header logo

Daily Exchange Rates

Nov 26, 2026
Top News
9 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ විශේෂ ගෞරවනීය රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව ඓතිහාසික නියෝජනයක් සනිටුහන් කරයි
9 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ විශේෂ ගෞරවනීය රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව ඓතිහාසික නියෝජනයක් සනිටුහන් කරයි

2026 නොවැම්බර් 5 සිට 10 දක්වා චීනයේ ෂැංහායි හි ජාතික ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වූ 9 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ (CIIE 2026) විශේෂ ගෞරවනීය රාජ්‍යය (Guest Country of Honour) ලෙස සහභාගී වෙමින් ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන සහ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම ගෞරවනීය ඇගයීම ශ්‍රී ලංකාවේ වර්ධනය වන ජාත්‍යන්තර පැවැත්ම ඉස්මතු කළ අතර, එහි අපනයන විශිෂ්ටත්වය, ආයෝජන අවස්ථා, ජාතික අනන්‍යතාවය සහ පොහොසත් සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් වේදිකාවක් සැපයීය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ෂැංහායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය සමඟ එක්ව මෙම සහභාගීත්වය සංවිධානය කරන ලදී. මෙය චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමේ ඒකාබද්ධ ජාතික ප්‍රයත්නයක් නිරූපණය කළේය. 2018 වසරේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව CIIE ප්‍රදර්ශනය සඳහා අඛණ්ඩව සහභාගී වී ඇති අතර, කැනඩාව සමඟින් විශේෂ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ඇගයීමට ලක්වීම විශේෂයෙන්ම වැදගත් විය.

"Your Vital Island" යන ජාතික අපනයන සන්නාමය යටතේ ප්‍රවර්ධන තේමාව යටතේ, වර්ග මීටර් 252 කින් යුත් ජාතික මණ්ඩපයක් (National Country Pavilion) හරහා ශ්‍රී ලංකාව සිය අනන්‍ය ශක්තීන් ඉදිරිපත් කළේය. මෙම මණ්ඩපය සඳහා EDB, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා හස්තකර්මාන්ත මණ්ඩලය (ලක්සල) යන ප්‍රධාන රාජ්‍ය ආයතන පහ එක්ව සිටියහ. එහිදී ලංකා තේ, ලංකා කුරුඳු ඇතුළු අනෙකුත් කුළුබඩු, වටිනා මැණික් හා ස්වර්ණාභරණ, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කොහු නිෂ්පාදන සහ සාම්ප්‍රදායික හස්තකර්මාන්ත ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් නිෂ්පාදන ප්‍රදර්ශනය කෙරිණි.

චීන උප අගමැති ඩිං ෂුඑක්සියාං (H.E. Ding Xuexiang) මහතා ශ්‍රී ලංකා මණ්ඩපයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීම මෙහි විශේෂ කැපී පෙනෙන සිදුවීමක් වූ අතර, එය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර දෘශ්‍යමානතාවය සහ සහභාගීත්වයේ වැදගත්කම තවදුරටත් ඉහළ නැංවීය.ජාතික මණ්ඩපයට අමතරව, ආහාර හා කෘෂිකර්ම සහ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සමාගම් 16 ක් ව්‍යවසාය මණ්ඩපයට (Enterprise Pavilion) සහභාගී විය. ඔවුන්ගේ සහභාගීත්වය චීන සහ ජාත්‍යන්තර මිලදී ගන්නන් සමඟ සම්බන්ධ වීමට, විභව බෙදාහරින්නන් හඳුනා ගැනීමට, ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ නව වෙළඳපල අවස්ථා ගවේෂණය කිරීමට වටිනා අවස්ථාවන් සපයා දුන්නේය. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමිය, අපනයනය සංවර්ධන මණ්ඩලයේ සභාපති ,ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති,ඇතුළු නියෝජිතයන් සහභාගී වූහ.එහිදී ශ්‍රි ලංකා නියෝජිත කණ්ඩායම චීන රජයේ නියෝජිතයන්,ව්‍යාපාරික නායකයන් සහ විභව ආයෝජකයින් සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කළහ.

2026 නොවැම්බර් 6 වන දින පැවැති CIIE සංස්කෘතික රාත්‍රියේදී ශ්‍රී ලංකාව සිය සංස්කෘතික උරුමය ද ප්‍රදර්ශනය කළ අතර, ඒ සඳහා සම්භාවනීය අමුත්තන් 650 දෙනෙකු පමණ සහභාගී වූහ. චන්දන වික්‍රමසිංහ සහ නර්තන පදනම (Dancers' Guild) විසින් ඉදිරිපත් කරන ලද සාම්ප්‍රදායික "උකුසා වන්නම" ඇතුළු සංස්කෘතික අංග මෙහිදී ඉදිරිපත් කෙරිණි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සැමරූ අතර, ආර්ථික සහයෝගීතාවයට අමතරව සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ජනතාව අතර පවතින සබඳතාවල වැදගත්කම ද ඉස්මතු කළේය.

ශ්‍රී ලංකාවේ සහභාගීත්වයේ තවත් වැදගත් අරමුණක් වූයේ, චීන මිලදී ගන්නන්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ ආයෝජකයින් අතර "Sri Lanka Expo 2027" ප්‍රවර්ධනය කිරීමයි. එමඟින් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණ එහි අපනයන හැකියාවන් ගවේෂණය කිරීමට සහ දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට ආරාධනා කෙරිණි. 2025 වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.2 ක් පමණ වූ අතර (ඊට ඇමෙරිකානු ඩොලර් මිලියන 278.58 ක පමණ ශ්‍රී ලංකා අපනයන ඇතුළත් වේ), අපනයන තවදුරටත් විවිධාංගීකරණය කිරීමට සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීමට CIIE ප්‍රදර්ශනය වටිනා අවස්ථාවක් ලබා දුන්නේය.

CIIE 2026 හි විශේෂ ගෞරවනීය රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව සහභාගී වීම යනු කීර්තිමත් ජාත්‍යන්තර ප්‍රදර්ශන ජයග්‍රහණයකට වඩා වැඩි යමක් නිරූපණය කිරීමකි. එයින් ගෝලීය වෙළඳ හවුල්කාරිත්වයන් පුළුල් කිරීමට, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලාංකික ව්‍යවසායයන් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට රට සතු කැපවීම පෙන්නුම් කරයි. ශක්තිමත් ආයතනික නියෝජනය, පෞද්ගලික අංශයේ සහභාගීත්වය සහ සංස්කෘතික ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාව සොයා ගන්න, ශ්‍රී ලංකාවෙන් ලබා ගන්න, ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න සහ වාසිදායක හවුල්කාරිත්වයන් ගොඩනැගීමට Sri Lanka Expo 2027 සමඟ එක්වන්න යන ප්‍රබල පණිවිඩය ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව වෙත ලබා දුන්නේය.

තවත් ඡායාරූප
more-image-0

MostRead

වීඩියෝපුවත්

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%