header logo

Daily Exchange Rates

Nov 26, 2026
Corporate News
ශ්‍රී ලංකාවේ මුද්‍රණ තාක්ෂණයට නව අත්දැකීමක් එක් කරමින් Deli හා Assidua Technologies නව මාවතකට එළබෙයි
ශ්‍රී ලංකාවේ මුද්‍රණ තාක්ෂණයට නව අත්දැකීමක් එක් කරමින් Deli හා Assidua Technologies නව මාවතකට එළබෙයි

චීනයේ ප්‍රමුඛ පෙළේ මුද්‍රණ යන්ත්‍ර සන්නාමයක් වන Deli ශ්‍රී ලංකාවේ කාර්යාල ස්වයංක්‍රීයකරණ සහ තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළ තුළ සිය ව්‍යාපාර තව දුරටත් පුළුල් කිරීමේ අරමුණෙන් වසර 15ක වෙළෙඳපොළ හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත Assidua Technologies සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළැඹ තිබේ. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සිය ව්‍යාපාර ජාලය අඛණ්ඩව ව්‍යාප්ත කරමින් සිටින Deli සන්නාමය ලිපි ද්‍රව්‍ය සහ මෙවලම් නිෂ්පාදනයෙන් ඉදිරියෙන් සිටින සමාගමක් වන අතර එයින් ඔබ්බට යමින් කාර්යාල ස්වයංක්‍රීයකරණ ක්ෂේත්‍රය වෙතද සිය අවධානය යොමු කර ඇත. ඒ අනුව ව්‍යාපාර ආයතන, අධ්‍යාපන ආයතන සහ තනි පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සැපිරීම සඳහා නවීන මුද්‍රණ විසඳුම් හඳුන්වා දීමට සමාගම කටයුතු කරමින් සිටී. නවෝත්පාදනය, කාර්යක්ෂමතාව සහ භාවිතයේ පහසුව මූලික කර ගනිමින් නිර්මාණය කර ඇති Deli මුද්‍රණ යන්ත්‍ර එදිනෙදා මුද්‍රණ කටයුතු සරල කරමින් ඵලදායිතාව ඉහළ නැංවීමට උපකාර වේ.

මෙම හවුල්කාරිත්වය සඳහා Assidua Technologies සමාගම සිය පුළුල් කර්මාන්ත අත්දැකීම්, තාක්ෂණ විශේෂඥතාව සහ පාරිභෝගික සේවාව පිළිබඳ කැපවීම එක් කරයි. සමූහ ව්‍යාපාරයේ ගරු සභාපති ධූරය හොබවන වෙන්ගඩසාලම් නඩරාජා මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන එම සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිය ව්‍යාපාර කටයුතු විවිධාංගීකරණය කරමින් නව ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ තාක්ෂණ වෙළෙඳපොළේ වෙනස් වන අවශ්‍යතාවලට අනුගත වීමටත් පියවර ගනිමින් සිටී. වසර 15ක අත්දැකීම් සම්භාරය, දේශීය තාක්ෂණ විශේෂඥතාව සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව සමඟ Deli මුද්‍රණ විසඳුම් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වා දීමට මෙම හවුල්කාරිත්වය ශක්තිමත් පදනමක් සපයයි. මෙම හවුල්කාරිත්වය පිළිබඳව Assidua Technologies සමාගමේ අධ්‍යක්ෂ සදීෂ්කුමාර් මහතා මෙසේ පැවසීය. “මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට නවීන, විශ්වාසනීය මුද්‍රණ විසඳුම් හඳුන්වා දීමට ලැබුණු සුවිශේෂ අවස්ථාවක්. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට සැපැයීම පමණක් නොව එම නිෂ්පාදන විශ්වාසයෙන් යුතුව භාවිත කිරීමට අවශ්‍ය තාක්ෂණ විශේෂඥ සහාය සහ සේවා පහසුකම් දීප ව්‍යාප්තව සැපැයීමයි.” Deli සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු ඇඩම් හුසේන් මහතා මෙසේ සඳහන් කළේය. “අපගේ කාර්යාල ස්වයංක්‍රීයකරණ සහ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන පෙළ ජාත්‍යන්තර වශයෙන් පුළුල් කිරීමේදී ශ්‍රී ලංකාව අපට වැදගත් වෙළෙඳපොළක්. Assidua Technologies සමාගම සමඟ ඇති කර ගත් මෙම හවුල්කාරිත්වය හරහා ප්‍රායෝගික, නවෝත්පාදනීය සහ භාවිතයට පහසු මුද්‍රණ විසඳුම් මෙරට පාරිභෝගිකයන්ට සමීප කිරීමට හැකි වෙනවා. ඒ සඳහා දේශීය තාක්ෂණ සේවා කණ්ඩායමක සහායද හිමි වෙනවා.” Deli සන්නාමය කාර්යාල ස්වයංක්‍රීයකරණ සහ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය තව දුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම හවුල්කාරිත්වය සැළැකිය හැකිය. ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන නවෝත්පාදනය සහ Assidua Technologies සමාගමේ දේශීය වෙළෙඳපොළ පිළිබඳ දැනුම හා සේවා හැකියා එක් වීම තුළින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් පුළුල් තේරීම්, පහසුකම් සහ විශ්වාසනීය මුද්‍රණ විසඳුම් ලැබෙනු ඇත.

MostRead

වීඩියෝපුවත්

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%