header logo

Daily Exchange Rates

Nov 26, 2026
Top News
“ශ්‍රී ලංකා කුරුඳු” ජාතික භූගෝලීය දර්ශකයක් ලෙස ලියාපදිංචිය සම්පූර්ණ කරයි
“ශ්‍රී ලංකා කුරුඳු” ජාතික භූගෝලීය දර්ශකයක් ලෙස ලියාපදිංචිය සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකාවට ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින් 2022 පෙබරවාරි 02 වන දින ශ්‍රී ලංකා කුරුඳු භූගෝලීය දර්ශකයක් ලෙස යුරෝපා සංගමය විසින් ප්‍රසිද්ධ කර ඇත. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය දශකයකට ආසන්න කාලයක් පුරා රාජ්‍ය හා පෞද්ගලික හා කුරුඳු පාර්ශ්වකරුවන් සමඟ කරනු ලැබූ ව්‍යාපෘතියක් සාර්ථක භාවයට පත් කරමින් ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO) විසින් අපනයන සංවර්ධන මණ්ඩලය වෙත ලංකා කුරුඳු (Ceylon Cinnamon)  සඳහා ශ්‍රී ලංකාවේ පළමු භූගෝලීය දර්ශක (National Geographical Indication) සහතිකය ප්‍රදානය කිරීම සිදු විය.

භූගෝලීය දර්ශකයක් යනු යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් භූගෝලීය ප්‍රදේශයකින් ආරම්භ වී ඉහළ ගුණාත්මභාවයකින් වෙළඳපොළට සැපයෙන බව හඳුනා ගන්නා ලකුණකි. මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් සඳහා යුරෝපා සංගමය තුළ ලියාපදිංචි කළ ප්‍රථම භූගෝලීය දර්ශකය වන අතර, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ භෝගයක් වන කුරුඳු සඳහා මෙය ලබා ගැනීමට හැකිවීම  විශේෂත්වයක් වන අතර, එසේම මුළු ශ්‍රී ලංකාවම නියෝජනය කරමින් කුරුඳු සඳහා “Ceylon Cinnamon GI” ලබා ගැනීම අති විශාල ජයග්‍රහණයකි.

ලංකා කුරුඳු සදහා මෙම GI තත්ත්වය ලියාපදිංචියේ අරමුණ වන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ අලෙවි කෙරෙන ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් සහිත නිශ්පාදන අනෙකුත් ආදේශක වලින් වෙන්කර හඳුනා ගැනීමයි. මෙය ශ්‍රි ලංකාවට තරඟකාරී සහ වාසිදායක ලෙස ක්‍රියා කරන අතර එමඟින් වෙළඳපල විවිධත්වය, නිෂ්පාදන ප්‍ර‍මාණය වැඩි කිරීමට සහ පාරිභෝගිකයාගෙන් වැඩි මිලක් ලබාගැන්මට  ඉඩ සැලසේ. ඊට අමතරව යුරෝපා සංගම් වැනි සුවිශේෂී වෙළෙඳපොළ තුළ ලාංකික නිශ්පාදන සඳහා පවතින තරගකාරී තත්ත්වය ඉහළ නැංවීම, ශ්‍රී ලංකාව සඳහා අපනයන ඉහළ නැංවීම, අගය දාම සංවර්ධනය හරහා ඉහළ ආදායම් සහ රැකියා උත්පාදනය යන කරුණු සම්බන්ධයෙන් සාධනීය බලපෑමක් ඇති කරයි.

මෙම තත්වය ලබා ගැන්ම සඳහා ශ්‍රී ලංකාවේ යුරෝපිය සංගම් නියෝජිත කාර්යාලය, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ ලෝක වෙළඳ සංවිධානය (WTO) විසින්  තාක්ෂණික සහාය ලබා දුන් අතර නෙදර්ලන්තය පදනම් කරගත් වෙළඳ භාණ්ඩ සඳහා වන පොදු අරමුදල විසින් මුල්‍ය ආධාර ප්‍රදානය කරන ලදී. තවද ජාත්‍යන්තර මූල්‍ය සමිතිය (IFC) විසින් කුරුඳු , ක්ෂ්‍රේත්‍රයේ ප්‍රවර්ධන කටයුතු සහ පුහුණු කිරීම් වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය දක්වයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂි අපනයන භෝගයක් වන කුරුඳුවල අනන්‍යතාවය යුරෝපා වෙළඳපොළ තුළ තහවුරු කිරීම සඳහා ලංකා කුරුඳු භූගෝලීය දර්ශකය යුරෝපා සංගමයේ ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කළ අතර මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්ව කරුවන් වන විදේශ කටයුතු අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික බුද්ධිමය දේපල කාර්යාලය, කුළු බඩු සංගමය, කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරුවන්ගේ සංගමය යන පාර්ශ්ව සියල්ල ඒකාබද්ධව කටයුතු කරන ලදි.

GI තත්ත්වය ලබා ගැනීමේ පියවරක් ලෙස, දිවයිනේ කුරුඳු කර්මාන්තයේ සියලුම පාර්ශවකරුවන් නියෝජනය කරමින් ලංකා කුරුඳු සදහා වන ආරක්ෂිත භූගෝලීය දර්ශක සංගමය (Association for Ceylon Cinnamon protected Geographical Indication – (ACCPGI) පිහිටුවන ලදී. ලංකා කුරුඳු භූගෝලීය දර්ශක සංගමය (CCGIA) හි වගකීම වන්නේ GI පිරිවිතර ලේඛනයේ දක්වා ඇති පිරිවිතරයන් සපුරාලීම සඳහා ඔවුන්ගේ සාමාජිකයින් නිරීක්ෂණය කිරීම සඳහා අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමයි. "Ceylon Cinnamon" නමින් යුරෝපා කලාපයට (EU) ලංකා කුරුඳු අපනයනය කිරීම සඳහා කුරුඳු සැපයුම් දාමයේ සහභාගිවන්නන් ලංකා කුරුඳු ආරක්ෂිත භූගෝලීය දර්ශක සංගමය (ACCPGI) හි ලියාපදිංචි වීම/සාමාජිකත්වය ලබා ගැනීම අවශ්‍ය වේ. ලංකාවේ කුරුඳු කර්මාන්තයට අනුබද්ධිත ඕනෑම අයෙකුට මෙම සංගමයේ සාමාජිකත්වය ලබා ගත හැකි අතර වගාකරුවන්, සැකසුම්කරුවන්, අලෙවිකරුවන් හා අපනයනකරුවන් ඇතුළු සැපයුම් දාමයේ සියලු නියෝජිතයන්ට ප්‍රදේශීය සංගම් හරහා ප්‍රධාන සංගමයට අනුබද්ධ වීමට පහසුකම් සලසා ඇත.

යුරෝපා කොමිසම විසින් ශ්‍රී ලංකා කුරුඳු (Ceylon Cinnamon) සඳහා ශ්‍රී ලංකාවට GI තත්ත්වය ලබා දීම අවහිර කිරීමට තරඟකාරී රටවල් විසින් බොහෝ විරෝධතා මතු කරන ලද නමුත්, ඉහත සඳහන් කළ පාර්ශ්වකරුවන්ගේ සහයෝගය සහ දිරිගැන්වීම ඇතිව අපනයන සංවර්ධන මණ්ඩලය මෙම සුවිශේෂී ජයග්‍රහණය සාක්ෂාත් කරගන්නා ලදී. 

සුළු අපනයන බෝගයක සිට ප්‍රධාන වාණිජ වැවිලි බෝගයක් දක්වා කුරුඳු ඉහළ නැංවීම සහ නිෂ්පාදනය, ගුණාත්මකභාවය සහ අපනයන ඉහළ නැංවීම සඳහා 2023 සැප්තැම්බර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. 2025  වර්ෂය තුළ දී කුරුඳු අපනයන මගින් ශ්‍රී ලංකාව ඇ. ඩොලර් මිලියන 250 ආදායමක් උපයා ඇති අතර, භූගෝලීය දර්ශකය ලබා ගැනීම තුලින් 2030 පමණ වන විට ඇ. ඩොලර් බිලියනයක  අපනයන කර්මාන්තයක් දක්වා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ අගය එකතු කිරිමේ නිශ්පාදන වැඩි දියුණු කිරීමේ අභිලාෂයෙන් ශ්‍රී ලාංකීය තේ, ගම්මිරිස්, කිතුල්, අන්නාසි, තැඹිලි, නිල් මැණික්, දුම්බර පැදුරු වැනි අපනයන ඉල්ලුමක් සහිත අපනයන නිශ්පාදන සදහා ඉදිරියේදී ජාතික භූගෝලිය දර්ශක සන්නාමය පිරිනැමීමට කටයුතු කරමින් පවතී.

මෙම අවස්තාව සදහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා, ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ (NIPO) වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හිමාලි හෙට්ටිහේලගේ,  අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායන නිලධාරි මංගල විජේසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්  එරන්දික දිසානායක ඇතුළු පිරිස මෙම අවස්තාව සදහා එක් විය.

MostRead

වීඩියෝපුවත්

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 26, 2026 - 04:43 PM

Share Volume

89,325,102

Turnover

2,654,114,337.70

ASPI

21,244.91

-70.93-0.33%%
S&P SL20

6,050.18

-12.65-0.21%%