටත් ඒ හරහා ශ්‍රී ලංකාවේ අනාගතයට දායක වීමටත් නිර්මාණශීලීත්වයට විශාල ශක්තියක් වන බව අපි විශ්වාස කරනවා.” යනුවෙන් පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ “අනාගතය දෙස බලන විට, ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී ආර්ථිකය ශක්තිමත් කිරීමට මීට වඩා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට අපි බලාපොරොත්තු වනවා. එසේම නිර්මාණශීලී කර්මාන්ත දියුණු කිරීම, ජාත්‍යන්තර මට්ටමින් තරඟ කිරීම, රටට වැදගත් ආර්ථික හා සංස්කෘතික වටිනාකමක් එකතු කිරීම සඳහා අවශ්‍ය දක්ෂතා, හැකියාවන්, ව්‍යවසායකත්ව චින්තනය සහ නවෝත්පාදන ගොඩනැඟීමට සහාය වීම අපගේ අරමුණ වී තිබෙනවා. AMDT ආයතනයේ මීළඟ පියවර විය යුත්තේ පිරිසක් අනාගතයට සූදානම් කිරීම පමණක් නොව, ඒ අනාගතය නිර්මාණය කිරීමට ඔවුන්ට ශක්තිය ලබා දීම බව අපි තරයේ විශ්වාස කරනවා.” යනුවෙනි.

හෙට දවසේදී අධ්‍යාපනය, කර්මාන්ත, පර්යේෂණ, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය අතර ඇති සම්බන්ධතාව තව දුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින AMDT ආයතනය තරගකාරී හා ජාත්‍යන්තරව පිළිගත් නිර්මාණශීලී ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට අරමුණු කොට ගෙන ඇත.  

තවත් ඡායාරූප
more-image-0
more-image-1
more-image-2

MostRead

වීඩියෝපුවත්

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%