header logo

Daily Exchange Rates

Nov 26, 2026
Top News
චීන EV තර්ජනයට මුහුණ දීමට ටොයෝටා, හොන්ඩා, නිසාන්, මැස්ඩා ඇතුළු ජපානයේ මෝටර් රථ නිෂ්පාදකයින් 14ක් එකට එක්වෙති
චීන EV තර්ජනයට මුහුණ දීමට ටොයෝටා, හොන්ඩා, නිසාන්, මැස්ඩා ඇතුළු ජපානයේ මෝටර් රථ නිෂ්පාදකයින් 14ක් එකට එක්වෙති

වේගයෙන් වර්ධනය වන චීන විදුලි (EV) වාහන නිෂ්පාදකයින්ගෙන් එල්ල වන දැඩි තරගකාරීත්වයට මුහුණ දීම සහ ජපන් මෝටර් රථ කර්මාන්තයේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් ජපාන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමයේ (Japan Automobile Manufacturers Association - JAMA) සාමාජිකයින් වන ටොයෝටා, හොන්ඩා, නිසාන්, මැස්ඩා, සුබාරු, සුසුකි සහ මිට්සුබිෂි ඇතුළු සියලුම මෝටර් රථ සන්නාම 14 ම, ජපාන රථ වාහන අමතර කොටස් කර්මාන්ත සංගමය (Japan Auto Parts Industries Association - JAPIA) සමඟ එක්ව ඓතිහාසික ඒකාබද්ධ වැඩපිළිවෙලකට එළඹ තිබේ.

මෙම එකඟතාව යටතේ වාහනවල බාහිරට නොපෙනෙන, එක් එක් සන්නාමයන් විසින් අනුගමනය කරන ලද ඉංජිනේරුමය රීතීන්, නිෂ්පාදන පිරිවැය අධික ප්‍රධාන ද්‍රව්‍ය සහ අමතර කොටස් ආදිය සඳහා සමස්ත කර්මාන්තයටම පොදු වූ ප්‍රමිතීන් ස්ථාපිත කෙරේ. පර්යේෂණ හා සංවර්ධන (R&D) පිරිවැය ඉතිරි කර ගැනීම, නාස්තිය අවම කිරීම සහ ශ්‍රම හිඟයකට මුහුණ දෙන අමතර කොටස් සැපයුම්කරුවන්ට සහනයක් සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි.

ජපානයේ මෝටර් රථ ක්ෂේත්‍රය ප්‍රධාන කර්මාන්තයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ඇති වූ දැඩි අර්බුදකාරී හැඟීම මෙම පියවර ගැනීමට හේතු වූ බව JAMA හි සභාපති සහ ටොයෝටා සමාගමේ උප සභාපති කෝජි සාටෝ (Koji Sato) සඳහන් කළ බව ජපන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙහිදී ප්‍රමිතිකරණය කෙරෙන ප්‍රධාන අංශ 3 ක් හඳුනාගෙන ඇති අතර එහිදී මැස්ඩා සමාගමේ මෙහෙයවීමෙන් මෙතෙක් විවිධ සමාගම් වෙන වෙනම පවත්වාගෙන ගිය වානේ වර්ග සහ තත්ත්ව පරීක්ෂණ ප්‍රමිතීන් ජපන් යකඩ හා වානේ සම්මේලනය සමඟ එක්ව ඒකාබද්ධ කිරීමට තීරණය වී ඇත. තවද සුබාරු සමාගමේ මෙහෙයවීමෙන් ප්ලාස්ටික් වර්ග කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ වාහන අලුත්වැඩියාවේදී/වෙන්කිරීමේදී පහසු වන පරිදි සැලසුම් ප්‍රමිතිකරණය සිදුකිරීමට නියමිත අතර ටොයෝටා සමාගමේ මෙහෙයවීමෙන් දැනට පවතින විවිධ වයර් හානස් වර්ග 70,000 කට ආසන්න ප්‍රමාණය අවම කර, විදුලි වාහන (EV) සඳහා තැඹිලි වර්ණය වැනි පොදු වර්ණ සංකේත සහ බරින් අඩු ඇලුමිනියම් වයර් භාවිතය ප්‍රමිතිකරණය කරනු ලබනු ඇත.

මෙම ප්‍රමිතිකරණය ජපානයෙන් ආරම්භ වුවද, ගිනිකොනදිග ආසියානු (ASEAN) කලාපයේ මෝටර් රථ අමතර කොටස් ජාලයන්ටද මෙයින් සෘජු වාසි හිමිවේ. අමතර කොටස් නිෂ්පාදකයින්ට නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට, කර්මාන්තශාලා ස්වයංක්‍රීයකරණය ඉහළ නැංවීමට සහ නව නිෂ්පාදන සංවර්ධන කාලය කෙටි කර ගැනීමට මෙයින් අවස්ථාව ලැබේ.

විශේෂයෙන්ම, මෙම නව ජපන් ප්‍රමිතීන්ට අනුගත වීම සඳහා තායිලන්තය කටයුතු කරමින් සිටින අතර, ඉදිරි වසර 3-4 ඇතුළත ඩොලර් බිලියන 4.1 ක ආයෝජනයක් තායිලන්තයට ලැබීමට නියමිත බව තායිලන්ත ආයෝජන මණ්ඩලය තහවුරු කර ඇත.

මෙලෙස එකඟතාවයකට එළඹ ඇති මෝටර් රථ සන්නාම 14 පහත පරිදි වේ.

  • Daihatsu 
  • Hino 
  • Honda
  • Isuzu 
  • Kawasaki 
  • Mazda 
  • Mitsubishi Motors 
  • Mitsubishi Fuso 
  • Nissan 
  • Subaru 
  • Suzuki 
  • Toyota 
  • UD Trucks 
  • Yamaha 

MostRead

වීඩියෝපුවත්

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 26, 2026 - 04:43 PM

Share Volume

89,325,102

Turnover

2,654,114,337.70

ASPI

21,244.91

-70.93-0.33%%
S&P SL20

6,050.18

-12.65-0.21%%